Wednesday, June 27, 2012

අවිද්‍යාව

"මචං උඹ දන්නවද ලෝක වෙළඳ මධ්‍යස්ථානය විනාස කළේ රාවණා"

"නෑ"

"නෑ නෙමෙයි ඔව්. රාවණා ළඟදිම අවදිවෙනවයි කියලා ලංකාවේ ඈතක භාවනා කරන තාපසයෙන් බ්ලොග් එකක් ලියන කෙනෙක්ට කෝල් කරලා කියලා"

"නෑ"

"ඔව් යකෝ ඔව්. ඕක පුදුමයක් නෙමෙයි බං. රාවණා රජ්ජුරුවෝ හද්ද ඩොටේ කාලේ දඬුමොණරෙන් උඩින් ගිය එකේ"

"දඬුමොණරෙට ජෙට් ෆුවෙල්ද දන්නෑ ගැහුවේ"

"විහිළු නෙමෙයි බං. දඬුමොණරේ උඩ යවලා තියෙන්නේ මන්තර වලින්......... උඹ මොනාද කල්පනා කරන්නේ?"

"නෑ බං මං මේ කල්පනා කළේ ඔය යන්ත්‍ර මන්ත්‍ර පස්සේ දුවන රජෙක් නිසා දැන් අපේ රටට කෙලවෙලා තියෙන කෙලවිල්ල. ඇරත් ඉස්සර මිනිස්සු වෙහෙස මහන්සියෙන් මහා දාගැබ් බැන්දා. ඒකට අද... පොඩි බෝක්කුවක් හදන්නත් චීනෙන් එනකං ඉන්න වෙලා"


ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

4 comments:

  1. අහා මම එක එහෙනන් ,.,., අම්මපා ,., මේ මමත් කල්පන කරේ ""මන්ත්‍ර පස්සේ දුවන රජෙක් නිසා දැන් අපේ රටට කෙලවෙලා තියෙන කෙලවිල්ල. "" අව

    ReplyDelete
    Replies
    1. අඩුම තරමෙ හොද පෝස්ට්වලටවත් ඔය මම එක ගොන් කතාව නොලියා හිටපන් බන් ප්ලීස්

      Delete
  2. හෙහ් හෙහ්... ඇත්ත නේන්නං. හැබැයි රාවනාට මොකුත් කියන්නෙපා.
    අඩෝ.........ව්!

    ReplyDelete
  3. ඔය බ්ලොග් එකනං මාර පරීක්ෂණයක්...

    බලපං රාවණා අවදි වුණාම උඹව නැට්ටෙං උස්සල පරසක්වල ගහයි! එලාම් එක මේ අවුරුද්දෙනෙ වදිනව කියන්නෙ...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...