ආදරය රාගයද නොවේ
රාගය යනු අදරයම නොවේ
රාගය විශ්වාසයත් නොවේ
නමුත් රාගය විශ්වාසය මත රඳා පවතී
අදරය යනු විශ්වාසයම නොවේ
අදරයේදී රාගය ඇතිවේ
රාගය ඇතිවන්නේ විශ්වාසය මතිනි
නමුත්
විශ්වාසය රාගය නිසාම ඇති නොවේ
සතුට නිසාම ආදරයට පැවැත්මක් නැත
රාගයෙන් තොර ආදරය බොහෝ දුර දෙයකි
නමුත් සතුට ආදරය මතින් ඇතිවේ
සන්තෝශය ඇතිකිරීමට ආදරයට හා රාගයට පමණක්ම නොහැකිය
සන්තෝශය ඇතිකිරීමට රාගයට හා විශ්වාසයටම පමණක්මද නොහැකිය
සන්තෝශය ඇතිකිරීමට ආදරයටම හා විශ්වාසයට පමණක්මත් නොහැකිය
රාගයෙහි පමණක්ම හැසිරීමෙන් ජීවිතය සතුටු නොවේ, නොඑසේනම් එය හුදෙක් සතුටක් නොවේ, ආදරය පමණ්ම ලැබීමත් විටෙක අසත්තෝෂයක් ඇති කරයි, විශ්වාසය පමණක්ම රැගෙන යන්නාට ආදරය සහ රාගයත් හමු වූ විටෙක, සන්තෝශය ඇතිවේ!
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
සහතික ඇත්ත. ඕකම තමයි ගුනදාස කපුගේ මහත්තය මේ විදිහට ගායනා කලෙත්. "රාග ගිනි ජාලාවේ, ප්‍රේමයේ උනුසුම් සුසුමේ. වෙනස ඔබෙනි දැනුනේ. අයාලේ ගිය ජීවිතේ ඔබෙනි පල ලැබුවේ"
ReplyDeleteහැබෑනේන්නම් !! ඒ සින්දුව ගැන දැන් තමයි සිහි උනේ :D
Deleteහ්ම්.... පිරමීඩයක් !
ReplyDeleteහරියට හරි! නියම ලර්නිං අවුට් කම් එකක් :D
Deleteහම්ම්ම්ම්ම්ම්ම්ම්.....
ReplyDelete:)
Deleteමට නම් නිකන් කොයිල් කොයිල් වගේ අෆ්ෆා
ReplyDeleteඅඳින්න සමපාද ත්‍රිෙකා්ණයක් ආදරය, රාගය සහ විශ්වාසය දාන්න ත්‍රිකෝණයේ මුළු තුනට.. ඒක දිහා බලලා සන්නස්දනය කරන ගමන් කියවන්න ආයෙත්... :)
Deleteමධුරංගට වගේ ඔයාටත් පිරමීඩයක් මැවිලා පෙනේවි, ඒ වගේම පිරමීඩයේ උඩින්ම සන්තෝශය කියන දේ තියේවි :D
මේක නම් සුපිරි
ReplyDelete