Sunday, November 21, 2010

මට හොද නම්...

සිසිවන උවන ඉගසුඟ ගත හැකි මිටින.. වර්ගයේ කට්ටිය හරිම අඩු උනත්.. හැම මනුස්සයෙක්ටම සිරුරේ ප්‍රමාණයක් තියනවානේ.. කෙට්ටු වෙන්න පුළුවන්
මහත් වෙන්නත් පුළුවන්..

ගොඩක් වෙලාවට මහත කෙනෙක්ගේ මහත ගැන අමාරුව තියෙන්නේ ඒ කෙනාටම නෙවෙයි.. වටේ ඉන්න අයට.. ලෙඩවෙයි කියන බයට ඒ ගැන කතා කරන අය ඉන්නත් පුළුවන්..

හැබැයි වැඩියෙන් ඉන්නේ විනෝදෙට බයිට් එකට හිනාවෙන්න බලා‍‍ගෙන ඒ ගැන කතාකරන අය..

හැබැයි මහත කියන්නේ මාරම සිම්බල් එකක්..

එකවතාවක් දැක්කම ජිවිතකාලෙටම මතකයි.. නම අමතක උනත්, මහත එක්කෙනා කිව්ව ගමන් පටස් ගාලා මීටර්..

මට අනූව නම් මම හරිම යුනික්..! හැමෝම අදින ඇදුම් මට අදින්න බෑ. මම විශේෂයි.. මගේ මහත මට..!

මට හොද නම් තොපිට මොකද?

ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)

17 comments:

  1. අන්න නියම කතාව....ඇත්තටම වටේ ඒ ඉන්න උන්ට තමයි අමාරුව තියෙන්නෙ. මගෙත් ටිකක් බඩ වැඩියි. දැන් අවුරුදු ගානක් තිස්සෙ මට කිසි අවුලක් නෑ. යකෝ මුන් අහද්දි උඹට ඕක උස්සන් ඉන්න පුලුවන්ද කියල, දෙන්න හිතෙනව කන ගැලවෙන්න.

    ReplyDelete
  2. අක්කා හරි අක්කෙ....ගාල්ලෙ ඕනේ කඩයකින් මාව දැක්ක ගමන් හිනා වෙලා කතාකරනවා. සමහරු නමවත් දන්නැ...මහත් උනාම වාසිත් තියෙනවා..අවාසිත් ගොඩක් තියෙනවා

    ReplyDelete
  3. හුරේ වරේවා! ඇරපන් අක්කා! ජය වේවා! මහත එවුන් දිනේවා! අහන එවුන් භංග වේවා! අපි වෙනුවෙන් අපි!

    ReplyDelete
  4. kettu ayatath okama thama bang akke kiyanna thiyenne, ahalaama epaa welaa!

    ReplyDelete
  5. අරින්ඩෙපා නගේ .. .

    ඔය මහත ගැන බඩ ගැන අහන උන්ට විරුද්ධව පටන් ගනිමුද අපි විරෝධතා ව්‍යාපාරයක්??

    ReplyDelete
  6. කියල වැඩක් නෑ.. ජය වේවා!!!!!!!!! මට නැති අමාරුවක් අනිත් උන්ට තියෙනව.. එත් මම නම් අනිත් උන් කියන ඒව ගනන් ගන්නේ නැ ;)

    ReplyDelete
  7. Net eke thadiyo tika serama methana

    ReplyDelete
  8. කොහොමෙන් කොහොම හරි නෙට් ‍එකේ බඩ තඩියෝ ටික එක තැනක දකින්න ලැබෙන එක නම් මරු..!
    කට්ටියගෙම කමෙන්ට්ස් වලට ස්තූතියි..!

    ReplyDelete
  9. මේ මේ මම නම් බඩ තඩියෝ නෙමෙයි... මම හොඳ ළමෙක්.. ඒත් මම මේ පෝස්ට් එකට පට්ට කැමතියි.

    ReplyDelete
  10. හි... හි... අනේ හොඳයි... අත කපන්න බැරිනං ඉඹින්න එපැයි කොහොම හරි!

    අපිනං සාමාන්‍ය ඇඟවල් තියෙන සාමාන්‍ය මිනිස්සු!

    ReplyDelete
  11. අනිවා.. මමත් ඔය සෙට් එකෙන් දැනට ඉවත් වෙනවා... ඕකෙත් දෙකක් තියෙනවා.. එකක් ඇත්තටම හොඳට කියන එක නැත්නම් නිකං නක්කලේට කියන එක.. මේ කියන්නේ ඔය දෙගොල්ලො ගැනමද ??

    ReplyDelete
  12. උන්ට එකඟ නොවන තාක්කල් කවුරු මොනා කිවුවම මොකද?
    සිරා සටහන.

    ReplyDelete
  13. මේ සටහනට මගේ උත්තමාචාරය !!!!!!!

    ReplyDelete
  14. හික් හැමෝටම ස්තූතියි..!!!

    ReplyDelete
  15. මගේ මහත මට,
    තොපිට මොකද බොල?

    හොඳ කතාව, මලී

    ReplyDelete
  16. මම ඉස්සර මහත කෙනෙක් කට්ටිය ඔය වගේම මගේ මහත ගැන කිව්වම ඒ දවස් වල තරහ යනවා කොහොම හරි ඒ හම්බුවෙච්ච pressure එකට මම බර අඩු කරගත්තා දැන් නම් මම සතුටු වෙනවා උන් මව byte කරාපු එක ගැන. මොකද මහත අඩු උනාම තමන්ට දැනෙන සැහැල්ලුව අත්විදින්න බර අඩු වෙලාම බලන්න ඕනේ.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...