Wednesday, January 5, 2011

අදිසි සෙනෙහස

ඉතින් කෙලෙසක උවම් සොයමිද
දැනෙන නොදැනෙන...
පෙනෙන, නොපෙනෙන..
හිමි, අහිමි.. මට නුඹේ සෙනෙහස

නිසල තුරුපෙළ සැලූ පවනකි
දිවා අහසක දිලෙන තරුවකි
දහස් හඬ මැද ඇසුණු සුසුමකි
හදේ බිතු මත ඇඳුණු පැතුමකි

විලක ගැඹරක සැඟවී නෙළුමකි
අහස් තල මත තැවරී පැහැයකි
සියොත් රාවෙක සියුම් තනුවකි
අතීතෙන් එන මතක සුවඳකි

අඳුරු නුබ තල විදුලි එළියකි
මලක පෙති මත බඹර පහසකි
සුනිල කඳුරක පිපුණ බුබුලකි
බවෙන් බවයට පුරුදු සුසුමකි

නිදන නෙතුමත ඇඳුනු සිහිනෙකි
අකල් වැසි මැද නැවුම් සුවඳකි
වියළි කතරක දැනුනු පවසකි
නොසිතු මොහොතක දැනුනු සතුටකි

කුමුදු පෙතිමත තරිඳු එළියකි
කුණාටුව මැද නිසල පහනකි
සැඩ කිරණ මැද සිහිල් සෙවනකි
නෙතට නොපෙනෙන නොබිඳී බැඳුමකි


ලියා එව්වේ - මලිති (http://sathsihina.blogspot.com/)

4 comments:

  1. ඔබේ අඩවිය ඇතුල් කරන්න
    සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  2. සින්ඩිකේටර් එකක් හැදුවානම් ඒක මාකට් කරන්න තැන් තියෙනවා ලොක්කා.. මෙතන එතනට තැනක් නෙමෙයි..

    ReplyDelete
  3. කොතෙක් කීවත් නිමා නොකලැකි
    වදන් යට මහ අරුත් ගොන්නකි
    පිපි මලිති මත පිණි බිඳිත්තකි
    මට මේ කලෙක දැණුන කවියකි

    සුපිරි ආ....!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...