Friday, November 16, 2012

නාන තටාකයේ බණ්ඩා

බණඩා,  රටේ ප්‍රධාන අමාත්‍යංශයක ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකි. මොනතරම් ඉහළ තනතුරක් දැරුවද ගැමියෙකු වූ මොහු බුලත් කෑමේ පුරුද්ද අත් නොහැරියේය. තමන් ගැමියෙකු වීම ගැන ආඩම්බර වූයේය.

දිනක් බණ්ඩාට ඔහුගේ අමාත්‍යංශයේ කීපදෙනෙකුත් වෙනත් කාර්යාලයක කීපදෙනෙකුත් සමඟ විශේෂ වැඩමුඵුවකට සහභාගී වීම සඳහා ලන්ඩනය බලා පිටත් වීමට සිදු විය.

සියල්ලෝම ලන්ඩනයේ ප්‍රධාන පෙලේ හෝටලයකට සේන්දු වූහ. කතා කර ගත් පරිදි හොටලයේ නාන තටාකයට පැමිණ විනෝද වූහ. බණ්ඩාද තටාකයට බැස්සේය.

ඔහුට එය නාන තටාකයක් බව අමතක විය. ඔහුට එය පෙනුණේ ගමේ වැවක් ලෙසය ඔහු හොඳින් නාන ගමන් හොඳ හැටි තම ශරීරයේ කුනු අතුල්ලන්නට පටන් ගත්තේය. තටාකයේ සිටි එකා දෙන්නා බැගින් ඉන් නික්මෙනු බණ්ඩාට නොපෙනුනි.

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

5 comments:

  1. සමහරුන්ට ඉන්න තැන අමතක වෙනවා නෙව.

    ReplyDelete
  2. මම නම් අහල තියෙන්නෙ මුල අමතක වෙන එක හොඳ නෑ කියලයි. ඒත් දැන් බලන කොට එක පාරම මුල මතක් වෙන එකනෙ හොඳ නැත්තෙ.

    ReplyDelete
  3. කෝ මේකෙ ඇඩ්මින්ල
    දැන් දාන්නෙ මේවද
    කියන්න දෙයක් නැත්තං ගමේ මනුස්සයෙක් පීචං කරල හරි පෝස්ට් දාපල්ල
    කාලකන්නි හැත්ත

    ReplyDelete
    Replies
    1. I write to express not to impress
      මේක ලියවුනේ. මේක මම අහපු කතාවක් එච්චරයි. ඒ ලියපුදේ වැරදියි කියලා හිතුණොත් මං ඊළඟ සැරේ ලියනකොට මීට වඩා හිතලා බලනවා.

      මම කලින් ලියපු ෆ්ලයිට් එකේ කතාවෙත් එහෙනම් ඒ ගිය මනුස්සයා පාච්චල් වෙලා තියෙනවා. මට වෙච්ච අකරතැබ්බ පවා මම ලියලා තියෙනවා ඒවාට වැටුණු කමෙන්ට්ස් කියවලා අතෑරියා මිසක තරහ නම් කොහොමත් ගියේ නෑ.

      Delete
  4. පිහිනුම් තටාකෙට බැහැල හිතේ හැටියට නාගන්නැති බොරු ප්‍රෝඩාකාරයින්ට බණ්ඩා ආදර්ශයක්

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...