Friday, November 30, 2012

මල් සීය

වචන සීයක් ලියන්නයි හිතුණේ.
කොළයකුත් පෑනකුත් අතට ගත්තා.
දැන් මං මොනවද ලියන්නේ? හිතමින් මතකෙට මොනවහරි එනකන් කොළේ උඩ හරියෙන් පොඩි රවුමක් ඇන්දා.
රවුම වටේට පෙති දාලා ඒක මලක් කළා.
ඊළඟට ඒකෙ ත්‍රිමාන ලක්ෂණ මතුවෙන්න පාට කළා.
පෙති වල සුමට ගතිය ගන්නයි මං ගොඩක් වෙහෙසුණේ.
තව පොහොට්ටුවකුයි කොළ කීපයකුයි දාලා ඊළඟට ඒක මල් ඉත්තක් කළා.
නැවත නැවතත් මල් කීප තැනකම ඇන්දා.
මුළින් පෙති පහේ මල්. ඊළඟට අටපෙති, දාස්පෙති වගේ මලුත් ඇඳුණා.
පොකුරු මලුත් ඇඳුණා. හැම මලම පාට කළා.
පස්සෙ මං මල් ගණන් කරමින් අඳින්න ගත්තා.
මල් සීයකට ආවම තමයි නැවතුණේ.
ලියන්න මුකුත් හිතුණෙ නෑ කියල හිතෙනකොට කොළේම මල් වලින් පිරිලා තිබුණා.

ලියා එව්වේ - මගේ ජීවිතය

3 comments:

  1. හිස් කොළයක් මොනවහරි දෙකින් පිරෙන එකත් හොඳා.

    ප.ලි. - හොඳ වෙලාවට අද නම් ගොං කතාවක් නෙමෙයි.

    ReplyDelete
  2. මලුත් දැන් සීයට නැහැ කියලා තමා මල් ගැන ලියන අය කියන්නේ :)

    ReplyDelete
  3. මල් සියකුත් ඇදුනා බ්ලොග් පෝස්ටුවකුත් පිරුණා. නියමයි වැඩේ.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...