Friday, November 2, 2012

බාරය

ඈ නව විලාසිතා වලට බොහෝ සේ ඇලුම් කල තරුණියකි. දිනක් හිතවතෙකුගේ උපන්දින සාදයකට ඇරයුම් ලැබූ ඈ වේලකල් ඇතිවම ඒ සඳහා සූදානම් වූයේ ඉතා උවමනාවකිනි.. නියමිත දිනය උදාවූ කල ඈ වෙනස්ම මාදිලියේ කලු පැහැති ඇඳුමකින් සැරසී අත් සහ පයටද කලු පැහැති නිය ආලේපන ගැල්වුවාය.. වැඩි අලංකාරය පිණිස පයෙහි කලු පැහැති පටියක්ද ගැට ගැසුවාය.. පා නොවැසෙන සේ පාවහන් පැලඳූ ඈ හුන් සෙනඟ මැදින් ගමන් කර කකුලක් පිට කකුලක් දමා උජාරුවෙන් හිඳගන්නී.

"නංගී" අවටින් ඇසුන සුපුරුදු කටහඬකට ඈ සවන් යොමුවාය..

"නියපොතු කුණු වෙලා හින්දද කකුලට බාරයක් ගැටගහන් ඉන්නේ?? "

තරමක කලබලයකට පත්වූ ඈ වටපිට බැලුවාය..

වටින් පිටින් තදකර නොහැකිව පිපිරූ සිනා හඬවල් ඇසෙන්නට විය..


ලියා එව්වේ - ඉෂ්වි තෙහාරා

7 comments:

  1. නියමයි

    ReplyDelete
  2. ඉෂ්විට වුණ දෙයක්

    ReplyDelete
  3. ඉන්ටර්නෙට් ලැබුනත් මකන්න බැරි ගොඩේ ගොන්පාට් වල අඬහැරය

    ReplyDelete
  4. ආ මේ සිම්පල් කේස් එකක්... පස්සෙ කට්ටියම ඔයා අද මාරයි කියල කියන්න ඇති!

    ReplyDelete
  5. හි හි.... මදැයි කොලා...

    ReplyDelete
  6. Issita una vedak needa :D huh huh haaaaaaa

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...