Sunday, January 2, 2011

දෙදහස් එකොළහ ගෙවන්න පෙර.

ඊයේ අළුත් අවුරුදු....හැම රටකටම අලුත් අවුරුදු..පරණ මිනිස්සු හැමෝගේම ආසාව අළුත් වෙන්න.. අලුත් නොවුණත් අලුත්කමක් පෙන්නන්න. ඊයේ රාත්‍රියෙ පුපුරපු රතිඥ්ඥා හඬ අලුත් අවුරුද්දක් ලබන සතුට වෙනුවෙන් කළ සද්ද පූජාවක් කියලා කෙනෙකුට හිතෙයි... හැම රටකම මේ දේවල් තියෙනවා.. සමහර රටවල් මල්වෙඩි වලින් පැය ගනන් සංදර්ශණ තියනවා... මොහොතක ලස්සනක් හා සතුටක් වෙනුවෙන් මහා විශාල මුදල් කන්දරාවක් වියදම් කරනවා....

ඇමරිකාව, සිංගප්පූරුව ,මැලේසියාව,ඕස්ට්‍රේලියාව වගේ රටවල් ඊයේ රෑ පුච්චපු සල්ලි වලින් ඉතියෝපියාවට සෝමාලියාවට දවස් කීයක් කන්න පුළුවන්ද?

අපි හවස හයේ විතර ඉඳන් පුපුරවපු රතිඥ්ඥා වලින්... අපේ රටේ පවුල් කීයකගෙ බඩගින්න නිවන්න පුළුවන්ද?

මේක අතිසරළ කාරණයක්...මෙන්න අළුත් අවුරුද්දෙ අලුතින් හිතන්න පුළුවන් point එකක්...

ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

7 comments:

  1. ඔයාගේ අදහස රත්තරං වටිනවා උනාට ඕක ක්‍රියාත්මක කරන්න ගියාම ලොකු අවුලක් එනවා කියලයි මට හිතෙන්නේ.
    ඉස්සර රටේ ලෝකේ තියෙන සැමරුම් ඔක්කොම සමරන්න බලාගෙන හිටපු මම අන්තිම කාලේ වෙද්දි මගේ උපන් දිනයක් 31 රෑ වගේ දේවල් නතර කරලා ඒ වියදම් කරන සල්ලි ඔය වගේ අනිත් අය වෙනුවෙන් වියදම් කරන්න ගත්තට ඒ අය ඒකේ වටිනාකමක් දැක්කද මන්දා. මට නම් අන්තිමට හිතුනේ මගේ සල්ලි වලින් අඩුම තරමේ මමවත් විනෝද උනා නම් ඇති කියලයි.
    මේ ඊයේ පෙරේදා යමෙක් එක්ක මේ වගේ දෙයක් කතා කරාම මම හිතා ගත්තා අපි මේ වගේ හිතන්න පුරුදු වෙලා හිටියාට බොහෝ අය එහෙම හිතන අපි දිහා උනත් බලන්නේ අමුතු විදියකට කියලා. කොටින්ම තමන්ට පුලුවන් නම් කරලා නැත්නම් කට වහගෙන ඉන්න එක හොඳයි කියලායි මට නම් අන්තිමට හිතුනේ...

    ReplyDelete
  2. සහතික ඇත්ත. දියුණු වෙමින් තියන රටක් හැටියට අපේ රටෙත් සෑහෙන නාස්තිකාර වැඩ තියනවා. ඒ මුදල් ඉතිරිකරගන්න පුලුවන්නම් මීට වඩා සීග්‍ර දියුණුවකට අපිට යන්න පුලුවන්...

    ReplyDelete
  3. ඕක ඔහොම කියන්නත් පුළුවන්.. ඒත් ඕක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? කියන අය තමන්ගේ අමතර වියදම් සියල්ල නතර කරලා සමාජ සේවය වෙනුවෙන් කැපවෙන්න කියලා නම් ඔය කියන්නේ ඒක හරියන්නේ නෑ. සහ ඒක විකාරයක් එහෙනම් ඔය සමාජ සේවකයෝ අනුන්ට උදව් කරනවා කියලා කියන මිනිස්සුත් බොන එක ආතල් දාන එක නවත්තලා අනුන් වෙනුවෙන් කැපවෙන්න ඕනි.. අපි යථාර්තයට මුහුණ දීලා වැඩේ කෙරෙන විදිහට වැ‍ඩේ කරන එකයි වෙන්න ඕනි..

    ReplyDelete
  4. මටත් කියන්න තියෙන්නෙ පොවෙරා පාසා ලොකු අක්කයි ආගන්ජර් අය්යයි කියපු දේවල් වගේ එව්වම තමයි. එහෙම වියදම් අවම කරනවනම් අවම කරන්න පුළුවන් ඔයිට වඩා සෑහෙන්න අවස්ථා තියෙනවා. එහෙම අවම කරානම් ලෝකෙ කිසිම රටක් වෙනත් රටකට ණය වෙන්න ඕන තත්ත්වයක් උදා වෙන එකකුත් නෑ කියලයි මට හිතෙන්නේ. නමුත් මේ ඇති නැති පරතරය කියන එක නැති වෙන එකක් නොවෙන බව තමයි පේන්න තියෙන්නේ. දැනට ලෝකයේ ජනප්‍රිය අර්ථ ක්‍රමයන් පවතින්නෙ මේ පරතරය උඩ. ඒ නිසා තව අවුරුදු ගාණක් යනකල් ‍80% වෙන දුප්පතුන්ට ලෝකයේ ආදායමෙන් 20%ක් සහ 20%ක් වෙන පෝසතුන්ට ආදායමෙන් 80% විධියට බෙදෙයි.

    නමුත් ඔය අදහස් නැති කරගන්න එපා... මේ අර්ථක්‍රම පුපුරල යන දවසක මිනිස්සුන්ට විකල්පයක් වෙන්නෙ ඔය අදහස්. ඒ නිසා හැකි හැම තැනකම විමසලා බලල ඕව වපුරන්න... පරෙස්සමින්... පිස්සෙක් විධියට හංවඩුගැහෙන්න පුළුවන් නිසා අදහස් වලට සවන්දෙන අය ගැන මුලින් දැනගෙන ඉන්න...

    ජය!

    ReplyDelete
  5. Nerangi naga me bana kiyanne nathuwa oya pawul prashnayak hari pem palahilawwak hari liwwanam comments thiyei nosehenna. rate hati thamai oya.

    ReplyDelete
  6. අපේ මිනිස්සුන්ගේ මනුස්සකමට තිබුනු සංවේදීතාවය ඉස්සරට වඩා අඩු වෙලා . . .

    සමහර විට මනුස්සකමට සංවේදී වෙන එක දේශ්ශෝහියෙක් වගේ හංවඩු ගැහෙන්නත් හේතුවක් වෙන්න පුලුවන් නිසා

    ඉතිං මිනිස්සු (මමත් ඇතුලුව) ඉන්න ටිකේ ඉමු සොමිය දමාලා කියලා ඉන්න හිතනවා . . එච්චරයි

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...