Sunday, May 15, 2011

එකම අවසානය

ආරම්භය

කතාව පටන් ගන්නේ අඳුරන්නේ නැති කෙනෙකුගෙන් ලැබුන දුරකතන ඇමතුමකින්..

අවසානය 1
“ඇත්ත කියපන් ගෑනියේ. කවුද ඒ කෝල් කරපු මිනිහා. උඹට ඌත් එක්ක හොර හොරාට මුමුණන්න ගොඩක් දේවල් තියනවනේ. තෝත් එක්ක තවත් දීග කාලා වැඩක් නෑ.. හොඳ හිතින් තියන ලට්ට ලොට්ට ටිකත් අරගෙන බැහැපන් එලියට මගේ යකා අවුස්සන්නේ නැතුව.”

අවසානය 2
“ඇත්ත කියපන් මිනිහෝ.. කවුද ඒ කෝල් කරපු එකී. උඹට ඒකිත් එක්ක හොර හොරාට මුමුණන්න ගොඩක් දේවල් තියනවනේ. තමුසෙත් එක්ක තවත් දීග කාලා වැඩක් නෑ.. මම ඔක්කොම ටික ඇඳුම් පැක් කරගත්තා.. මේ දැන්ම යනවා අම්මලාගේ ගෙදර.”

කතාවට අවසානයන් දෙකක් තිබුණ උනත් අන්තිමට ගෙදරින් එලියට බැහැලා යන්න වෙන්නේ එකම කෙනාට නේද?

ලියා එව්වේ - රත්ගමයා (http://sun-ge-lookaya.blogspot.com/)

13 comments:

  1. මලයෝ නුඹේ පළමු වදන්-සීයයට සුබපැතුම්!

    ReplyDelete
  2. දැන් උඹට වුනේ මේ දෙවෙනි එකද? නෝනා එළි බැස්සද උඹව දාලා?

    ReplyDelete
  3. ඔව්ව ඔහොම තමා

    ReplyDelete
  4. අනිත් දවසෙ "උඹ ඉඳපන් ගෑනියෙ මම බහිනවා" කියල උඹ එලියට බැහැපන් බන්

    ReplyDelete
  5. අඩෝ.. එල එල...
    අත්දැකීම එලෙසම ලියලා තියෙනවා..
    නුබ ඊලග වටයට යවනවා.

    ReplyDelete
  6. කමෝන් රත්ගමයා මහතා....

    ReplyDelete
  7. ඔය වලි බං බත ප්‍රයිවෙන කම් විතරලු :D

    ReplyDelete
  8. පළමු වදන් සීයට සුබපැතුම් මල්ලි...නියමෙට ලියලා

    ReplyDelete
  9. හැබැයි බං බින්නබහිනවා නම් වහලේ හුළු අත්තකුත් ගහලා තියාපිය කියලා පිරිමින්ට උපදෙස් දීලා තියෙනවාලු..

    ReplyDelete
  10. ටෙලිකොම් එක භංග වේවා ......!!!!!

    ReplyDelete
  11. කරන්න දෙයක් නෑ බං.ඔවා ඔහොම තමා...

    ReplyDelete
  12. ඒකනෙ කියන්නෙ බින්න බහින්න යනවනම් හුළු අත්තකුත් ලෑස්ති ක‍රගෙනම ඉන්න කියලා.

    ReplyDelete
  13. රිච්මන්ඩ් ගිහිපු එකෙක්May 17, 2011 at 1:23 AM

    කතාව ඇත්ත විදියටම ලියල තියෙනවා

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...