Monday, October 22, 2012

Adopt a dog

මට මේක හැමදාමත් කරන්න බැහැ ඔයාලගේ අම්මට කොච්චර කිව්වත් වැඩක් නැහැ ඇඳේමයි ජරා කරන්නේ. මට පුළුවන්ද හැමදාම ඔය ජරාව අදින්න. ඉක්මනටම එයාව කොහේ හරි ගිහින් දාන්න නැත්නම් මන් යනවා අපේ ගෙදර.

ලබන සෙනසුරාදට මොකුත් වැඩ නම් දාගන්න එපා. මිසිස් සිල්වියාලගේ බලු අයිතිවාසිකම් සුරෑකීමේ සංවිධානයෙන් පාරේ ඉන්න බල්ලෝ හදාගන්න දෙන උත්සවයක් තියෙනවා ඒකට යන්නම ඕනේ අපි.

අනේ බලන්නකෝ මේ පැටියා, මොන හිතකින් මිනිස්සු මුන්ව පාරට ගෙනත් දැම්මද මන්දා අපි මූව හදාගමු නේද??...

දැන් කවුද මේකව නාවන්නේ, කවන්නේ, පොවන්න, උගේ ජරාව අදින්නේ?

මන් කරන්නම්....

දැන් කොහෙද මූව ගිහින් දාන්නේ කූඩුවක්වත් නැතුව...

ඇයි ඔයාලගේ අම්ම හිටපු එළියේ කාමරේ තියෙන්නේ දැන් ඒක හිස් නේ.

ලියා එව්වේ - නිෂාන්

7 comments:

  1. නිෂාන්ට දැන් හොඳ අනන්‍යතාවක් ගොඩ නැගිලා........ මේක කියවන්න පටන් ගනිද්දි ම නිෂාන් ගේ වැඩක් තමයි කියලා මට දැනුනා. :D

    ReplyDelete
  2. බල්ලට ගිය හැදියාව !!!!

    ReplyDelete
  3. ලොකු නෝනලාගේ සත්ව කරුණාව

    ReplyDelete
  4. හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් නිශාන්

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...