මැදියමේ දුරකතනය නාද විය.. නිදිබර හඬින්ම ඇමතුවෙමි.
"හෙලෝ..."
එහා පිටින් ඇහුනේ ඉකිබිඳුමකි.
“පවන්...... මම යනවා..... යන්නම යනවා..... මට අයිතියක් නැතිනම් ඔයාගේ වෙන්න මම කොච්චියට පැනලා මැරෙනවා” පසුබිමින් දුම්රියක හඬක්ද ඇසේ.
"එපා මැරෙන්න... එපා!!... අපිට පුළුවන් අපේ වෙන්න.." කලබලේට මම කිව් දේවල් ගැන මටත් පුදුමයි.
"පවන්!!! ඔයා ඔය ඇත්තමද කියන්නේ.. අපේ හැම ප්‍රශ්ණයක්ම ඉවරද.. කියන්න පවන්."
"ඔව්.. ඉවරයි.. දැන් ඔයා යන්න ගෙදර... දැන්ම... අපි හෙට කතා කරමු.."
"යන්නම්... විශ්වාස කරන්නත් බෑ පවන්... මම ගෙදර ගිහින් ගන්නම් ඔයාට."
සැනසිලිදායක ගැහැණු හඬ දුරකතනයෙන් නෑසී ගියා.
මම සිහිඑලවා ගන්නට උන්සහ ගතිමි. මම පවන් නොවෙමි.
ඇයගේ නම නොඇසීම ගැන පසුතැවුනෙමි.
රොන්ග් නම්බර්!! කීවානම් පසුතැවිල්ලක් නැත.
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
දෙන්න බලන්න මට නම්බර් එක, මම ඒ ළමයගේ ප්‍රශ්නේ මොකක්ද බලලා විසදුමක් දෙන්නම් ...
ReplyDeleteමචන් මේ සිරාම සීන් එක්කද?, ඒ කෝල් එකට ආන්සර් කරපු විදිය නම් නියමයි.
ReplyDeleteමේක ඇත්තටම නිර්මාණය කළ එකක් නම් නියමයි. ඇත්තම කතාවක් නම් එකට ආන්සර් කරපු කෙනා ඊටත් වඩා නියම්යි :)
ReplyDeleteතරුගේ කථාවට මමත් 100% එකඟයි
Deleteme atta katawakda?meka attanam ayya a welawe hatiyata karapu de godak hodai....
ReplyDeleteගෙදර ගිහින් ඇත්ත පවන්ට ගත්තට පස්සෙ ආයෙත් ඇවිත් කොච්චියට පැන්නද දන්නෙ නෑ ;-)
ReplyDeleteමෙතන සහෝදර වරුනි වෙලා තියෙන්නෙ පනින්න ආපු කෝච්චිය සිග්නල් නැතුව නැවතිච්ච සීන් එකක්...
ReplyDeleteමෙතනදි කෝච්චියෙ සද්දය ඇමතුම පුරාවට ඇසුනා කියන්නෙ කෝච්චිය නැවතිලා...කෙල්ල පනි්නන ආහම කෝච්චිය නැවතිලා..ඒ වෙලාවෙ කලබලේට ගහපු නොම්මරේ තමයි අර ආන්සර් කරල තියෙන්නෙ...
වෙරළබඩ දුම්රිය මාර්ගයේ වෙන්න නම් බැහැ. මොකද රෑ දොලහට බඩු කෝච්චි තමයි යන්නෙ...සුවර් එකට බදුල්ල හරි අනුරාධපුරේ හරි කෝච්චියක් වෙන්න ඕනි...
ස්තූතියි හැමෝටම...
ReplyDeleteමේක ප්‍රබන්ධයක් :D :D
මේ දම්සාරි වෙන්න ඕනි
ReplyDelete