Wednesday, October 3, 2012

පාට දෙකේ මනාලිය

මනෝජ් ගීතිකා දෙන්න කසාද බැන්ද. චාරිත්‍ර කිසි දෙයක් නැතත් හැමෝගෙම ආශිර්වාදෙන්, පොඩි වියදමකින්.

පස්සෙ දවසක දෙන්නට ඕන වුණා වෙඩිං හෝම්කමිං ‍පින්තූර ගන්න. ඉතිං ඇඳුම් කැඩුම් ලෑස්ති කරගෙන ස්ටූඩියෝවට ගියා.

ගීතිකා ‍ක්‍රීම් පාට සාරියක් ඇන්දා. මනෝජ් ලා නිල් කමිසෙට උඩින් කෝට් එක දාල කළු සපත්තු දැම්මා. දෙන්න ඒ විධියට වෙඩිං පින්තූරෙ ගත්තා.

ඊට පස්සෙ ගීතිකා ඇන්ද රතු පාට සාරිය. එයාට හැඩ වෙන්න උදව් වෙලා මනෝජුත් ලෑස්ති වුණා. එයා එයාගෙ රතු කමිසෙ ඇඳල ‍කෝට් එක උඩින් දැම්ම. රතට හුරු දුඹුරු සපත්තු දෙක හොයන්න බෑග් එක පෙරළුවා.

පොටෝග්‍රැෆර් ළඟට ආව.

'මේ මිස්ට, ඔයා වෙන එකක් ඇන්දෙ නැතිවට කමක් නෑ. බ්‍රයිඩ් රතු ඇන්දම ඇති.'

ලියා එව්වේ - hare :-)

7 comments:

  1. හරියටම මීටර් නෑ

    ReplyDelete
  2. :D :D මනමාලය රතු ඇන්ද එක අහුවාමයි.

    ReplyDelete
  3. තේරුණේ නෑ... :D

    ReplyDelete
  4. මනාලයන්ට මොකටද පාට? හික්ස්

    ReplyDelete
  5. හහාහාහා... මට තේරුනා...!!! මට තේරුනා...!!

    මේකනේ සීන් එක... වෙඩින් ෆොටෝ වල හැමෝම බලන්නේ බ්‍රයිඩ් දිහා.. එයා ඇදලා ඉන්න සාරිය මොන වගේද දාලා තියන ජුවලරි මොන වගේද ඒවා කොච්චර ගනන්ද.. එතකොට හෙයාර් ස්ටයිල් එක.. ඩ්‍රෙස්කලේ කවුද.. ඒ වගේ අනම් මනං ගොඩයි..

    හැබැයි ඉතිං තාම අපේ රටේ ගොඩක් තැන් වල ගෘම් ගැන බැලන්නේ නැහැනේ.. ඌ මොකක් ඇදලා කොහොම හිටියත් එකයි.. අඩුම තරමේ මනමාළයා එවෙලාවේ ළග ඉන්න එක විතරයි වැදගත් ඇදුම වැදගත් නෑ...

    මෙතන වෙලා තියෙන්නේ එහෙම සීන් එකක්.. ෆොටෝ එකට මනමාලී වෙනස් උනාම ඇති මොකද මනමාළයගේ මූණ විතරනේ බලන්නේ අනිත් කෑලි වැඩක් නෑ.. නෙ??!!!

    ReplyDelete
  6. කවුරුත් ඔච්චර තමා බලන්නේ! පොටෝ එකේ මනමාලයා නැති උනත් ඒ තරං ගැටලුවක් නෑ! :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...