
හන්තාන ඉසව්වට රොබරෝසියා මල් වසන්තය උදාවෙලා, ඔයා දන්නවාද මගේ සිතුවිලි කොයි තරම්නම් අවුල් උනාද කියලා. ලා රොසපාට රොබරෝසියා යායාට එපිටින් ඒදිහා බලා උන්නු මම සිනිවිලි එක්ක අතීතියට ගිය මොහතෙක
රොබරෝසියා මල් වැස්සේ ඔයාගේ අතේ එල්ලිලා කැම්පස් එක පුරා ඇවිදපු දවස් වල මම අතරමන් උනා, කවුරුත් නොදන්න හේතුවකට ඔයා කොළඹ කොව්වියේ නැගිලා මාව පේරාදෙනිය ස්ටේෂන් එකේ දාලා ගිය ඒ දවස ඔයාට මතකද.. ආපහු අවිත් මේ රොබරෝසියා මල් ගහ යට ඉඳන් මම අඬපු තරම දන්නේ මායි මේ මල් ගහයි විතරයි.
මුළු හන්තානම රොබරෝසියා වසන්තයෙන් සුව විඳින කොට හැමදාමත් රොබරෝසියා ගහ යටට වෙලා අඬන මට ඔයාගේ ආදරෙත් දැනුනේ හුළගේ පාවුන රොබරෝසියා මල්ක් වගේමයි
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
(පින්තූරය http://sun-ge-lookaya.blogspot.com වෙතින්)
අපිටත් කැම්පස් යන්න තිබ්බනම්...
ReplyDeleteමේ මල් සිතුවිලි උල්පතක්... ලස්සනයි හංසි.
ReplyDeleteAwesome... \m/
ReplyDeleteහන්තාන කියන වචනෙ දැන් වචනයක් නෙවෙයි. ඒක හැඟීමක් වෙලා. ශතවර්ශ බාගයක් විතර පුරාවට කෙරුනු හන්තානත් එක්ක ගෑවුණ සාහිත්‍ය නිර්මාණ හැමවෙලේම ඒ හැඟීමට ඉඩක් දෙනවා...
ReplyDelete