Thursday, February 3, 2011

රතු කට්ට..

හත... අට.. නවය..
මම අන්ධකාරෙ ඇස් ඇරගෙන, තත්පර ගණිමින්, ඈට සවන් දෙන වගත් හඟවමින්.
ඈම මට අරන් දුන්නු ඔරලෝසුව. මගේ ඇ‍‍‍‍‍ඳ ගාව බිත්තියේ එල්ලපු...
ළඟදි ඉදල ඒකෙ තත්පර කටුව දුවන සද්දෙ මට ඇහෙන්න පටන් අරගෙන... දුරකථනයෙන් එන ඇ‍ගේ කටහඬත් මකාගෙන.
විසි එක.. විසි දෙක... විසි තුන....
ඇය දවසේ සිදුවීම් ගැන දොඩවනව.
උදේ අම්ම බැන්නලු. බස් එක කැඩිල අද ගෙදර එද්දිත් රෑ උනාලු.
තිස් අට.. තිස් නවය.. හතලිහ....
මම ඈට හූමිටි තියමින්ම තත්පර ගණිනව. 
හැමදාම දහස් ගණනක් ගැන්නත් එකම වටයකම දුවන තත්පර.
පණස් පහ... පණස් හය...
“ශානි”
පණස් අට වෙනි තත්පරේදි මම ඈව ඇමතුව.
“ම්ම්..”
“අපි මේ සම්බන්ධෙ නතර කරමු.”
 ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com)

6 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......අවසානය නම් ....:(:(:(:(

    ReplyDelete
  2. හි හී... මේක කියවගෙන අන්තිමට එද්දි මගේ කට කොණේ හිනාවක් ඇඳුනෙ මොකද කියල මම දන්නෙ නෑ... සමහර වෙලාවට සම්බන්ධෙ නතර කරන කෑල්ල කොහොම වෙතත් උන්දෙල කතා කරද්දි තත්පර කට්ටෙ සද්දෙ වැඩියෙන් ඇහෙනව තමයි :D

    ReplyDelete
  3. ඔය පොඩි කට්ටෙ සද්දෙ ඇහෙන්නෙ තත්පරේට ගෙවන සම්බන්දෙ නිසා... මොකටද ඔය තප්පර වලට හිරවෙලා ඉන්න... ගනින් බන් විනාඩියට ගෙවන සම්බන්දයක් ; ) :P

    ReplyDelete
  4. hmmmmmmmm kollo ohommay

    ReplyDelete
  5. සම්බන්ධ නතර කරන අයට ඒ ව‍ගේම පුදුම හදිස්සියක් ති‍යෙනවා..තව සම්බන්ධයක් පටන් ගන්න ...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...