Wednesday, June 13, 2012

එලටම උගන්නන ගුරුවරයා ගින්දර පොරකි

අළුතෙන් පත්වීම් ලද අපේ මිතුරු ජයා වැටුනේ ග්‍රෑන්ඩ්පාස් පැත්තේ ඉස්කෝලෙකටය. ප්‍රින්සිපල් මූට අටේ පන්තියක් දී ඇත. පන්තිය පිස්සන් කොටුවක් වැනිලුය. උගන්නන දෙයක් එකෙක්වත් අහං ඉන්නේත් නැතිලුය. බැන්නත් වගේ වගක් නැතිලුය. බැරිමතැන දෙතුන් දෙනෙකුට තඩි ටොකු ඇන ඇත. ඒත් පලක් වී නැත.

මූ දවසක් ඔරොප්පු මූඩ් එකෙන් පන්තියට ගොස් ඇත. මේසයට දඩාං ගා ගසා මේසය මත වාඩිවී ඇත.

"ඕයි..... නිස්සද්ද වෙනවල... බලනවල මේ පන්තියෙ හැටි....? මොකද්ද ඕයි මේක? රයිට්... මෙච්චරයි. මේ මාසෙ ඉවරවෙන්ඩ කලිං අපි මේ පන්තිය ‘ගින්දර ටිකට’ හදල ගන්ඩ ඕනෙ හරී...C"

පන්තිය නිස්සද්දය. කලින්දා ටොකු කාපු එකෙක් නැගිට්ටේය.

"එලකිරි සර්....C"

දැනට ගෙවී ඇත්තේ සතියකි. දැනටම ඒක පාසලේ හොඳම පන්තියලු.



ලියා එව්වේ - Charmi (http://reargate.blogspot.com/)

8 comments:

  1. තේරෙන බාසාවෙං කියන්ඩ එපැයි!

    ReplyDelete
  2. SATHIYAKIN KIYANTA BEHENE MASAYAK YANNA EPAI

    ReplyDelete
    Replies
    1. දැනට මාස දෙකයි. වැඩේ නැගලම යනවලු. :)

      හොඳම කෑල්ල දෙමාපියන්ගෙ. දෙමාපියො එනවලු ප්‍රයිවෙට් එකේ ක්ලාස් දාගන්න. මූ කියල ප්‍රයිවෙට් ක්ලාස් ඕනෙ නෑ. හැම ලමයෙකුගෙම වගකීම මම ගන්නව කියල. ආයෙ පහුවදත් ඇවිත් අහනවලු. බැරිමතැන මූ අහල නිකං ලැබෙන දේම ඇයි සල්ලි දීලත් ගන්නෙ කියල.

      අඩුම ගානෙ ඌ අහන එකවත් ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නැතුව කට ඇරං බලං ඉන්නවලු.

      (හින්ට් එකක් - මිනිහා කාලයක් සිංහල බ්ලොග් එකකුත් කොලා. දැන්නං ඒක මලකඩ කනවා. එලිදරව් කොරන්ඩ අවසර ඇත්තේ ඔච්චරයි)

      Delete
  3. සර් මොනවද උගන්නන්නෙ...? සමාජ අධ්‍යනයද සමාජ විද්‍යාවද ?

    ReplyDelete
  4. උගන්නනවා ඇත්තෙත් එහෙමද දන්නෑ...

    ආතල් එකේ කාබන් අණුවක් ලගා ගහගෙන ඉද්දී, ඒ ජොයින්ට් එකටම පදිරි වෙච්ච ඔක්සිජන් අණු දෙකක් දිරාමාට් වෙලා ගින්දර වගේ CO2 හැදෙනවා... :D

    ReplyDelete
  5. දේසේ හැටියට වාසේ කිව්වලු ...

    ReplyDelete
  6. අර කිව්වත් වගේ දේසෙ හැටියටලු...බාසෙ...!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...