Sunday, January 16, 2011

පේනය..

"දේව මෑණියෝ, පේනයක් බලන්න කියලා ආවේ......."
"හොඳයි, අන්ජනම් අඳුන තියෙන කාමරයටම එන්න......"
"හොඳමයි...."
"අන්ජනම් දේවි පහනට වැඩලා ඉන්නෙ,  නැතිවෙච්ච දෙයක් වගේ පෙන්නන්නෙ......"
"එහෙමයි..."
"බොහෝම වටිනා දෙයක්, කවුරු හරි හොරකං කරල වගේ..."
"එහෙමයි..."
“අන්න දැන් හනුමා එනවා පැනගෙන..”
"එහෙමයි..."
“දැකලා පුරුදු පැත්තක තමා හනුමා කැරකෙන්නෙ....”
"එහෙමයි..."
“අන්න අන්න දැන් තාප්පයක් තියෙන ගේට්ටුවකින් ඇතුළු උනා...”
"එහෙමයි..."
“ඔන්න හනුමා දැන් ගේ එලිපත්තෙ ඉඳන් ගේ ඇතුල බලාගෙන ඉන්නවා.... ඇතුලට යන්නයි හදන්නෙ...”
"එහෙමයි... එහෙමයි....."
"අන්න අන්න, රිලවෙක් රිලවෙක්.. කොල්ලෝ... අල්ලපියෝ මෙන්න ගෙට රිලවෙක් ඇවිල්ලෝ......"
“දේව මෑණියෝ කොහෙද දුවන්නෙ....?”
“අපේ කොල්ලා අද දවල් ගෙනාපු පාන් ගෙඩිය මෙන්න රිලවෙක් අරගෙන යනවෝ...”
“මෑණියෝ, අපෙත් නැති උනේ පාන් ගෙඩියක්....!”

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

10 comments:

  1. හනුමෙක් හනුමෙක්..

    ReplyDelete
  2. ගනින් ඕකගෙ නැට්ටෙන් අල්ලලා. හොඳ පාඩමක් උගන්නන්න රාවණා‍ගේ පාන් ගෙඩිය ඉස්සුව වෙලාවෙ දුන්න දඬුවමම දුන්නනං හරි.

    ReplyDelete
  3. yakadoooo . .
    wechchi wade . ..
    mama hituwe "pol gediyak" kiyalaa . .
    hik hik

    ReplyDelete
  4. මේක ලිය උනේ පහු පහුගිය දවස්වල පාන් ගණන් ගිය කාලේ....දැන් ලියුවනන් ලියන්න වෙන්නෙ පොල් කියලා තමයි...! ඒකත් "මලබාරි පොල්" කියලා.

    ReplyDelete
  5. හපෝයි..............
    ඉස්සර පාං ගෙඩිය විතරයි....
    දැන් නම් පාං ගෙඩියයි පොල් ගෙඩියයි දෙකම පෙට්ටගමේ දාලා ආරස්සා කොරන්න වෙයි වගේ............... :D

    ReplyDelete
  6. හි හි... දැන් නම් හනුමට ‍පාන් පොල් ළූණු වගේ කන බොන ඒවත් උස්සන්න පුළුවන්. වැඩේ කියන්නෙ අයිෂ්චර්යා ලංකාවට ආවම අපට ඔය වගේ හොරකම් සෑහෙන්න අහන්න ලැබෙයි නේද? ඒ මදිවට පේන අහන සීන් එහෙමත් තියෙයි... හන්දියක දේවාලයක් දාගත්තනං ලේසියෙන් ගොඩයන්න තිබුණා...

    ReplyDelete
  7. ඇයි අයියේ ළූණු ත් මේකට දාන්න ඕනේ. අපේ ඉස්කෝලේ ටීච ලා දැන් ළූණු ගෙඩිය ලිපට උඩින් එල්ලලා ලු තියෙන්නෙ. එතකොට හැම කෑමක්ම උඩින් ළූණු වැටිලනෙ තියෙන්නේ :)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...