Monday, June 25, 2012

ජීවිතේ ගැටගහන මන්තරේ

“කපුරුබෝල විසිපහක් දහයයි…”

දුම්රිය වේදිකාව ඔස්සේ පැමිණි වෙලෙන්දා මා ඉදිරියේ නැවතුණා…

“මහත්තයා කපුරුබෝල..?”

“එපා..!”

මුහුණට දමා ගැසු තනි වචනය ඔහුගේ කහට ගැසුණු දසන් වල වැදී ඉවතට විසිවුනේ එහි වූ අව්‍යාජ සිනාවට මඳකිනුත් හානියක් නොකරමින්…

“කපුරුබෝල විසිපහක් දහයයි…”

හඬගාමින් ඔහු මා පසුකර නික්මුණා…

උදෑසන ලැබුණු ක්‍රෙඩිට් කාඩ් බිල හරහා සියවෙනි වරටත් නෙත් යැවූ මම එය සාක්කුවට රුවා ගත්තේ ඉලක්කම් ගණනක පඩිපත මාසික ණයතුරුස් හා සමබර කිරීමට සිතින් උත්සාහා කරමින්…

“කපුරුබෝල විසිපහක් දහයයි…”

කලාතුරකින් කෙනෙකු බර අඩුකරන ලද කපුරුබෝල මල්ලත් රැගෙන වෙලෙන්දා ආපසු ගමනේ…

“මහත්තයා කපුරුබෝල..?”

“කපුරුබෝල නෙමෙයි… ඔහේ දන්න මන්තරේ මටත් කියනවකෝ..?”

“මොන මන්තරේද මහත්තයා…?”

ඔහු ඇසුවේ පුදුමයෙන්…

“ජීවිතේ ගැටගහන මන්තරේ..!”


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

4 comments:

  1. අපි "එපා" කියල කිව්වම ඔය මිනිස්සුන්ගෙ හිනාවෙ වෙනසක් නොවීම සෑහෙන්න හිතට වැදෙන දෙයක්.

    ඉස්සර අපි පුංචි කාලෙ අම්ම එක්ක ඉස්කෝලෙ ඇරිල එද්දි කකුල් දෙක පණ නැති මනුස්සයෙක් කපුරු බෝල විකිණුව ටවුමෙ. කවදාවත් අපි අරගත්තු බවක් මට මතක නෑ. නමුත් ඒ මනුස්සයගෙ හඬ වගේම හිනාවත් මට යන්තමින් මතකයි.

    ජීවිතේ ගැටගහගන්න මන්තරේ ඔය මනුස්සයගෙ කියල මහ ලොකු වෙනසක් නැතිව ඇති. ණය නොවී ඉන්න ට්‍රයක් දෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් ලෝකෙම දැන් රෝලෙන් දුවන එකේ තනි තනි මනුස්සයටත් ඒ තියරිය තමයි හරි යන්නේ...

    ReplyDelete
  2. අපුරු කතන්දරේ...ඇත්තට එ හිනාව නිකම්ම හිනාවක්ද ...

    ReplyDelete
  3. එපා කියන එකත් ගණුදෙනුවක්

    ReplyDelete
  4. මේක නන් හරිම අපූරුයි

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...