අවුරුද්දට විතරමනෙ මුන්ට අලුත් වෙන්න හිතෙන්නෙ...
තුන්සිය හැට හතර දවසක් මේක පෙරේත විමානෙ වගේ තිබ්බෙ...
කාටවත් කරදරයක් නැතුව අහිංසක විදියට බිත්ති කොනක මදැයි මමත් දැලක් අටෝගත්තා...
සීලිමක්වත් නැති වහල යට හිරිකඩත් වැදි වැදි හිටියට මොකද කාගෙන්වත් කරදරයක් නැතුව ඉන්න පුලුවං අගේ ඇති තැන...
සුමානෙකට සැරයක්වත් ගෙදර අතුගාන්නෙ නැති එවුන් අරගෙන ආවෙ නැතැයි කැප්පෙට්ටිය කොල අත්තක් බැඳගෙන ඉපලක්...
මගේ දුප්පත් ගෙදර කඩා දැම්මම තමයි උඹලටත් ගෙවල් අලුත් වෙන්නෙ...
උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕන...
දැන් අගේට TV එක වට කරගෙන 31st night බයිස්කෝප් බලන අපූරුව...
මං ඉතිං මැරීගෙන ආයෙත් බැඳපංකො මගේ දැල... හෙට එළිවෙන්ට කලියෙන්..
මටයි කියලත් ඉතිං අවුරුද්දක් තියෙන්නෙ එපැයි...
ලියා එව්වේ - ආගන්තුක සගයා (http://kanimadala.blogspot.com/)
Monday, January 31, 2011
Sunday, January 30, 2011
පිං නං එපා... චොකලට් එකක්?
පියසීලි නෝන ඔෆීසියෙ පරණ ලිපිකාරියක්!. තමන්ට අවාසි තැන්වලදි බබා වගේ ඉන්නව. වාසි තැන් වලදි කටගහගෙන යනව. හැමෝගෙම කුණු හොයන අතරෙ නොමිලේම බෙදාහරිනව.
ඔෆිස් එකේ පොදු වැඩකදි පේන්නවත් නෑ...
සතයක් වියදං කරන්න ලෝබයි. අනිත් අයගෙ වියදං වලින් යැපෙන්න පුදුම කෑදරයි.
“ආනේ සමරෙ මල්ලි ගොඩක් පිං හොඳේ...”
“පිං!? හරි ලේසියිනේ පිං දීල මාරුවෙන්ඩ! අතින් යනවයැ...? හුහ්! හවසට මට චොකලට් එකක් ඕන...”
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)
ඔෆිස් එකේ පොදු වැඩකදි පේන්නවත් නෑ...
සතයක් වියදං කරන්න ලෝබයි. අනිත් අයගෙ වියදං වලින් යැපෙන්න පුදුම කෑදරයි.
හැබැයි පිං දහම් වලටනං පැනල එනව.
උන්දැ ලෝබ නැත්තෙ පිං දෙන්න විතරයි.
“ආනේ ගොඩාක් පිං හොඳේ...” කියල ඇදල පැදල තැටිය දාල තමන්ගෙ වැඩේ කරන් මාරු වෙනව.
දවසක් සමරෙට කියල ලියුමක් ටයිප් කරගෙන...
“ආනේ සමරෙ මල්ලි ගොඩක් පිං හොඳේ...”
සමරෙට එව්ව හරියන්නෙ නෑ...
“පිං!? හරි ලේසියිනේ පිං දීල මාරුවෙන්ඩ! අතින් යනවයැ...? හුහ්! හවසට මට චොකලට් එකක් ඕන...”
එදා දවසෙම නෝන පේන්න නෑ...
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)
Saturday, January 29, 2011
ආදරයේ වේදනාව....
හිමිදිරි පාන්දරම ඔලුවට පොල්ලකින් ගැහුවම තියෙන සනීපෙම ඇය මට අන්තිම පාරට කතා කරන කොට දැනුනේ මොන කරුමයකට ද කියලා හිතන්න කලින් මම බෝතලෙන් ෂොට් දෙකක් ගුඩුස් ගාලා දාගන්නකොට ම ඇස්දෙක අතර තිබ්බ හිඩැස මැද්දෙන් අතදාලා ඇදලා අරගෙන තොල් දෙක වේදනාවෙන් රතුවෙනකම්ම දුන්න හාදුව තව ඉස්සරහට පාවිච්චියට ගන්නවද කියලා හිතන කොටම මගේ ඉහ ඉද්දර පිහිටලා තියෙන නහර ඔක්කොම දඟලන්න ගන්න බව මට හිත පපුවට තට්ටුකර කරලා ඇන්ඩර්සන් අයියාගේ සුරංගනා කතාවල වීරය වගේ කියනකොටත් මම කල්පනාවට ගත්තේ මීට අවුරුදු පහකට කලියෙන් ආදරේ මොකද්ද කියලා ඉගෙන ගන්නත් කලියෙන් ආදරේ අඳුණගන්නත් ඉස්සර අපේ ආදරේ කරදරයකියි හිතපු ඒවැයේ ආදිනව තමා මාව බේබද්දෙක් කල එක ගැන.
Friday, January 28, 2011
එතෙර වනු පිණිස...
ගිජ්ජකූඨ පර්වතේ හූරං එන හුළඟටවත් කවදාවත්ම මගේ හිතේ ගිනි නිවන්න බෑ.. අඩුම තරමේ නේරංජනා නදියේ දවසක් ගිල්ලල තිබ්බත්.. සත්තයි.. මේ දුක් වේදනා බින්දකින් හේදිලා යන එකක් නෑ ඕං...
අරහෙ අප්පච්චි පණ අදිනවලු... අම්මැයි කියල මොනවයින් කරන්නද?..
වියන පොල් අත්තෙන් ලබන සොච්චමට මහමෙරක් කරන්න බැරි හින්දනේන්නම් ලොකු නංගි ඉස්කෝලෙ ගමන නවත්තල ගාමන්ට් එකේ වැඩට ගියේ.. ඒකිගෙ කලවයසත් රෙදිවලටයි ජුකී මැෂින්වලටයි යටවෙල ඔහේ ගෙවිල යනවා. මයෙ දෑතෙ හයි හත්තිය මේ වැලි පොලවේ ඉරි රටා වලටම සින්න වෙලා. මම විතරක් එතෙර වෙන්නෙ කොහොමද දෙයියනේ වදපු උන් දුක් විඳිනවා බලාගෙන.
ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

"...පින්වත්නි...., පංචසීලය සමාදන්වීමට නමස්කාරය කියන්න...."අජාසත්තයි මගෙයි තියෙන එකම වෙනස මේ චීවරේද?.. මයෙ බුදුහාමුදුරුවනේ..!!
ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)
Thursday, January 27, 2011
මදුලාගේ කතාව!
මදූරි ආපහු කොලනියට එන්න හොඳටම වෙලා...
මදුර ඒ ගැන කල්පනාවක....
ඉවසන්න බැරිම තැන මදුර නැගිටලා මදුරි ඊයෙ ගිය ගෙදර පැත්තට ගියා.
නයිට් ෂිෆ්ට් එකේ මදුරි ගෙවල් අස්සෙ රිංගන්නෙ දරුවො හදාගන්න පෝෂණේ හොයන්න.
ජීවත්වෙන්න ඉතිරි වෙලා තියෙන ටික කාලෙ ඇතුලත දරු පැටව් ටිකක් හදල ලෝකෙට යුතුකම් ඉෂ්ඨ කරන්න එපැයි...
නපුරු මූණක් තිබුණ කෙල්ලක් ගාවට ගිහින් මදුර කරුණාවෙන් විමසුවා මදුරි ගැන! කෙල්ල බිත්තියට ඇඟිල්ල දික් කලා.
අන්තිමේ මදුරට මතක තිබුණෙ ලොකු අත්ලක රේඛා ටිකක්!
"චටාස්"

මදුරි බිත්තියේ තැලිල. හදවත බිඳිල සීසීකඩ...
මදුරට ආපු ආවේගෙට පිස්සු හැදුණා. ඔහු කෙල්ලගෙ අතින් උස්සලා පොලොවෙ ගහල සුන්නද්දූලි කරන්න හැදුවා...
මදුරට තමන් කවුද කියන එකත් අමතක වුණා...
අන්තිමේ මදුරට මතක තිබුණෙ ලොකු අත්ලක රේඛා ටිකක්!
"චටාස්"
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)
Wednesday, January 26, 2011
හතරවෙනි පදය, දුක සහ වසන්තය.
ඉඩෝරෙට පොද වැස්ස
රැගෙන එන තෙත සුලඟ
වගෙයි නුඹ මගෙ හිතට
තුන් පේළි කවිය ලියන් මං උන්නෙ කවද හරි උඹ ඕක සම්පූර්ණ කරයි කියල මුළු හිතිංම මම විශ්වාස හරපු හන්ද.
ඒත් අවුරුදු හතරක්ම යනකං මල් පාරවල් දිගේ ඇවිද්ද උඹට ඔය හතරවෙනි පේළිය පුරවන්න බැරි උණා. කරුමෙ කාගෙද කියන්න මං නොදත්තට මං උන්නෙ දුකෙං.
මල් මැළවිලා ගිහිල්ල කාලෙකට පස්සෙත් ඉස්සර පුරුද්දට වගේ දිගම දිග හෙවනැල්ලත් එක්ක ඇවිදිත්දිත් මං උන්නෙ දුකෙං.
මල් පාරට ආයෙමත් වසන්තය ඇවිල්ල වග මං දැක්කෙ ගොඩක්ම පරක්කු වෙලා හන්ද ඉක්මනටම වසන්තය අල්ලන්න දුවපු මට, ආපහු උඹ මුණගැහුනෙ අර හතරවෙනි පදයත් එක්කමයි ඒත් මං නොනැවතී දිව්ව වසන්තය අල්ලන්න දුකෙන්.
ලියා එව්වේ - නවම් (http://nawammawatha.wordpress.com/)

Tuesday, January 25, 2011
නමක් නැති ආදරයක්....
"මට ආයෙ කතා කරන්න එපා.."
"දෙයියනේ ඇයි මෙහෙම කරන්නෙ..?"
"ඒත් එයා පව්. මට බෑ තවත් එයාව රවට්ටන්න.."
"ඇයි මං පව් නැද්ද..?"
"මට සමාවෙන්න.."
"මේක හරිම අසාධාරණයි. මම විතරද විඳවන්නෙ..?"
"මාත් විඳවනවා. මට කරන්න දෙයක් නෑ.."
"අක්කෙ ඔයා එයාට කතා කරන්න එපා. මම කැමති නෑ ඔයා අපි අතරට එනවට.."
"මම අවුරුදු ගානක් තිස්සෙ එයාට ආදරේ කරනවා.."
"එයා ඔයාට ඉස්සර ආදරේ ඇති. ඒත් එයා දැන් ආදරේ මට.."
"මම කොහොමද එයාට ආදරේ නොකර ඉන්නෙ.."
"ඔයාට ඕනෙ නම් පැත්තක ඉඳන් ආදරේ කරන්න. අපි අතරට එන්න එපා.."
"ඇයි මාව මෙහෙම බාල්දු කරවන්නෙ.."
( නිශ්ශබ්දතාවය )
"මං ගැන කිසිම හැඟීමක් නැද්ද.."
( නිශ්ශබ්දතාවය )
"මං මැරෙන්නද දෙයියනේ.."
( දුරකථනය විසන්ධි විය )
ලියා එව්වේ - පිණිබිඳු (http://lakmisher.blogspot.com/)

Monday, January 24, 2011
නැවත උපන් යශෝදරා...
තබන තබන පය පියුමන් පිපෙනු ඇති
සිනහ නගන සොඳ මුව මල් සුවඳ ඇති
නිල් ඉඳුවර දෙනෙතත් මට අගේ ඇති
යශෝධරාවට මා හිත දැනෙනු ඇති
කළුවන් කෙස් කළඹ නිම් නැති සුළඟ වැදී
තාලෙට පැද්දේවි යස රස හැඟුම් දිදී
සිනිදු නළල සඳරැස් වැද දිදුලද්දී
මගේ දෙතොල් සිඹීවි රූ සඳ ලද්දී
රන්වන් රුසිරු රූ සිරුරඟ නලවන්නී
මගෙ සිහිනෙට හොරෙන්ම නූඹ ළංවෙන්නී
නුඹ නැතිවිට පාළුව හිත වපුරන්නී
මගේ ලෝකය සඳ එළියෙන් නාවන්නී
පුංචි හිතට මගේ ආලය තේරෙන්නයි
ආයෙත් විගසින්ම මා වෙත ලංවෙන්නයි
රෝස කොපුලෙ උණුසුම මට විඳගන්නයි
මගේ සඳට කිරි පැනියෙන් උතුරන්නයි
හැමදාමත් හිතේ ලැගුම්ගත්ත... පුංචි නෙළුමක් වගේ යශෝධරාවට, සුබම සුබ උපන් දිනයක් වේවා...!
ලියා එව්වේ - ප්‍රසන්න කරුණාරත්න (http://prasanna86k.wordpress.com/)

Labels:
අපි,
ආදරය,
ඇය,
ප්‍රසන්න කරුණාරත්න,
සුන්දරත්වය,
සුබ පැතුම
Sunday, January 23, 2011
විසි වසරකට පෙර..
"අද 91, ජනවාරි පළවෙනිදා, මෙයා තාමත් නෑනෙ...........!"
"මාර චාටර් එක, එනවා කිව්වහම වෙලාවට එන්නෙ නැහැ.........!"
"මම විනාඩියක් පරක්කු උනොත් තමයි විජ්ජුම්බරේ........"
"ෂිහ්... මොබයිල් එකට කෝල් එකක්වත් දීල පරක්කු වෙනවා කියන්නවත් තිබුනා.....!"
“නැතිනම් එස්.එම්.එස් එකක්........”
“අද එන්නෙ නැතිව වත්ද........?”
“එහෙම උනොත්, ගෙදර ගිය ගමන් ලැප් එකට ඩොන්ගල් එක ගහල යනවා නෙට්...”
“දෙන්නම් මම ගුගුල් ටෝක් එකෙන්.......!”
"ස්කයිප් එකේ හරි ඉන්නෙ නැතෑ... දෙන්නං පොරි හැලෙන්න...!"
“බැරිම උනොත් ෆේස් බූක් මැසේජ් එකක් යවනවා............!”
“වෝල් එකෙත් මොනව හරි ලියල දානවා ඔක්කෝටම පේන්න............!”

“හුටා, තාම 91 නේද...........?
“මොබයිල්, එස්.එම්.එස්, ලැප්, ඩොන්ගල්, නෙට්, ගූගුල් ටෝක්, ෆේස් බූක්.........”
“මේවා තාමත් හොයාගෙන නෑනෙ..........!”
“ඉතින් කොහොමද යකෝ ලව් කරන්නෙ....?”
ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)
Saturday, January 22, 2011
අසරණී...
ඔයාට හොඳටම උණනේ
උදේ ඉඳන්ම තිබුණා
ඇය නිරුත්තරය
පැනඩොල් දෙකක් බීල ආවේ, උණ බහී..
උදේ ඉඳන්ම තිබුණා
ඇයි ඉතින් ආවේ
ඇය නිරුත්තරය
ඇඳේ ඇලවී උළු ගැන්නෙමි...
ඔයා පටන් ගන්නෙ නැද්ද?
මොකක්ද?
ඇයි අද ආවේ
නිවාඩු දවසනේ
ඉතින්,
ඔයාට උණනේ
පැනඩොල් දෙකක් බීල ආවේ, උණ බහී..
ඇගේ ජීවිත කතාව මිමිණුවාය...
ඌ මාව වික්කෙ 15000 කට, මම වැඩියෙන්ම විශ්වාස කරපු කෙනා, මුන් මාව අතින් අත මාරු කරනවා
මම යනවා, ඔයා ඕකට බෙහෙත් ගන්න...
ඔයා ඉන්න මට දන් හොඳයි, සල්ලි ගෙවලනෙ ආවේ අපරාදේ..
සල්ලි? මම ප්‍රතිරාව කළෙමි,
ඉන්න මම වොශ් එකක් දාගෙන එන්නම්
තෘප්තිමත් අවසානයක, අවසානයේ ඈ මට තුරුල්වී සිටියාය,
ආපු තුන් පාරම මාවම ඉල්ලුවේ ඇයි?
ඇඳුම් ටික දාගෙන එලියට බැස්සේ පෙට්ටිකඩය දෙස බලාගෙනමය....
ලියා එව්වේ - සටපික්වලයා
Friday, January 21, 2011
ගම වටේ...!
කඨින චීවරය ගම වටේම ගියා. ගමෙන් තුන්කාලක සාදුකාරෙ ඒ පස්සෙන් වැටුණා...
එන්න බැරි උදවිය පාන්දර 4ට නැගිටගෙන ගෙවල් ඉස්සරහ ඉඳන් චීවරයට අතගැහුවා...
හයට විතර පන්සලට ඇදුණ කඨින පෙරහැරේ හිටපු සෙනග දැක්කම ලොකු හාමුදුරුවන්ගෙ කට කොණට හිනාවක් ආවා...
හයට විතර පන්සලට ඇදුණ කඨින පෙරහැරේ හිටපු සෙනග දැක්කම ලොකු හාමුදුරුවන්ගෙ කට කොණට හිනාවක් ආවා...
කඨින ධර්ම දේශනාව අතරෙ පෙරහැරේ ගිණි බෝල කරකවපු නවිඳු මල්ලිට මදුරුවො දශ්ඨ කලා...
එයාට ඩෙංගු හැදුණා...
එතනින් පටන් අරන් ඩෙංගු බෝ වෙන්න ගත්තා... ගම වටේම...
පී.එච්.අයි. මහත්තුරු දෙවතාවක්ම මදුරුවො බෝවෙන තැන් විනාස කරන්න කියල එනවුන්ස් කලා...
ගමේම පත්‍රිකා බෙදුවා... පෝස්ටර් ගැහුවා...
එයාලටම ඇවිත් ගම වටේම බලන්නත් වුණා.
සෑහෙන කාලයක් ගියා. කීප දෙනෙක් මැරුණා...
මිනිස්සු අල්ලපු ගෙවල්වලට බැණ බැණ හවස 4 වෙද්දි ජනෙල් වැහුවා...
Thursday, January 20, 2011
ඇය වෙත සෙනෙහසින්..
දුටිමි නුඹ පළමු දින පාසල කරා යන මගක
රුසිරු රුව, කමල වත සුලාලිත පියවර තඹර
නුවන් නුව රද ගැටී සලිත විමි සිත් පවුර
නාදළුද පැරදවූ තොල් යුවල මතු කල සිරිය
දිනෙන් දින හිරි වැටී නුඹ සෙනෙහෙ සොයන සිත
ඔද වැටී සළිත විය නුඹේ සෙනෙහෙ දිනූ දින
හදට හද තුරුළු වී විහඟ යුවලක් ලෙසට
සොඳුරු පෙම් මාවතේ නිම් තෙරට ඉගිල ගිය
මගෙම සොඳුරිය වෙලා මසතු විය එදින
නිරතුරුවම රැදෙයි වී සිසිල් සෙවනැල්ල
නුඹ රුසිරු දිය කෙරූ ස්නේහෙ කිරි කඳුළු කැට
පොවමින්ද රකින සඳ මගේ දරු දැරියන් නිතින
නුඹ සුරත මට හිමිවු දිනය සමරන මෙදින
පතනෙමිය මගෙම වී මට ලැබෙනු මතු සසර..

Wednesday, January 19, 2011
"මගේ වාරය එනතුරා......"
"උදේ ඉදන් හවස් වෙන තුරා
මේ පීලි මතින්
දුවන යකඩ ගොඩට වඩා
මගේ මල්ලියා
කොච්චර බරද......
මහ පාරෙ මේකව
වඩන්
තැනින් තැනට
අත පපා යන කොට
"අනේ පව් අසරණී"
එකෙකුගෙ
මුවින් බිනෙන විට
"පල යන්න අහකට"
සියයක් මුවින් බිනෙයි.....
යන්තම් වේල
ගැටගහගත්තට
මල්ලිට ඇන්කර්, නෙස්ප්‍රේ
අරන් දෙන්න
මට සල්ලි නෑ
ඒ අසරණය ඒව දැකල
නැති නිසා ඉල්ලලා
වද දෙන්නෙත් නෑ
යන්තම් මාසයක් දෙකක්
අම්මගෙ දෙතනෙන්
කිරි බීපු ඒකට
අධිපෝසනේද
මන්දපෝසනේද
මම දන් නෑ
මේ පීලි මත දුවන
යකඩ ගොඩේ උදව්වෙන්
පීලි මතම මියැදෙන
දහසක් උන් අතර
මමද මගේ වාරය
එන තූරා
බලා සිටින්නෙමි
දෑස් අයා
ඒත් උඹවත් අරන්
යන්නේ කෝම......?"
මේ පීලි මතින්
දුවන යකඩ ගොඩට වඩා
මගේ මල්ලියා
කොච්චර බරද......
මහ පාරෙ මේකව
වඩන්
තැනින් තැනට
අත පපා යන කොට
"අනේ පව් අසරණී"
එකෙකුගෙ
මුවින් බිනෙන විට
"පල යන්න අහකට"
සියයක් මුවින් බිනෙයි.....
යන්තම් වේල
ගැටගහගත්තට
මල්ලිට ඇන්කර්, නෙස්ප්‍රේ
අරන් දෙන්න
මට සල්ලි නෑ
ඒ අසරණය ඒව දැකල
නැති නිසා ඉල්ලලා
වද දෙන්නෙත් නෑ
යන්තම් මාසයක් දෙකක්
අම්මගෙ දෙතනෙන්
කිරි බීපු ඒකට
අධිපෝසනේද
මන්දපෝසනේද
මම දන් නෑ
මේ පීලි මත දුවන
යකඩ ගොඩේ උදව්වෙන්
පීලි මතම මියැදෙන
දහසක් උන් අතර
මමද මගේ වාරය
එන තූරා
බලා සිටින්නෙමි
දෑස් අයා
ඒත් උඹවත් අරන්
යන්නේ කෝම......?"
Labels:
අසරණකම,
ජීවිතයක බර,
මම,
මල්ලියා,
සොඳුරු මිනිසා
Tuesday, January 18, 2011
ජීවිතය දුටුවෙමි ඇගෙන් මා...
යට ගියාව ඇයි
මතක නැතුවද
කඳුලක් වෙලා
නුඹ ගිලිහුනා…
දහස් වර ඒ
හෙලූ සුසුමන්
නිහඬ ගුවනට
මුසු උනා…
මුලා වුනා මා
පමා උනා ඔබ
සොදුරු පැතුමන්
බොඳ වූවා…
කෙලෙසක හදන්නද
රිදුන මා හද
අරුමයකි ඔබට ඒ දුක
නොදැනුනා…
කිමද යලි මේ
මගේ ලොව වෙත
නිහඩ මා යලි
සෙලවුවා…
එනු එපා යලි
නෙතු අබියසට මා
හදේ දොරගුල්
දැමු වා…
කදුලු පිසලූ
දෑත මෙතුවක
වටී මට ඈ
රැකේවා…
ජීවිතය දුටුවෙමි
ඇගෙන් මා
නොදනී ද ඔබ එය
දැනේ වා…
සිනා වෙන්නට
පාර පෙන්නු
ඇයයි මා සිත
දිනූ වා…
පතමි ඔබහට
සුභාශිංසන
තැනු ඒ ලොව
දිනේවා…
සදාදර ඈ
අගේ මට අන්
කාටවත් නෑ
වාසනා….
මතක නැතුවද
කඳුලක් වෙලා
නුඹ ගිලිහුනා…
දහස් වර ඒ
හෙලූ සුසුමන්
නිහඬ ගුවනට
මුසු උනා…
මුලා වුනා මා
පමා උනා ඔබ
සොදුරු පැතුමන්
බොඳ වූවා…
කෙලෙසක හදන්නද
රිදුන මා හද
අරුමයකි ඔබට ඒ දුක
නොදැනුනා…
කිමද යලි මේ
මගේ ලොව වෙත
නිහඩ මා යලි
සෙලවුවා…
එනු එපා යලි
නෙතු අබියසට මා
හදේ දොරගුල්
දැමු වා…
කදුලු පිසලූ
දෑත මෙතුවක
වටී මට ඈ
රැකේවා…
ජීවිතය දුටුවෙමි
ඇගෙන් මා
නොදනී ද ඔබ එය
දැනේ වා…
සිනා වෙන්නට
පාර පෙන්නු
ඇයයි මා සිත
දිනූ වා…
පතමි ඔබහට
සුභාශිංසන
තැනු ඒ ලොව
දිනේවා…
සදාදර ඈ
අගේ මට අන්
කාටවත් නෑ
වාසනා….
Monday, January 17, 2011
ඔයයි මමයි..
පොලොව මත දඟකරපු ලා හිරු කිරණ වසාගෙන ඇදහැලුණු මහා වරුසාවකින් පොළොව තෙමීගියා.
ඔයත් සැණින් වෙනස්වෙන අහස වගේ... මට හිතුණා.
අහස්කුසේ ඇතිවෙන සැම විපර්යාසයකම ප්‍රතිපල භුක්තිවිඳින මහපොලොව මං වගේ.
ඔයා මොනතරම් ඈත වුණත් කිසිදාක හිමි නොවුණත් ඔය ඇහිපිල්ලමක වුණත් වෙනසක් මට දැනෙනවා.
වෙරළේ හැපෙන රැල්ල මොහොතකින් ආපහු මුහුදට යනවා.
ඔයත් මේ රැල්ල වගේ. වෙරළ බලාගෙන ඉන්නවා රැල්ල ආයෙත් එනකම්, හරියට මම වගේ.
කිසිදාක ළග නොරැඳෙන බව දැනුණත් ඔයා ළඟට එනකොට මගේ හිත පිරෙනවා,
එනකන් මගේ හිත ඇඟිලි ගණිනවා.

දකින්න මගේ ඇස් දැවෙනවා.
ඒත් වෙරළ රිද්දල යන රැල්ලවගේ මාව රිද්දලා ඔයා ආයෙත් යන්න යනවා.
අනේ මේ හිත හැමදාම එකම තැන ඉඳන් විඳවනවා.
ලියා එව්වේ - පබලු (http://magethanikama.blogspot.com/)
Sunday, January 16, 2011
පේනය..
"දේව මෑණියෝ, පේනයක් බලන්න කියලා ආවේ......."
"හොඳයි, අන්ජනම් අඳුන තියෙන කාමරයටම එන්න......"
"හොඳමයි...."
"අන්ජනම් දේවි පහනට වැඩලා ඉන්නෙ, නැතිවෙච්ච දෙයක් වගේ පෙන්නන්නෙ......"
"එහෙමයි..."
"බොහෝම වටිනා දෙයක්, කවුරු හරි හොරකං කරල වගේ..."
"එහෙමයි..."
“අන්න දැන් හනුමා එනවා පැනගෙන..”
"එහෙමයි..."
“දැකලා පුරුදු පැත්තක තමා හනුමා කැරකෙන්නෙ....”
"එහෙමයි..."
“අන්න අන්න දැන් තාප්පයක් තියෙන ගේට්ටුවකින් ඇතුළු උනා...”
"එහෙමයි..."
“ඔන්න හනුමා දැන් ගේ එලිපත්තෙ ඉඳන් ගේ ඇතුල බලාගෙන ඉන්නවා.... ඇතුලට යන්නයි හදන්නෙ...”
"එහෙමයි... එහෙමයි....."
"අන්න අන්න, රිලවෙක් රිලවෙක්.. කොල්ලෝ... අල්ලපියෝ මෙන්න ගෙට රිලවෙක් ඇවිල්ලෝ......"
“දේව මෑණියෝ කොහෙද දුවන්නෙ....?”
“අපේ කොල්ලා අද දවල් ගෙනාපු පාන් ගෙඩිය මෙන්න රිලවෙක් අරගෙන යනවෝ...”
“මෑණියෝ, අපෙත් නැති උනේ පාන් ගෙඩියක්....!”

Friday, January 14, 2011
විප්පයෝගෝ දුක්ඛෝ...
එදා මහ මූසල දවසක්. මන්දාරම් අඳුර කපාගෙන හිරිපොදත් වැටෙන්න අරගෙනයි තිබුනෙ. ඒ ගොම්මනේම 'ගේට්ටුව වහල එන්නම්' කියල එලියට බැස්ස අම්මා එනකම් බලාන උන්න මට නිකමට වගේ අප්පච්චි දිහා බැලුන.
අප්පච්චිගෙ මූණෙ තිබ්බ හැඟීම මේකයි කියල හරියටම කියන්න බැරිවුණත් මම කවුද කියලා හිතාගන්නත් බැරිවිදිහට උන්ගේ ශක්තිය හීන වෙලා කියල මට දැනුන.
"...මයෙ ජීවිතේට උඹවහන්සේලාගෙන් මුකුත්ම ඉල්ලල නැහැ කියල උඹවහන්සේල දන්නවා..... එකම එක වතාවක් මං කියන දේ අහල මට මගේ පවුලෙ සතුට ආයිමත් දෙන්න... මං කාටවත් දුකක් දෙන්නෙ නැතුව ඉන්නම්... උඹවහන්සේලා කියන ඕනම දෙයක් කරන්නම්... අනේ මට මගේ අප්පච්චිව ඕනේ..." මම දෙවියන් යැද්දා.
එදා රෑ එකකුත් ගානට අප්පච්චි නැතිවුණා. වැස්ස විතරක් නැවතුනා.
ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )

Thursday, January 13, 2011
කල්‍යාණි
"මේ ඒයි..."
"මොකද බං... පොඩ්ඩක් හිටපන් මම තාම කෑවෙත් නෑ.."
"පොඩ්ඩකට මෙහාට එන්නකෝ....."
"හිටපන් බං බත් කටක් කනකන්, නැතිනම් අරුං මට බත් ඇටයක්වත් තියන එකක් නැහැ..."
"එහෙනන් බත් කාල එන්නකෝ...."
"හරි ඇයි කල්‍යාණි කතා කලේ...?"
"ආ ඔයාගෙ කෙමෙස්ට්‍රි පොත, මම නෝට්ස් ටික ලියා ගත්තා..."
"බලපං, උඹට පොත දීපු නිසා මටත් පාඩං කරන්න බැරි උනා..."
“මේ එක නෙමෙයි, අර ඉස්සරහා පේලියේ ඉන්න බෝයි මගෙන් යාළුවෙන්න ඇහුවා...."
“නියමයිනෙ, ඉතින් උඹ හා කිව්වද..?
“මම ඔයාව පෙන්නල ඔයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියල කිව්වා, කමක් නැද්ද..?”
“කල්‍යාණි.....!, මට කෙල්ලෙක් ඉන්නවනේ....”
කල්‍යාණි බිම බලාගෙන........
“මා තනිවී නැත ලෝකේ............... මටද කුමාරියක් ඇතේ.............”

Wednesday, January 12, 2011
Definition නැති කවි...
ඔව්! මා ඒ සියල්ල පල කරමි...
කියවන උන් කියෙව්වාවෙ...
නොකියවන උන් නොකියවපුවාවෙ...
මගේ කවියට ප්‍රසිද්ධ හැඩයක් නැත...
සමචතුරස්‍ර , වෘත්ත, ත්‍රිකෝණ තුලට මගේ කවි එබ්බවිය නොහැක..
කවිය හැඩයක් නැති වචන පෙලකි...
හැඩය ඒ තුලම වන වචන පෙලකි...
මම ඒවා යතුරු පුවරුවේ කොටා දමමි...
නිකංම නිකං බ්ලොගයක ඒවා නිකංම නිකං පල කර දමමි...
එකම සිතිවිල්ල වචන ගොඩකින් කියා මම එකම සිතිවිල්ලට කවි ගණනක් පබදිමි...
කවි රැසක් ලියාලමි...
නම් දැරූ කවියන් කියවා මා නොකියවන්න...
මගේ කවි ඇත්තේ මගේ හැඩයෙනි...
ඔව්...
මම මගේ මනෝ විකාර සියල්ල කවි කරමි...
කවියකු වීම ජීවිතේ තරම්ම අපහසු නැත...
කවියට definition නැත.
එබැවින් මටද පහසුවෙන් කවියකු විය හැක...
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)
Tuesday, January 11, 2011
ප්‍රතිඵල !!!
"රිසල්ට් අවුට් වෙලා. බැලුවද..?"
"හ්ම්ම්ම්... S 3 විතරයි අම්මා..."
"මොනවද ළමයෝ කරලා තියෙන්නේ. අවුරුදු 13 ස්කෝලේ ගිහින් ඕකද ගත්ත ප්‍රතිඵලේ..."
"මම දන්නෑ අම්මා... මම පුලුවන්තරම් හොඳට විභාගෙ ලිව්වා. අපි රීකරෙක්ෂන්...."
අම්ම ෆෝන් එක cut කළා... ප්‍රතිඵල ගැන අම්මා හොඳටම අප්සෙට්... මටත් හොඳටම දුකයි... ටිකක් පිස්සු නැටුවා තමා. ඒත් මම පුලුවන්තරම් විභාගෙට මහන්සි උනා. ඒවුනාට ඒක මදි වෙන්නැති. මහන්සි වුන තරමටවත් ප්‍රතිඵල ආවනම් ටිකක් හරි සැනසීමෙන් ඉන්න තිබ්බා. අම්මා මං ගැන ගොඩාක් බලපොරොත්තු තියං ඉඳියා කියලා මම ඇත්තටම දැනගත්තෙ result out වුන දවසේ. දැං ඉතින් ඒක ගැන හිතලා මොනවා කරන්නද... මට සමාවෙන්න අම්මේ.. ඉස්සරහටවත් මම අම්මාගේ බලපොරොත්තු නොකැඩෙන විදියට වැඩ කරන්නම්...
ලියා එව්වේ - සජිත් රූපසිංහ

Monday, January 10, 2011
පොල් ටොපි
පොල් ටොපියක් සත විසි පහයි
හරිම හරි ලාබයි
රුපියල් දෙකට පොල් ටොපි අටක් ලැබෙනවා
හරිම හරි රසයි
රෝස පාට, ලා කොල පාට, කහ පාට, ලා නිල්පාට පොල් ටොපි
කටේ දාගන්න විතරයි තියෙන්නෙ
කට ඇතුලෙදිම දියවෙලා
පොල් කෑලි ටික විතරක් කටේ ඉතුරුවෙනවා
වැඩිය කෑවොත් මත් වෙලා යනවා
රස වැඩි කමටද කොහෙද
ඔයාට මතකද, බෝමලුවේ බිම වාඩි වෙලා
අපි දෙන්නා පොල් ටොපි කාපු හැටි
මම පොල් ටොපි අරගෙන එනකන් ඔයා බෝමළුවෙ බලාගෙන හිටියා
මම කලින් ආපු දවසට ඔයා එනකන් මම බලගෙන හිටියා
ඔයා ඈතට ඉගිලිලා ගියා
මම බලාගෙන හිටියා
පොල් ටොපි අතේ තියාගෙන
ඒවා අතේම දියවෙලා

Sunday, January 9, 2011
"ස්වාධීන අපි"
"මොනවද ඔය කරන්නෙ.... නිදාගන්න යන්නෙ නැද්ද...? වැඩක් නැත්නම් ගිහින් නිදාගන්න"
මට ඕනෙ විදියට වැඩ කරන දවසක්...
කවදාවත් ඒ දවස උදා වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ...
රහතන් වහන්සේල හරි බුදු හාමුදුරුවොන්ට හරි විතරක් වෙන්න ඇති එහෙම නැතුව ජීවත් වෙන්න ලැබුණේ...
"මේ... තවම නිදි නැද්දදදද...?"
කවදාවත් ඒ දවස උදා වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ...
මොකද අපිට කොච්චර නිදහස කියනදේ ලැබුනත් අපි වැඩ කරන්නෙ අනෙක් අයට ඕනෙ විදියට නිසයි.
ජීවිතේ ඉපදුනු දවසෙ ඉදන්ම අනෙක් අයට ඕනෙ විදියට වැඩ කරනව නම් ඇත්තටම අපි ගෙවන ජීවිතේ අපේද වෙනත් කෙනෙකුගෙද?
ජීවිතේ ඉපදුනු දවසෙ ඉදන්ම අනෙක් අයට ඕනෙ විදියට වැඩ කරනව නම් ඇත්තටම අපි ගෙවන ජීවිතේ අපේද වෙනත් කෙනෙකුගෙද?
රහතන් වහන්සේල හරි බුදු හාමුදුරුවොන්ට හරි විතරක් වෙන්න ඇති එහෙම නැතුව ජීවත් වෙන්න ලැබුණේ...
කොල්ලන්ට කෙල්ලන්ට බල්ලන්ට ඕනෙ විදියට ජීවත් වෙලා මට නම් ඇති වෙලා තියෙන්නෙ.
"මේ... තවම නිදි නැද්දදදද...?"
අපොයි!... මම යනව නිදාගන්න...
හෙට උදේ සිටවත් 'මම' , "මම"ම වෙන්න පතමින්....
ලියා එව්වේ - සහෝදරයා (http://sahodaraya.blogspot.com)
Saturday, January 8, 2011
සඳේ පිළිබිඹු.
චුරු චුරු....මඩ වලේ හරි මැද දිදුලන හඳේ ඡායාවට එල්ලකර මුත්‍රා පහර මුදාහරින ගුණේගේ සිතුවිලි කළඹවන්නේ මොහොතකට පෙර සුරාසලේදී වූ දොඩමලුවීම් වල දෝංකාරයන්ය..
“මංම උඹට කී ගමනක් කියල ඇද්ද ඒ වේස ගෑණිව කරගහගන්න එපා කියල”සඳ කැළතී දිය මත බොඳවෙද්දී මතකය නොනැවතී අතීත කටහඩවල් වලට පණ පොවයි.
“දඩාවතේ ගිය එකී ගියාදෙන්.. ආපහු ඕකිව වැද්දගන්නවා එහෙම නෙමෙයි”
“ඔය දරුවත් උඹේය කියල උඹ නිච්චියටම දන්නෙ නෑ නෙවද?”සැහැල්ලුවක් හඟින ගුණේ සරම් කොන පහත දමා සිය සිතුවිලි එක්රැස් කරගන්න තැත් දරයි.
“දරුපැටිය මගේ. ඌව මං කොහොමහරි බලාගන්නව”ඉන්පසු ස්ථිර හඩින් තමාටම කියාගනී.
එවිටම, මුත්‍රාද මඩද කැළඹුණු දියෙහි සඳ නැවත මතුවෙන්න තැත්දරනු ඔහු දකී.
Friday, January 7, 2011
මම සමනලියක්
"ඔයා ගොඩක් ලස්සනයි.....!"
"ම්හ්...."
"ම්හ්...."
"ඔයා කවුද...?"
"මම සමනලියක්......?"
"ඒක නම් ඇත්ත... ඔයා සමනලියක් තමයි.... හරිම ලස්සනයි"
"ම්හ්...."
"මම බඹරෙක්....."
"ම්හ්..."
"ඔයා බඹරුන්ට ආස නැද්ද....?"
"නෑහ්.... ඇයි මම බඹරුන්ට ආස වෙන්නෙ...?"
"ඇයි බැරි...?"
"මම මලක් නෙමෙයි, මම සමනලියක්..."
"එහෙනම් මම සමනලයෙක් වෙන්නම්.... ඔයා කැමතිද..?
"නෑහ්... ඔයා බඹරෙක් විදිහට ඉන්න... ගොඩක් මල් කැමති බඹරුන්ට..."
"සමනලියෝ බඹරුන්ට ආදරේ කරන්නෙ නැද්ද.....?
"නෑ... සමනල්ලු ආදරේ මල් වලට..... බඹරුන්ට ආදරේ කරන්න බැහැ..."
"ඔව්, මම මල් වල පැණි උරනවා තමයි.. ඒ උනාට ඔයා වගේ ලස්සන සමනලියන්ටත් මම ආසයි..."
"ඔයා වගෙම මම කරන්නෙත් මල් වල පැණි උරන එක, මම කැමති ඒකට..."
"ඒක සම්මතයද අසම්මතයද..?"
Thursday, January 6, 2011
ගින්දර ටිකක්...
''මචං.... දැන් ඒක ගැන කල්පනා කරලා වැඩක් නෑ. වෙච්ච දේ වුනා.''තවත් එක කාලකන්නියෙක් මට ඒක මතක් කරලා දෙනකන් හිත කොහේදෝ රික්තයක අඥාත දිශාවකට ඔහේ පාවෙමින් තිබුනේ.
''වැරදි වෙන එක මනුෂ්‍ය ස්වභාවය''ඌ තව පඩි වදනකුත් ඈදබෑවා.
''මචං... ඇති''ඒ අනිත් කාලකන්නියා.
''මොනවා වුනත් මීට වඩා නාගන්න බෑ බං. දැන් ඕක අමතක කරලා දාපන්...''
''ඕයි! නවත්තගන්නවා ඕක!''ඒ පාර නම් අරූට සැරටම මල පැන්නා. ඇත්ත.... එහෙම නොවුණ නම් තමයි අවුල.
''අපි මෙච්චර කාලකන්නි වුණේ ඔය කෙහෙල්මල කරන්න නෙමෙයි.''තුන් දෙනාටම ඊට වැඩිය කතා කරන්න දෙයක් තිබුනෙ නෑ...
.........................................................................
''මචං...''
''ඇයි?''
''ගින්දර පොඩ්ඩක් දීපන්.''ටික වෙලාවකින් තවත් සිගරට් කොටයක් කාණුවට එකතු වුණා.
ලියා එව්වේ - කෝසල සෙනෙවිරත්න (http://kombuwaonline.blogspot.com)
Labels:
අවුල්,
කලකිරීම්,
කෝසල සෙනෙවිරත්න,
ප්‍රශ්න,
වැඩ
Wednesday, January 5, 2011
අදිසි සෙනෙහස
ඉතින් කෙලෙසක උවම් සොයමිද
දැනෙන නොදැනෙන...
දැනෙන නොදැනෙන...
පෙනෙන, නොපෙනෙන..
හිමි, අහිමි.. මට නුඹේ සෙනෙහස
නිසල තුරුපෙළ සැලූ පවනකි
දිවා අහසක දිලෙන තරුවකි
දහස් හඬ මැද ඇසුණු සුසුමකි
හදේ බිතු මත ඇඳුණු පැතුමකි
විලක ගැඹරක සැඟවී නෙළුමකි
අහස් තල මත තැවරී පැහැයකි
සියොත් රාවෙක සියුම් තනුවකි
අතීතෙන් එන මතක සුවඳකි
අඳුරු නුබ තල විදුලි එළියකි
මලක පෙති මත බඹර පහසකි
සුනිල කඳුරක පිපුණ බුබුලකි
බවෙන් බවයට පුරුදු සුසුමකි
නිදන නෙතුමත ඇඳුනු සිහිනෙකි
අකල් වැසි මැද නැවුම් සුවඳකි
වියළි කතරක දැනුනු පවසකි
නොසිතු මොහොතක දැනුනු සතුටකි
කුමුදු පෙතිමත තරිඳු එළියකි
කුණාටුව මැද නිසල පහනකි
සැඩ කිරණ මැද සිහිල් සෙවනකි
නෙතට නොපෙනෙන නොබිඳී බැඳුමකි
නිසල තුරුපෙළ සැලූ පවනකි
දිවා අහසක දිලෙන තරුවකි
දහස් හඬ මැද ඇසුණු සුසුමකි
හදේ බිතු මත ඇඳුණු පැතුමකි
විලක ගැඹරක සැඟවී නෙළුමකි
අහස් තල මත තැවරී පැහැයකි
සියොත් රාවෙක සියුම් තනුවකි
අතීතෙන් එන මතක සුවඳකි
අඳුරු නුබ තල විදුලි එළියකි
මලක පෙති මත බඹර පහසකි
සුනිල කඳුරක පිපුණ බුබුලකි
බවෙන් බවයට පුරුදු සුසුමකි
නිදන නෙතුමත ඇඳුනු සිහිනෙකි
අකල් වැසි මැද නැවුම් සුවඳකි
වියළි කතරක දැනුනු පවසකි
නොසිතු මොහොතක දැනුනු සතුටකි
කුමුදු පෙතිමත තරිඳු එළියකි
කුණාටුව මැද නිසල පහනකි
සැඩ කිරණ මැද සිහිල් සෙවනකි
නෙතට නොපෙනෙන නොබිඳී බැඳුමකි
Tuesday, January 4, 2011
ආදරය
ඔයා තාමත් හර්ෂිට ආදරේද?අවුරුදු 2කට කිට්ටුවෙන්න පැල් බැඳගෙන ආදරේ කරලා අන්තිමට දෙමාපියෝ හින්දා අපි ඒ සම්බන්දේ නතර කරලා දැම්මා. හැමදේම අමතක කරන්න පිටරට ආවත්, ලංකාවට ආපුවෙලේ හිත අරියාදු කරපු නිසාම විනාඩි ගණනකට හරි ඇයව මුණගැහෙන්න අමතක කළේ නැහැ.
“ම්ම්ම්....
එතකොට මට?උරහිසට බර දීලා, අරක්කු ගඳත් ඉවසගෙන, ඇස් ලොකු කරලා කටින් පිටවුණු වචන ටික ඇහුණහම, ඇඟේම තිබ්බ ඔක්කොම මත බැස්සුණා.
“ආදරෙයි!එතනින් එහාට කථා කරන්න මගේ හිත ඉඩ දුන්නෑ. මගේ ආදරෙත් පාරක් නොදන්න කළාමැදිරි එළි වගේ කියලා දැනුණා. ඒත් මට පිච්චෙන්න ඕනි නැහැ.
“කමක් නෑ අයියේ, මට තේරෙනවා!තේරෙනවා ඇති, ඒත් මොන විදියටද කියලා මම අදටත් තේරුමක් හොයනවා.
ලියා එව්වේ - අංජන ජයවීර (http://www.anjana-j.com)
Monday, January 3, 2011
කිකිළියගේ යශෝරාවය
නුඹ මා කුස රැඳුනු දින....
සියක් දහසක් සිහින මැවිනි මසිත....
මව් කිකිළියක් වෙන දින නුදුරේම මල් පළ දරාවි...
තැබුවෙමි පය පරිස්සමින්, වෙයි අනතුරක් යැයි සිතා නුඹ හට...
ඇහිඳ කෑවෙමි ඉස්තරම් පණුවන් නුඹ වෙනුවෙන් මම...
පාරම් බෑවෙමි අනිත් කිකිළියන් හා මම.....
එකියක් සිනිඳුවට හොටින් කුස පිරි මැද කොක් හඬලති....
නුඹ පියානන් මවෙත ආදර බැළුම් හෙලයි..…
සඟවමි මම කෝල නෙතු ඔහු වෙතින්.......
නුදුරේම නුඹ මගෙ පසුපස දැවටෙනු ඇති......
ඇවිදිමි නුඹ සමග ආඩම්බරයෙන් අනිත් කිකිළියන්ටත් පෙනෙන ලෙස......
නුඹට පණුවන් ඇහිඳින හැටි කියා දෙමි.......
එනමුදු, හොත් දිනම සොරා ගොසිනි නුඹ......
කෙලෙස සිතන්නද මම.....
හාෆ් බොයිල්, බුල්ස් අයි හෝ ඔම්ලට් එකක් වෙන්න යන වග නුඹ......
ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com/)

Sunday, January 2, 2011
දෙදහස් එකොළහ ගෙවන්න පෙර.
ඊයේ අළුත් අවුරුදු....හැම රටකටම අලුත් අවුරුදු..පරණ මිනිස්සු හැමෝගේම ආසාව අළුත් වෙන්න.. අලුත් නොවුණත් අලුත්කමක් පෙන්නන්න. ඊයේ රාත්‍රියෙ පුපුරපු රතිඥ්ඥා හඬ අලුත් අවුරුද්දක් ලබන සතුට වෙනුවෙන් කළ සද්ද පූජාවක් කියලා කෙනෙකුට හිතෙයි... හැම රටකම මේ දේවල් තියෙනවා.. සමහර රටවල් මල්වෙඩි වලින් පැය ගනන් සංදර්ශණ තියනවා... මොහොතක ලස්සනක් හා සතුටක් වෙනුවෙන් මහා විශාල මුදල් කන්දරාවක් වියදම් කරනවා....
ඇමරිකාව, සිංගප්පූරුව ,මැලේසියාව,ඕස්ට්‍රේලියාව වගේ රටවල් ඊයේ රෑ පුච්චපු සල්ලි වලින් ඉතියෝපියාවට සෝමාලියාවට දවස් කීයක් කන්න පුළුවන්ද?
අපි හවස හයේ විතර ඉඳන් පුපුරවපු රතිඥ්ඥා වලින්... අපේ රටේ පවුල් කීයකගෙ බඩගින්න නිවන්න පුළුවන්ද?
මේක අතිසරළ කාරණයක්...මෙන්න අළුත් අවුරුද්දෙ අලුතින් හිතන්න පුළුවන් point එකක්...
ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

අලුත් අවුරුද්ද,
නීනු,
බඩගින්න,
රතිඤ්ඤා,
සිතන්නට දෙයක්
Saturday, January 1, 2011
අලුත්ම අලුත් අලුත් අවුරුද්දක්!
අද අපට අලුත් දවසක්... අලුත් අවුරුද්දක්!
අද ඉඳන් අපි දවස මොකක්ද කියල බලන්නෙ අලුත් කැලැන්ඩරේකින්.
ඒ එක්කම උදාවුණ අලුත් අවුරුද්ද ඉතිහාසෙ ඉඳන් අලුත් අවුරුද්දටය කියල කරපු කියපු හැමදේකින්ම ආයෙමත් පුරවන පරණම පරණ අලුත් අවුරුද්දක්ද කියන එක හිතන්න සිද්ධ වෙන අවුරුද්දක්.
ඔබට මතකද පසුගිය අවුරුද්දෙ ඇරඹුමේදි ඔබ කරන්න හිතපු, ප්‍රාර්ථනා කරපු දේවල්?
නැත්තං ඒ ප්‍රාර්ථනා පසුගිය අවුරුද්දෙ ජනවාරි මාසෙ මැදක් වෙද්දි අමතක වෙලා ගියාද?
එහෙම නොවී මේ අවුරුද්දෙ හැබෑවටම අලුත් වෙමුද?
අලුත් වෙන්න අවුරුදු ගණන් නොහිටපු සීයේ කතාකාරයො පණහකට වැඩිගාණක් පරණ අවුරුද්දෙ මේ පුංචි සියයේ බලාපොරොත්තුව අලුත් කලා...

උදාවුණ අවුරුද්දත් අභියෝගයක්!
සූදානම් වෙමු ඒ නොදත් අභියෝගයට!
ඔබට අලුත්ම අලුත් අලුත් අවුරුද්දක්!
Subscribe to:
Posts (Atom)