Friday, October 19, 2012

කාර්තිශා!

ගත දවනා ගිණි අව්වේ
කර්කශ වූ මහ පොළොවේ
අරුම පුදුම ලෙසින් පිපුණ
රෝස පැහැති රෝස මලකි
මටනම් නුඹ
කාර්තිශා…..

ආමි ඇඳුම් දැක ඔරවන
කොළඹ උන්ට සිහන සලන
පුදුකුඩියිරිප්පු හන්දියේ හිඳ
තඹ පෑ දූවිල්ල මැද්දේ
මිදි විකුණන
කාර්තිශා…..

බිත්තියේ ඇති උණ්ඩ පාර
සුළඟිල්ලෙන් හාර හාර
උකුලු මුකුළු සිනා බසින්
“මාත්තියා… මාත් කොළඹ අරං යන්න” 
කියා නුවන් කොණින් බලා
මගෙ හදවත නවතා ලූ
සුරඟන නුඹ
කාර්තිශා…..

“එන්න මාත්තියා ගන්න මේවා”
“යාපනේ තීන හොඳම ඒවා”
කනට කරලා හොර රහසින්
“මේ ගාණට මාත්තියාටමයි”
ඇස් ලොකු කර මදෙස බලා
ඇහැක් ගසා සිනහා පපා
වැඩි ගාණට
තැලිච්ච මිදි
පොකුරු පිටින් මට විකුණුව
දෙව් දුව නුඹ
කාර්තිශා!

ලියා එව්වේ - පූසා (http://sudupoosa.tumblr.com/)

9 comments:

  1. ඉතාම කැමතියි! :)

    ReplyDelete
  2. මේ ගාණට මාත්තියාටමයි”
    ඇස් ලොකු කර මදෙස බලා
    ඇහැක් ගසා සිනහා පපා
    වැඩි ගාණට
    තැලිච්ච මිදි
    පොකුරු පිටින් මට විකුණුව
    දෙව් දුව නුඹ
    කාර්තිශා!...//

    පට්ටම පට්ටයි...

    ReplyDelete
  3. මේ දවස්වල යාපනේ මිදි හැම තැනම... ඒව පට්ට රහයි තමයි!

    ReplyDelete
  4. කපටි වෙළෙන්දියක් :)

    ReplyDelete
  5. කොහේ හරි දැකල තියෙනවදත් මන්දා..!!

    ReplyDelete
    Replies
    1. මගේම බ්ලොග් එකේ තමයි ඉතිං! බැලුවාම වචන සීයයට ඔන්න මෙන්න! පොඩ්ඩක් වෙනස් කරලා සීයයට එව්වේ! :)

      Delete
    2. හැමෝටම ස්තුතියි!
      මේක ඇත්තට ලියන්න හිතුනේ යාපනේ පැත්තේ රවුමක් ඇවිදලා ආවයින් පස්සේ. කවුරු හරි ඒ පැත්තේ යනවනම් බොහොම ප්‍රවේසම් වෙන්න වෙනවා බඩු භාණ්ඩ මිලට ගනිද්දී. ලස්සන ගෑණු ළමයි විකුණන නිසා නෙමෙයි. සංචාරකයින්ව ඉතාමත්ම කැත විදිහට රවට්ටන නිසා! කොටින්ම රුපියල් 50යි කියලා බිල ගහලා තියෙන දේවල් හිට අපිට රුපියල් 60ට විකුණන්න හදපු අවස්ථා තිබ්බා.

      Delete


Related Posts Plugin for WordPress, Blogger...