Friday, January 14, 2011

විප්පයෝගෝ දුක්ඛෝ...

එදා මහ මූසල දවසක්. මන්දාරම් අඳුර කපාගෙන හිරිපොදත් වැටෙන්න අරගෙනයි තිබුනෙ. ඒ ගොම්මනේම 'ගේට්ටුව වහල එන්නම්' කියල එලියට බැස්ස අම්මා එනකම් බලාන උන්න මට නිකමට වගේ අප්පච්චි දිහා බැලුන.

අප්පච්චිගෙ මූණෙ තිබ්බ හැඟීම මේකයි කියල හරියටම කියන්න බැරිවුණත් මම කවුද කියලා හිතාගන්නත් බැරිවිදිහට උන්ගේ ශක්තිය හීන වෙලා කියල මට දැනුන.

"...මයෙ ජීවිතේට උඹවහන්සේලාගෙන් මුකුත්ම ඉල්ලල නැහැ කියල උඹවහන්සේල දන්නවා..... එකම එක වතාවක් මං කියන දේ අහල මට මගේ පවුලෙ සතුට ආයිමත් දෙන්න... මං කාටවත් දුකක් දෙන්නෙ නැතුව ඉන්නම්... උඹවහන්සේලා කියන ඕනම දෙයක් කරන්නම්... අනේ මට මගේ අප්පච්චිව ඕනේ..." මම දෙවියන් යැද්දා.
එදා රෑ එකකුත් ගානට අප්පච්චි නැතිවුණා. වැස්ස විතරක් නැවතුනා.

ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )

7 comments:

  1. සංවේදී සටහනක්. අපි හැමදෙනාටම ජීවිතයේ කවදා හරි මුහුණ දෙන්න වෙන යතාර්ථයක්.

    ReplyDelete
  2. "රෑ එකකුත් ගානට අප්පච්චි නැතිවුණා."
    මමත් එදා හෑම දෙවියෙක්ගෙන්ම ඉල්ලුව අප්පච්චිව බේරල දෙන්න කියලා.ඒත් ඒ ගමන යන එක මොන දෙවියෙකුටවත් නවත්තන්න බෑරිඋනා.ඒ මීට අවුරුදු 8 කට කලින්.
    ජීවිතේ හෑටි ඔහොම තමයි.

    ReplyDelete
  3. සංවේදී රචනයක්..
    අපිට මොකක් හරි නැති වෙන්න යනකොට ඇතිවෙන හැඟීම ඕය වගේ හරිම සංකීර්ණයි..දහසකුත් එකක් සිතුවිලි ගලාගෙන එනවා හිතට ඉවරයක් නැතුව...ඒ වගේම ඒ දෙය නැවත ලබා ගන්න ඕනෑම දෙයක් කරන්න අපි සූදානම්....
    "උඹවහන්සේලා කියන ඕනම දෙයක් කරන්නම්.."

    /*ඔන්න බූටත් හා හා පුරා කියලා මේ බ්ලොගියේ කොමෙන්ටුවක් දැම්මා....බූටාගේ ලියමනකුත් ඉදිරියේදී පලවෙයි වගේ... */

    ReplyDelete
  4. හි හි.. මම මේ අත්දැකීම ලබල තාම මාස එකහමාරක් වුණා විතරයි... ඒ වෙලාවෙ දැණුන හැඟීම ලියන්න මම තාම අසාර්ථක උත්සාහයක ඉන්නේ...

    ReplyDelete
  5. හපොයි මේක මාව ඇඩෙව්වා..... මමත් ඔහොම ඉල්ලුව දවසෙ මට මගේ තාත්තා නැති උනා...........................

    ReplyDelete
  6. h සහෝදරයා, ඒ දැනුන දේ ලියන්න මට මේ සටහන පලවෙච්ච දිනවෙනකොට ගත වෙලා තියෙන කාලය අවුරුදු 4 කුත් දින 9යක්. ඒත් තාමත් හරියට හිත කියන දේ කියා ගන්න පොඩ්ඩක් විතර අමාරුයි. මොකද සිතුවිලි වචන කරන්න තියෙන නොහැකියාවට වඩා හිතනකොට දැනෙන ඒ වේදනාව දරුණු හින්දා.. මොනව උනත් ඔය මරණය කියන ධර්මතාවය අපි හැමෝටම පොදුයි. ඒකට හැම බලවේගයක්ම යටයි කියන එක ඉර හඳ වගේම බොරු කියල කියන්න බැරි සත්‍යයක්. කවුරු කොහොම අපිව අතහැරල ගියත් අපේ ජීවිත රියසක වගේ ඔහේ කැරකෙනවා. නවාතැනක් හම්බුනා නැතා කාලෙත් එක්ක අපෙ ගමනත් නැවතේවි. ඊට පස්සෙ ආයිත් පටන් ගනීවි. ඕක තමයි අර කියන යථාර්තෙ.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...