Monday, June 4, 2012

උඹලාගේ කඩේ සම්බෝල

ඇය හෙල බස හසුරන්නේ නුහුරටය, පාසැලේදී මා ඇසුරු කරන එකම තැනැත්තිය වූ ඇය ඉතාමත් චතුර ලෙස ඉංග්‍රීසි බස හසිරුවාය. ඇතැම් විට ඇයගේ කතාව මට කරදරයක්ද විය.

දිනක් දිවා අහාර වෙලාවේදී ඇය චතුර ලෙස ඉංග්‍රීසි බසින් මා හා රස කතාවක් කීවාය.

මම පුංචි කාලේ අපේ අල්ලපු ගෙදර සිංහල කඩයක් තිබුනා, දවසක් අම්මා මාව කඩේට යැව්වා බඩු වගයක් ගේන්න, මම කඩේට ගිහින් ඇහුවා උඹලාගේ කඩේ සම්බෝල තියෙනවාද කියලා, කඩේ කෙනා ආයි ආයි අහද්දි මම ඒකම ඇහුවා. අත්තිමට අම්මා එක්ක මට ආයිත් එන්න කිව්වා, එයාලා අම්මාගෙන් ඇහුවා ඇයි මේ ළමයා මෙහෙම අහන්නේ කියලා. ඊට පස්සෙයි අම්මා කිව්වේ මට ගේන්න කිව්වේ උම්බලකඩ සම්බෝල කියලා

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

6 comments:

  1. "පුහුල් ඇටෙන් ඩොං " මොකක්ද වචනේ කියන්න බලන්න...

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඇත්තට හිතාගන් බැනේ.

      Delete
    2. මොන කුණුහබ්බයක්ද බොල මේ...?

      Delete
  2. :D කඩේ මිනිස්සු බලන්න ඇති මේ මොකක්ද මේ කියන්නේ කියලා..

    ReplyDelete
  3. :D :D ඔන්න මම තව අලුත් වචනයක් ඉගෙන ගත්තා :) 'උඹලගේ කඩේ සම්බෝලේ''

    ReplyDelete
  4. ඒකත් නරකම නෑ.. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...