ඕන්න එකෝමත් එක කාලෙක, (ඒ කිව්වේ පහන් ඇතිල්ලුවාම භූතයෝ මතු වෙච්ච කතා සේරම සිදුවෙලා ඉවර වෙච්චි කාලෙක) ජීවත් උනා මනුස්සයෙක්. එයාගේ නම ජෝසප්. ජෝසප්ගේ විනෝදාංශය උනේ පහන් එකතු කරන එක. දවසක් එයා හොයං ආපු පරණ පහනක් රෙදි කෑල්ලකින් පිහිදාන්න ගත්තා විතරයි ඒකෙන් මතු උනා භූතයෙක්.
ඔබ මාව මේ පහනෙන් එළියට ගත්තට ඔබට කැමති ඕනෑම වරයක් ලැබෙනවා!
ඕනෑම වරයක්?
ඔව් ඕනෑම වරයක්!
එහෙනං මම මගේ වරය විදිහට ඉල්ලනවා මට තවත් වර ඕනෑම ගාණක් ඉල්ලන්න පුළුවං වෙන්න කියලා.
ඔන්න ඔය වෙලේ තමයි භූතයාට තරු පෙනුනේ. භූතයා වරයත් නොදීම අතුරුදහන් උනා. එදා ඉඳං අද වෙනකං ආයේ කිසිම දවසක කිසිම පහනකින් භූතයෝ මතු උන්නෑ.
ලියා එව්වේ - ෴පූසා෴ ( http://sudupoosa.blogspot.com/)
මිනිහ මොලකාරයා !
ReplyDeleteAatha bhuutha.. :D
ReplyDeleteකල්ල කපටියෙක්නේ
ReplyDeletehikzz.z... ela kathaava
ReplyDeleteසික් මූ හින්දා වෙන්ටෑ අපේ ගෙදර පහනෙනුත් භූතෙක් නාවේ.
ReplyDeleteහික්ස්..
Deleteඒ එහෙම අහපු ජෝසප් පූසගේ නෑයෙක් වෙන්න ඔනේ..:D
ReplyDeleteහිකිස් :)
ReplyDeleteහොඳ වෙලාවට එල කෑල්ලක් ඉල්ලුවෙ නැත්තේ :-)
ReplyDeleteහැමෝටම ස්තූතියි! කාලයක් තිස්සේ මට තිබ්බ අවුලක් ඇයි කවුරුඉත් ඔය වරය නොයිල්ලුවේ කියන එක. එහෙම ඉල්ලුවනං කතා ගොතන්න බැරිව යනවනේ! :D
ReplyDelete