Thursday, May 19, 2011

ඔහු සහ අප

ඔහු කියා දුන්නේ ගොඩ අඩු කරගැනීමටය.

අපි හැමදාම ගොඩ වැඩි කරගන්නේ කෙසේදැයි මාන බලන්නෙමු.

ඔහු සතුරන්ටද මෛත්‍රී කරන්නට ආදර්ශමත් විය.

අපි සතුරන් නසා ප්‍රීතියෙන් සමරන්නෙමු.

ඔහු නැවත ඉපදීම නැමැති මුදුන් පරාලය සින්දේය.

අපි පෙර ආත්මත් ඉදිරි ආත්මත් පටලවාගෙන මේ ආත්මයේ දුක් විඳින්නෙමු.

ඔහු පංච සීලය සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සරල ජීවිතයකට මගක් ලෙස විග්‍රහ කළේය.

අපි ඒවා කටපාඩම් කර උදේ සවස මෙනෙහි කරමින් ඉන් පරිබාහිර දේම කරමින් සිටින්නෙමු.

ඔහු අන් මතයන් ඉවසීය.

අපි ඔහුගේ නාමයෙන් අන්මත දරන්නන් සුන්නද්ධූලි කරන්නෙමු.

ඔහු සියල්ල නැසෙනසුළු බව ප්‍රත්‍යක්ෂ කළේය.

අපි එය කිසිදා නොපිළිගෙන රැකීම උදෙසාම රකිනා දෙය විනාශයට රැගෙන යන්නෙමු.

ලැයිස්තුවනම් තව බොහෝ දිගය.


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

9 comments:

  1. වැඩිමනක් විස්තර ඕනි නෑ නියමයි කිව්වාම ඇති!

    ReplyDelete
  2. අපි ඔලුව කියල අල්ලගෙන ඉන්නෙ වලිගෙන් .... :(

    ReplyDelete
  3. @ මලී - තැංකූ මලී අක්කි!

    ReplyDelete
  4. @ සහෝධරයා - ඒකනේ සහෝ අපට වැරදිලා තියෙන්නේ.

    ReplyDelete
  5. හෙ හේ... කටිටිය මේවට කමෙන්ට් දාන්න බයද නැත්තං මේව හිතල ඔළුව මඥ්ඥං කරගන්නවට වඩා පරණ එකම විශ්වාස කරගෙන ඉන්න එක හොඳයි කියල හිතලද දන්නෙ නෑ... මොනව වුණත් නියම පෝස්ට් එකක්... ලැයිස්තුව නම් දිගයි තමයි... මේන් මෙතන අඳුරන අයිය කෙනෙක් ඔය කතාවම කියල තියෙනව අනාදිමත් කාලෙකට කලින්...

    http://goo.gl/J7e2H

    ReplyDelete
  6. @ හරේ - තැක්න්ස් හරේ අය්යා. බියෝන්ඩ් ප්‍රේම් ලොක්කත් එල කතානෙ කියල තියෙන්නේ...

    ReplyDelete
  7. අම්මට හුඩු අරූ හදල දීපු ලොගෝ එක වැඩනේ...

    ReplyDelete
  8. ලැස්තුව දිග බව සැබෑය. කැටිකර දැක්වීම නියමය.. :)

    ReplyDelete
  9. @ හිම කුමාරි - එසේය කුමරිය. දිගට දාන්න ගියොත් 100ට එහා යන නිසා පොඩ්ඩයි දැම්මේ...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...