Saturday, January 1, 2011

අලුත්ම අලුත් අලුත් අවුරුද්දක්!

අද අපට අලුත් දවසක්... අලුත් අවුරුද්දක්!

අද ඉඳන් අපි දවස මොකක්ද කියල බලන්නෙ අලුත් කැලැන්ඩරේකින්.

ඒ එක්කම උදාවුණ අලුත් අවුරුද්ද ඉතිහාසෙ ඉඳන් අලුත් අවුරුද්දටය කියල කරපු කියපු හැමදේකින්ම ආයෙමත් පුරවන පරණම පරණ අලුත් අවුරුද්දක්ද කියන එක හිතන්න සිද්ධ වෙන අවුරුද්දක්.

ඔබට මතකද පසුගිය අවුරුද්දෙ ඇරඹුමේදි ඔබ කරන්න හිතපු, ප්‍රාර්ථනා කරපු දේවල්?

නැත්තං ඒ ප්‍රාර්ථනා පසුගිය අවුරුද්දෙ ජනවාරි මාසෙ මැදක් වෙද්දි අමතක වෙලා ගියාද?

එහෙම නොවී මේ අවුරුද්දෙ හැබෑවටම අලුත් වෙමුද?

අලුත් වෙන්න අවුරුදු ගණන් නොහිටපු සීයේ කතාකාරයො පණහකට වැඩිගාණක් පරණ අවුරුද්දෙ මේ පුංචි සියයේ බලාපොරොත්තුව අලුත් කලා...

උදාවුණ අවුරුද්දත් අභියෝගයක්!

සූදානම් වෙමු ඒ නොදත් අභියෝගයට!

ඔබට අලුත්ම අලුත් අලුත් අවුරුද්දක්!

4 comments:

  1. අපි ලියන එවුන් සීයක් එක තැනකට ගේමු... වචන සීය ගානේ ලියපු සිය දෙනෙක්.. හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  2. ඒ පිපෙන මල් මියෙන
    හෙට දවස
    අද වගේමැයි...
    නිසල නිලඹර සැලූ
    සුළඟින් උපන් හුස්මත් දවා..

    දැන් ආවඩා කීවත්
    සුපෙම් බස්
    උඹ තමයි බං
    මොන යකා ආවත්
    ඉතින් අලුගසා දාපන්
    හොඳින් ඔය ජීවිතේ
    දළු දාන හැටි බලං සිහිනයේ...

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  4. සුභම් සුභ අලුත් අවුරුද්දක් වේවා............
    http://nadeesh22.blogspot.com/2010/12/blog-post_31.html

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...