Friday, June 15, 2012

ධනාත්මක චින්තනය

"අතෑරලා දාන්න..!"

මම තිගැස්සී ඔහු දෙස බැලුවා...

"මටද කිව්වේ..?"

"ඔව්..."

බස් නැවතුමේ මා හැරුණු කොට සිටියේ ඔහු විතරයි... දිගින් දිගටම අසාර්ථක වුණු වෙළඳ ගනුදෙනුවක් හඹා යෑමෙන් හෙම්බත්ව උන් මා සිත තුල වූ පෙරළිය ඔහු දැනගත්තේ කෙසේදැයි මා දැන සිටියේ  නැහැ..

"මම යකඩයක් වගේ මිනිහෙක්... යමක් හිතුවොත් කරලා තමයි පස්ස බලන්නේ... දුර්වලයෙක් වගේ අතාරින එක මගේ පොතේ නෑ..."

මම කියද්දී ඔහු සිනාසුනා...

ඉතිං ඔහේ හරිම දුර්වලයෙක් නේන්නම්... ඔහේට ශක්තියක් නෑ යමක් අතෑරලා ඒකේ ප්‍රථිපලයට ශක්තිමත්ව මූණ දෙන්න... පරාජයක් හිනාවෙන් පිළිගන්න... අලුත් අභියෝගයක් හඹායන්න...”

ඔහු කියවාගෙන ගියේ මම කට ඇරගෙන අහගෙන සිටිද්දීයි...

“අතෑරලා දාන්න..!”

ඔහු නැවතත් එසේ කියමින් නැවැත්වූ බස්රථය දෙසට පියමැන්නා...


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

9 comments:

  1. අතෑර දැමීම තමයි අමාරුම දේ!

    ReplyDelete
  2. මට කතාව එච්චචර තේරුනේ නැහැ ...

    ReplyDelete
  3. අතෑරලා දාන එකත් වෙලාවකට ඕනි වෙනවා.....

    ReplyDelete
  4. ඕං ඔහෙ අතෑරලා දාපන්..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. letting go is da hardest part specially when u fail!

    ReplyDelete
  6. let it go... sometimes we say we did, but its not the truth, we have just buried it for later reference :) isnt it :)

    ReplyDelete
  7. ඔන්න ඕක අල්ලා දාන්ඩ බීටලේ....!

    ReplyDelete
  8. giving up doesn't always mean you are weak, sometimes it means you are strong enough to let go! :)

    ReplyDelete
  9. ඇත්ත, අල්ලාගෙන ඉන්නවාට වඩා අත හැරීම අමාරුයි. ඒකට ලොකු ධෛර්යයක් ඕනෙ.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...