එදා ඇවිත් හිටියත් සයිබර් සැණකෙළියේ
ඔබා මාමා නැත මා හට හමු වූයේ
වරද මගෙ බව දනිමි අද දිනයේ
පිරිවර වට කරන් නෙව මාමා හිටියේ
දුටුවෙමි ඔබෙ සිනා යනෙනා විටදී
හිතුනද දොඩන්නට මාමේ ඔබ ලඟදී
දිරියක් නොම වීය මේ ළදරුව හට එහිදී
හිඩැසක් තිබේ මගෙ හිත තුල අද දිනදී
ඔබා කවුරුන්ද යන බව මම අද දනිමී
ලැබ තිබු ගෞරවය හැම තැනදීම මම දුටිමී
කමෙන්ට් දමා හැම දෙන හට නොම ඉදිමී
නිහතමානි ඔබහට මම හිස නමමි
ඉන්නා තැනක සිට අප දෙස ඇස යොමපන්
කොලු-කෙලි පැටව් ටික නුබගේ යයි සිතපන්
යනවා නම සිත් තොසින් ඔබ ලැබ අමා නිවන්
එය සතුටකී පතනෙමු ඔබට නිවන්
ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)
ඔබා මාමට නිවන් සුව අත්වේවා !!!
ReplyDeleteසිංහල බ්ලොග් පවතින තුරාවට ඔහුගෙ නම බ්ලොග් අවකාශය පුරා රැඳේවි. හැමෝම එක්ක සුහදශීලීව සිටි ඒ හිත හොඳ මනුස්සය අද හොඳ තැනක ඇති.
ReplyDeleteehema wenne ne. Thawa tika kalekin ada blog liyana aya nawathiy. Aluth aya ei. Eyalata observer mathaka hitina ekak ne. Jeewithe ehemailu!
ReplyDelete