Friday, November 9, 2012

සන්තෝශයේ ත්‍රිකොණමිතිය

ආදරය රාගයද නොවේ
රාගය යනු අදරයම නොවේ
රාගය විශ්වාසයත් නොවේ
නමුත් රාගය විශ්වාසය මත රඳා පවතී
අදරය යනු විශ්වාසයම නොවේ
අදරයේදී රාගය ඇතිවේ
රාගය ඇතිවන්නේ විශ්වාසය මතිනි
නමුත්
විශ්වාසය රාගය නිසාම ඇති නොවේ
සතුට නිසාම ආදරයට පැවැත්මක් නැත
රාගයෙන් තොර ආදරය බොහෝ දුර දෙයකි
නමුත් සතුට ආදරය මතින් ඇතිවේ

සන්තෝශය ඇතිකිරීමට ආදරයට හා රාගයට පමණක්ම නොහැකිය
සන්තෝශය ඇතිකිරීමට රාගයට හා විශ්වාසයටම පමණක්මද නොහැකිය
සන්තෝශය ඇතිකිරීමට ආදරයටම හා විශ්වාසයට පමණක්මත් නොහැකිය

රාගයෙහි පමණක්ම හැසිරීමෙන් ජීවිතය සතුටු නොවේ, නොඑසේනම් එය හුදෙක් සතුටක් නොවේ, ආදරය පමණ්ම ලැබීමත් විටෙක අසත්තෝෂයක් ඇති කරයි, විශ්වාසය පමණක්ම රැගෙන යන්නාට ආදරය සහ රාගයත් හමු වූ විටෙක, සන්තෝශය ඇතිවේ!

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

9 comments:

  1. සහතික ඇත්ත. ඕකම තමයි ගුනදාස කපුගේ මහත්තය මේ විදිහට ගායනා කලෙත්. "රාග ගිනි ජාලාවේ, ප්‍රේමයේ උනුසුම් සුසුමේ. වෙනස ඔබෙනි දැනුනේ. අයාලේ ගිය ජීවිතේ ඔබෙනි පල ලැබුවේ"

    ReplyDelete
    Replies
    1. හැබෑනේන්නම් !! ඒ සින්දුව ගැන දැන් තමයි සිහි උනේ :D

      Delete
  2. හ්ම්.... පිරමීඩයක් !

    ReplyDelete
    Replies
    1. හරියට හරි! නියම ලර්නිං අවුට් කම් එකක් :D

      Delete
  3. හම්ම්ම්ම්ම්ම්ම්ම්.....

    ReplyDelete
  4. මට නම් නිකන් කොයිල් කොයිල් වගේ අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. අඳින්න සමපාද ත්‍රිෙකා්ණයක් ආදරය, රාගය සහ විශ්වාසය දාන්න ත්‍රිකෝණයේ මුළු තුනට.. ඒක දිහා බලලා සන්නස්දනය කරන ගමන් කියවන්න ආයෙත්... :)

      මධුරංගට වගේ ඔයාටත් පිරමීඩයක් මැවිලා පෙනේවි, ඒ වගේම පිරමීඩයේ උඩින්ම සන්තෝශය කියන දේ තියේවි :D

      Delete
  5. මේක නම් සුපිරි

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...