Friday, January 7, 2011

මම සමනලියක්

"ඔයා ගොඩක් ලස්සනයි.....!"

"ම්හ්...."

"ඔයා කවුද...?"

"මම සමනලියක්......?"

"ඒක නම් ඇත්ත... ඔයා සමනලියක් තමයි.... හරිම ලස්සනයි"

"ම්හ්...."

"මම බඹරෙක්....."

"ම්හ්..."

"ඔයා බඹරුන්ට ආස නැද්ද....?"

"නෑහ්.... ඇයි මම බඹරුන්ට ආස වෙන්නෙ...?"

"ඇයි බැරි...?"

"මම මලක් නෙමෙයි, මම සමනලියක්..."

"එහෙනම් මම සමනලයෙක් වෙන්නම්.... ඔයා කැමතිද..?

"නෑහ්... ඔයා බඹරෙක් විදිහට ඉන්න... ගොඩක් මල් කැමති බඹරුන්ට..."

"සමනලියෝ බඹරුන්ට ආදරේ කරන්නෙ නැද්ද.....?

"නෑ... සමනල්ලු ආදරේ මල් වලට..... බඹරුන්ට ආදරේ කරන්න බැහැ..."

"ඔව්, මම මල් වල පැණි උරනවා තමයි.. ඒ උනාට ඔයා වගේ ලස්සන සමනලියන්ටත් මම ආසයි..."

"ඔයා වගෙම මම කරන්නෙත් මල් වල පැණි උරන එක, මම කැමති ඒකට..."

"ඒක සම්මතයද අසම්මතයද..?"

"මම දන්නෙ නෑ ඒක..."


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

8 comments:

  1. සම්මතයට පිටින් යන අදහස් දැක්වීමක්...

    ReplyDelete
  2. මලින් පැණි බොන බඹරෙකුගේ හා සමනලියකයේ හමුවීමක්.. මට මේක කියවලා ඉවරවෙද්දී හිතුනා. ඔය සමනලියයි බඹරායි දෙන්නාම එකම මලකින් පැණි බොන්නට ගියොත් මොකක් වෙයිද කියලා...

    ReplyDelete
  3. මේ සිතැඟිය මාගේ මිතුරෙක් විසින් අත්දකිනා ලද සත්‍ය සිද්ධියක් නිමිති කරගෙන නිර්මාණය වූවක්.

    ReplyDelete
  4. "ඒක සම්මතයද අසම්මතයද..?"
    "නෑ , ඒක අසම්මතයේ සම්මතය. "

    ReplyDelete
  5. පැති කීපෙකින්ම කියවන්න පුළුවන් නිර්මාණයක්... සමනලයයි මලයි ගැන කතාවෙදි ඒක සිම්පල් වුණාට සමනලියක් එක්ක මලක කතාව ටිකක් වෙනස්... ඒ මැද්දට බඹරෙකුත් ආවම වැඩේ තවත් ආතල්...

    සුපිරි මචෝ.....

    ReplyDelete
  6. "ඒක සම්මතයද? අසම්මතයද?"

    "ඔයාට, මුලු ලෝකෙටම ඒක අසම්මතය , මට සම්මතය,"

    ReplyDelete
  7. සම්මතයේ සමනලියකට පෙම් බැඳි අසම්මතයේ බඹරකුගේ කථාවක්... ;)

    ReplyDelete
  8. monada ayya meke theruma?

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...