Tuesday, May 17, 2011

ටීවී එකෙන් එන්නෑලු!

සමුද්‍රා මේ පාර වෙසක් පෝයට පන්සලේ සිල් ගන්න හිතුවෙ කාලෙකින්. හැමදාම කාර්යාලෙ පීඩනයකින් පෙලෙන හිතට සිල් ගැනීමෙන් පොඩි සහනයක් ලැබෙයි කියලයි එයා හිතුවෙ.

මේ පාර සිල් වැඩසටහන ටීවී එකෙන් සජීවීව දෙනව කියල ආරංචියක් තිබුණා.

ඒක තමන්ට කරදරයක් වෙයි කියල හිතපු සමුද්‍රා සිල්ගන්න හිටපු සෙනග පීරගෙන ගිහින් බෝ මළුව කෙලවරක හෙවණක සුදු රෙද්ද එලාගත්ත.

හැම පෝයටම සිල් ගන්න ආච්චිල කණ්ඩායම තමයි ධර්මාසනය කිට්ටුවෙන්ම ඉඳගෙන හිටියෙ.

පන්සලේ පුංචි හාමුදුරුවො ඇවිත් කියපු දෙයක් නිසා ඒ ආච්චිල කලබල වුණා. කීප දෙනෙක්ම නැගිට්ටා.

මැගිලින් ආච්චිත් එතනින් නැගිටල කඩිමුචියෙ සමුද්‍රා කිට්ටුවට ආව.

“මේ මම හැමදාම සිල් ගන්න තැන. ඔයා ටිකක් එහාට වෙන්න දුව. ටීවී එකෙන් එන්නෑලු”

ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

10 comments:

  1. අනේ අම්මපා :D

    ReplyDelete
  2. එපා...............................
    එපා..............

    ReplyDelete
  3. පිස්සු හැදෙනවා ඇ............

    ReplyDelete
  4. මම පළවෙනි පාරටම මෙහෙම දකින්නේ මේ වසරෙදි. ඒකත් මම ලංකාවෙ ඉන්න නිසා. දන්සල්, පන්සල්, ආගමික කටයුතු වෙළෙඳ ‍ව්‍යාපාරයක් වෙලා කියලයි මටනම් පෙනුනේ. බුදුහාමුදුරුවො හිටියනම් "අඩෝ උඹලට මම කියපු එකම දෙයක්වත් හරියට කරගන්න බෑ" කියල කණෙන් අදියි අපේ. ඇත්තටම බෞද්ධයො කී දෙනෙක් ඉන්නවද අද?

    ReplyDelete
  5. ''''රුප රාමු කරනලද සිල්''''

    ReplyDelete
  6. Il mondo di una povera pazza වෙත: මෙවනකොට ලංකාව ඇතුලේ මේ තමා හරි බෞද්ධ කම කියලා පෙන්නන්න බෑ හරියට ම point කරලා.., ඒත් බෞද්ධ කම තමන්ගේ හිතේ තියාගෙන ඒ අනුව නිහඬව ජීවත් වෙන අය තවමත් අපේ වමේ ඉන්නවා. ඒත් ගොඩක් අය මේ කතාවේ ඉන්න ආච්චිලා සෙට් එක වගේ බොරු ආටෝපෙටයි, ගම ඇතුලේ කැරකෙන අලුත්ම gossip update එක ගන්නයි තමා සිල් ගන්න කියලා එන්නේ..! ආන්න ඒ අයගේ නම් පිටට පේන්න පෙරෙන තරමට බෞද්ධ කම තියෙනවා.., ඒත් හිත..???

    ReplyDelete
  7. සාදු සාදු සා......

    ReplyDelete
  8. lishan: ape wama kiwwe?

    ReplyDelete
  9. Madhawa: සමාවෙන්න.., පොඩි අකුරු වැරදීමක්.., වම නොවේ ගම ලෙස නිවැරදි විය යුතු..!

    ReplyDelete
  10. මට දැණෙන විධියට නම් බෞද්ධකම කියන්නෙ සිල්රැකීමවත්, වතාවත් කිරීමවත් නෙවෙයි. ඒක ජීවන විලාසයක්. ජීවත් වෙන ක්‍රමයක්. ඒ ක්‍රමය තුලයි බුදු දහමේ අවසන් අරමුණ වෙන නිර්වාණය පිහිටන්නේ. ඒ කියන්නෙ නිවන කියන එක හොයන්න කැලෑවදින්න හෝ බුදුන් වඳින්න හෝ උවමනායි කියන එක නෙවෙයි. ඔය බ්ලොග්කාරයගෙ සටහනේ තියෙනව වගේ සරලව චතුර් ආර්ය සත්‍යය තේරුම්ගන්න උත්සාහ කිරීම සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව ජීවත් වීම. හැබැයි මේව පොත් කියවන අයගෙන් අහල දැනගන්න ගියොත් පිස්සු හැදෙනවා. ඒ නිසා ටිකක් කියවල තමන්ම ඉතිරිය හොයාගන්න තමයි ට්‍රයි කරන්න ඕන. ඒ උත්සාහයෙදි තමන් නොදැනිම නියම පාත් එකට එනවා...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...