Friday, May 20, 2011

වචන වැඩියිලු....

ආදරනීය වස්තු,

මීට සතියකට විතර කලින් මම පලවෙනි පාරට 100ට ලියන්න ගත්තා. අපි දෙන්නගේ ආදරේ ගැන ලියලා ලියන හැම ලිපියක්ම පටන් ගන්නවා කියලයි මම හිතන් ඉදියේ. ඉතින් මම ලිව්වා. අපේ ආදරය ගැන. ඔයා මට ආදරේ කරපු එක ගැන..

අද උදේ පාන්දරම බලනකොට 100න් email එකක්. හිත ගොඩක් සතුටින් පිරිලා ගියා. හනි හනිකට email එක මම කියෙව්වේ වෙනදටත් නැති ඕනෑ කමකින්..

ඔබගේ ලිපියේ වචන ප්‍රමාණය සියයකට වඩා වැඩි බව සියක් ගණනයෙන් ප්‍රකාශ විය. එම නිසා කණගාටුවෙන් උවද ලිපිය භාර ගත නොහැක. හැකි නම් නිර්මාණය වචන 100කට ගොනුකර නැවත එවන්න.

සීය ගණින අපි

ඇත්ත,
කවදාවත් අපේ ආදරේ වචන 100කට ගොනු කරන්න බෑ.

ලියා එව්වේ - රත්ගමයා (http://sun-ge-lookaya.blogspot.com/)

20 comments:

  1. සිරා බන්............
    ඒක වචන 100 ට ගොනු කරන්න බෑ කවමදාවත්ම.............

    ReplyDelete
  2. එක නම් මරු..ඇත්තටම ලස්සන අදහසක් ..වෙනස්..හිතන්නේත් නැහැ...

    ReplyDelete
  3. සිරා බන්... මේකනම් පට්ට අයිඩියා එක....

    ReplyDelete
  4. ලියමුද ආදරය වෑහෙන පැණි නවකතාවක් ?

    ReplyDelete
  5. දෙවියනේ මටත් ඕකම උනා....
    මං 100 ට ලිවුවා...මට මේකේ අඩු කරන්න තැන් හිත ගන්න බෑ
    පුළුවන් නම් මං වෙනුවෙන් ඒක කරන්න කියලා....
    ඇත්තමයි....මගේ ආදරෙත් වචන 100 කට කොටු කර ගන්න මං වින්ද දුකක්..

    ReplyDelete
  6. ආදරයක් කෝමද බං වචන 100ක කොටු කරන්නේ?

    ReplyDelete
  7. Isuru Rangana Jr.
    කවදාවත් බෑ නේ.... :)
    --------------------------------------------------------
    නිම්ශා
    මොකක්ද වෙනස්...ලව් එකද...
    ---------------------------------------------------------------
    අනුරාධ
    අප්පටසිරි...හොදක් ඇහුවමයි ඔය කටින්...
    ----------------------------------------------------------------
    Observer
    බොද මීදුම්,මුතු කිරිල්ලි,පබා වගේ මෙගා එකක් ද?
    ----------------------------------------------------------------
    mhasantha
    කවදාවත් උත්සහ කොරන්න එපා

    ReplyDelete
  8. MaRLaN
    වචන 100ක් ඕනම නෑ...මෙහෙම කියහන් මම ඔයාට ගොඩා..ක් ආදරෙයි....ඒ හොදටම ඇති....

    ReplyDelete
  9. රත්ගමයා පැණිගමයා වූ කල....

    ReplyDelete
  10. මම මේකෙ පෝස්ට් කියෙව්වට අදයි දැනගත්තෙ වචන 100 කතාව.. :D
    කතාව ඇත්ත...

    ReplyDelete
  11. හ්ම්...ආදරේනම් වචන 100කට කොටු කරන්න බෑ.සහතික ඇත්ත.ආදරේ කරන්න මුලු ජීවිතේවත් මදි එකේ කොහොමද 100කට කෙටි කරන්නෙ.

    ReplyDelete
  12. ලස්සන අදහසක් මල්ලි

    ReplyDelete
  13. මම ඔයාට ආදරෙයි

    I love you

    ඒ තමයි දන්න කෙටියෙන් ආදරේ කියන විධිය. ඕන නම් වචන නැතිවත් ආදරේ ක්යන්න පුළුවන් එක බැල්මකින්. ඒ වුණාට පෝස්ට් එකකට ඒක සම්බන්ධ කරලා කතාව ගලපලා තියෙන විධිය උපරිමයි!

    ReplyDelete
  14. අනේ බොලගෙ වස්තුගෙ ආදරේ... ලොල්ය.. සීය ඉස්සරහින් එක කපල බින්දු දෙක මැද්දෙන් තිත් දෙකක් තියපන්...

    ReplyDelete
  15. අනේ අපේ රත්තාගේ වස්තු

    ReplyDelete
  16. නියම කතාව රත්ගමයෝ !!!!!

    ReplyDelete
  17. හැබැ නේන්නම්..!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...