බටහිර ඉවුරේ
දුශ්කර ගම්මානයක මීට දශක ගනනාවකට පෙර දිනයකි, එවකට මා ජීවිතය උගනිමින් උන්
ළදැරියකි. බැටළුවන් දක්කාගෙන තණ පිටියට
ගොස් නැවත පැමිනෙමින් සිටියෙමි. කවදත් ගුප්ත නිහැඬියාවක වෙලී තිබුණු නිවස දෙසින්
වේදනාකාරී කෙඳිරියක් ඇසුණි. මද විවේකයන් ගනිමින් නොනවත්වා ඇසුනු කෙඳිරිය ආසා
හිඳින්නට තරම් සිත සවිමත් නොවුනෙන් හඬ ඔස්සේ දිව ගියෙමි.
“ඔහෙන්
හිටපන්. ඇතුලට යන්න ඔනිනෑ..” අම්මාගේ කාමරයේ අසල උන් තාත්තා කෑගෑවේය. බිය නිසාම මා මිදුලට පසු
බැසීමි.
එහෙත්
කුතුහලය......
එකට
මිටි තමා බඳින ලඳ සිදුරු වලින් ආවරණය වු ජනේලයෙන් එබී බැලීමට තරම් නිර්භිත වීමි.
අළුත
උපන් බිළිඳෙකු තිඹිරි ගෙයි තුල මියයමින් සිටී.
“මේ
පාරත් කෙල්ලෙක්”
මවගේ වියලුණු දෙතොල් පෙති අතරන් පිටවුනි.
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
අනේ වාසනාවන්.... දරුවෙක් ඉපදිලා !!!
ReplyDeleteකෙල්ල මලානේ !
DeleteGenu lamai ipadeema paapayak widihata hithapu nugath minissu
ReplyDeleteඒ නූගත් මිනිස්සු ගැන අපේ අයට කියන්නයි ඔනි උනේ... ස්තූතියි :D
Deleteඑහෙනම් ඔන්න ඒ කෙල්ල මම බුක් කොරා.. (බාල අපරාධ නෙමේ අප්ප.දැන් කෙල්ලෙක් හොයාගන්න හෙන අමාරුයි..පොඩි කාලේම බුක් කරන්න ඕන )
ReplyDeleteහුටා.... මම පරක්කු වැඩියි !!!
Deleteඔන්න දෙවෙනියාට ඉපදෙන එකා මට !!!
හා හා රණ්ඩු වෙන්න එලා ළමයි.....
Deleteනිකමට අහන්නේ.. බුක් කලේ දරුකමට හදා ගන්නද ;)
ලංකාවේ නම් දැං ඕවා නැතිතරම්. ඉන්දියාවේ තාමත් තියෙනවා. හොඳ නිර්මාණයක් :)
ReplyDeleteස්තූතියි :D
Delete