Monday, June 11, 2012

තාත්තාගේ ලව් ස්ටෝරිය

ගුණ‍සේන අපේ තාත්තා. හැටගණන්වල කොළඹ වැඩකරද්දි යාළුවො එක්ක කළේ පත්තරවල මිතුරු හමුවෙන් කෙල්ලො සෙට් කරගන්න එක.

ඔන්න ඔහොම ගුණසේනට ගාල්ලෙ කෙල්ලක් සෙට්වුණා. මාස කීපයක් තිස්සෙ ලියුම්වලින්ම වැඩේ තිතට ගිහින් කාලෙකදි දෙන්නට හම්බවෙන්න හිතෙනවා.

ගාල්ලෙ ස්ටේෂන් එකේදි හමුබවෙමු කියලා දින වෙලාවලුත් එක්ක කලින් කතාවෙනවා. ගුණසේන කියන්නෙ එයා ගාලු එන්නෙ යාළුවෙක් එක්ක කියලයි.

කතා කරගන්න දවසෙ තමන් එක්ක යන්න හිටපු යාළුවට හදිසි රාජකාරියක් වැටෙන නිසා ගුණසේන තනියම ගාල්ලට එනවා. ස්ටේෂන් එකේ කතාකරගත්තු තැන කියපු විධියෙ ඇඳුමක් ඇඳගෙන කෙල්ලක් ඉන්නවා.

“ඔයා මල්ලිකාද?”

“ආනේ ඔව්.. ඔයාද ගුණසේන?”

කෙල්ල හිනාවෙනවා... හප්පා... දත් ටික අප්සෙට්!

ගුණසේනටත් අප්සෙට්!

“අනේ නෑ... ගුණේට හදිසි වැඩක් තිබිල එන්න බැරි වුණා.”

 

ලියා එව්වේ - hare :-)

18 comments:

  1. තාත්තාත් අපිට දෙවෙනි නෑ නේ.

    ReplyDelete
  2. අතීතයෙන් ගග ගලා බසී.....................

    ReplyDelete
  3. :D :D pavu anee kella

    ReplyDelete
  4. ඔබතුමා කවදාවත් ‍ඔහොම වැඩක් කරලා නැද්ද

    ReplyDelete
  5. දත් අප්සට් උන එකනම් මදෑ අපේ සමහරු උන් ගියා නොවෑ අලි බලන්නත්

    ReplyDelete
  6. දෙපාරක්ම කියෙව්වට පස්සේ තමා සීන් එක තේරුණේ. :)

    වැඩේ කැතයිනේ. දත් ටික විතරනෙ අප්සට් කියලා හිතන්න තිබුණා ගුණසේනට. පස්සේ පස්සේ අප්සට් ඒවා ගොඩයි නම් ඔන්න මාරු වෙන්න තිබුණෙ.

    ReplyDelete
  7. හෙහේ... :)

    ReplyDelete
  8. DATH UPSET GUNASENA GE DA MALLIKA GE DA?

    ReplyDelete
  9. මේක අපේ තාත්ත ඉස්සර පොඩ්ඩක් ගත්තු වෙලාවල් කීපයකදිම කියපු කතාවක්. ලියන්න හිතුණෙ 'තරු නිසලයි'ගෙ ෆේස්බුක් ප්‍රේමය (http://onezerozerowords.blogspot.com/2012/05/blog-post_30.html) පෝස්ට් එක නිසා.

    ඔහොම එකක් මටත් වුණා. අහම්බෙන් ආපු කෝල් එකක් දුර දිග ගිහින් සෙට් වුණ ළමයෙක් එක්ක. ඒ වුණාට ඇත්තට හම්බ වුණාට පස්සෙ අපි දෙන්නටම එකිනෙකාට හිත ගියෙ නෑ. ඒක එහෙම්මම නැවතුණා.

    ReplyDelete
  10. හික් හික්.. කුජීතයි...

    ReplyDelete
  11. හික් හික්,.,මදෑ කෙල්ලො හොයන්න ගියා පත්තර වලින් <><. :D

    ReplyDelete
  12. පට්ට පට පට කතාව :D

    ReplyDelete
  13. අඩෝ ගාල්ලෙ කෑලි එහෙම චාටර් නෑ යකෝ!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...