Saturday, May 21, 2011

ආදරේ බැටරියක් වගේ

අපි දෙන්න අළුත් බැටරියක් වගේ සක්‍රියයි ඉස්සර...

ඒ දවස්වල අපිට බොහොම දේවල් තිබුණා නොනවත්වාම කියවන්න.

ලොකු විභව අන්තරයක් තිබුණ අපි දෙන්න අතරෙ...

රෑ දෙගොඩහරියක් වෙනකල් ඉලෙක්ට්‍රෝන ගලපු ගැලිල්ල ගැන හිතද්දිත් පුදුමයි...

දැණුනෙවත් නැති ගානයි...

ඒත්...

තේරෙණවද...?

දැන් බැටරිය පරණ වෙලා... පුංචි බල්බ් එකක් පත්තුකරගන්නත් අපිට ලොකු වෙලාවක් යනව.

ඒක වුණේ අපි දෙන්නගෙම අවිඥානය ඇතුලේ.

කාලයක් තිස්සේ ජීවිතේ අපිව එතනට ගෙනත්...

නැත්තං අපි ඉටිපන්දම් වලින් සැනසෙන්න පුරුදු වෙලාද මන්දා...

අපි ඔය ඉටිපන්දම් වලටත් ලේසියෙන්ම හුරුවෙන්න ඉඩ තියෙනවා.

ඒත් ඒක එහෙම වෙන එකනම් හොඳ නෑ...

අන්තිමේ කළුවර ඉතිරි වෙලා අනිත් හැමදේම නැති වෙයි.

මොකද ඔයා කියන්නේ...?

අපි රිචාජ් කරන්න පුළුවන් බැටරියක් දාගමුද?


-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

10 comments:

  1. කියල වැඩක් නැහැ නියම කතාව :)

    ReplyDelete
  2. හැමදා මනා නඩත්තුවෙන් සුරැකෙන වඩ වඩාත් ශක්තිමත් වෙන ප්‍රබවයකි (it is not a maintenance free source).

    ReplyDelete
  3. සිරා කතාව...
    දෙන්න අතරෙ තියන විභව අන්තරේ අඩු උනාම ඉලෙක්ටෝන ගලනව අඩුයි ...

    ReplyDelete
  4. හ්ම්ම්ම් ඒකනම් හොද අදහසක්... ජය...

    ReplyDelete
  5. සූර්ය පැනලයක් හයි කර ගන්න

    ReplyDelete
  6. හික් හික්.. ඔක තමයි අපි මුලින්ම කිව්වෙ.. බැටරි චාර්ජ් කරගෙන බලුප පත්තු කරන්න ගියොත් දත් නැතුව ඉන්න වෙන්නෙ. :D:D

    ReplyDelete
  7. ආදරේ ඉලෙක්ට්‍රොනිකයි!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...