Monday, December 17, 2012

සම්මතයට එරෙහි අසම්මතය

වේගයෙන් ඇදුනු රුහුණු කුමාරියේ හඬට මුතූ කියන කිසිම දෙයක් මට ඇහෙන්නේ නැහැ, ඒත් මම උනත් හිතෙන්නේ එයා කෑ ගහලා කියන්න හදන දේම තමයි

“හැම තැනම මිනිස්සු, වෙරළේ යන මිනිස්සු, රේල්පාරේ යන මිනිස්සු, පේලි ගෙවල් ලේන් වල ඇවිදින මිනිස්සු, උන් ඔක්කොම බලන්නේ අපි දිහාවේ, හරියට ගිලින්න වගේ.........., අනේ හැබෑටම මුන්ට බලන්න වෙන කිසිම දෙයක් නැද්ද....? මොනවද මුංට වෙලා තියෙන්නේ...? උන්ගේ ඇස් වලින් මිදෙන්න අපිට කිසිම ආවරණයක් නැහැ, මට කමක් නැහැ ඒත් මුතූ තාමත් පුංචි කෙල්ලෙක්, මට ආදරේ කරන පලියට ඒකි මුන්ගේ කතන්දර අහන්න ඔනිනෑ...”

අන්තිමේ මං තීරණයක් ගත්තා... මුන්ගේ ඇස්වලින් ඈතට යන්න.

“මුතූ අපි යමු Room එකකට ටිකක් නිදහසේ කතා කරන්න....”

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

5 comments:

  1. ඉස්සර නම් පෙම්වතුන්ට නිදහසේ කතා කරන්න කියලා හැම නගරෙකම වගේ උද්‍යාන හැදුවා. දැන් ඒවයේ ඉන්නකොටත් විසිල් ගහනවා නෙව :)

    ReplyDelete
  2. ඔන්න ඕක තමයි මේ ලංකාවේ තියෙන ලොකුම කරුමේ..... හොඳ හැටි විඳවලා තියෙනවා මාත්.... පාක් එකකට යන්න නෑ.. බස් එකක එක සීට් එකේ ඉඳගත්තත් කන්න වගේ බලනවා... රෑම් වලට අරං යන්න කැමති නැති කොල්ලෙක් උනත් වෙන කරන්න දෙයක් නෑ.. එහෙම ගියාම සීමාව පනින එක අහන්න දෙයක්ද...

    ReplyDelete
  3. අන්න මුතූට වැරදෙන පොට :D

    ReplyDelete
    Replies
    1. නැත්තම් උඹලගේ ගෙදර එන්නද කියන්නෙ?

      Delete
  4. නිදහසේ ආදරය විඳින්න, කරන්න ලංකාවේ රූම් එකකටම යන්න වෙලා, මිනිස්සුන්ගේ ඔලු ගෙඩි ශෝදනය කරන්න වෙලා, හිතන්නෙම නුහුරට, (සටපික්වලයා)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...