Wednesday, November 7, 2012

Girls Vs Bus තියරිය

“ගෑණු ළමයි පාරේ යන බස් වැනිය, එකක් වැරදුනොත් අනිකේ යා හැකිය.” 

බලන්න මේ කියමන අහල තියෙනවද කියල.  මේක තියරියක් නම් අපිට මේ තියරිය ගොඩනගන්න වෙන්නෙ උපකල්පන 2ක් මත. 

1.    ගෑණු ළමයා = බස් එක
2.    දවසක්  = ජීවිත කාලය 
   
කොහොම උනත් ඒක ඇත්තක්ද කියල තීරණය වෙන්නෙ ඔබ බස් එකට ගොඩ වෙන්න හදන තැන මතයි.

කොළඹ පැත්තෙ නම් පාරවල් වල එක බස් එකක් යනකොට තව එකක් විදිහට පෝලිමේ බස් එනව, එක බස් එකක් වැරදුනාට නම් අවුලක් නෑ. ඒත් අපේ ගම් පළාතෙ,

මුළු දවසටම තියෙන්නෙ එකම එක බස් එකක් විතරයි.

අන්න ඒ නිසා මම නම් කීයටවත් බස් එක මිස් කරගන්නෙ නෑ.

ඇත්තමයි...

ලියා එව්වේ - මන්දාරම (http://mandharama.blogspot.com/)

12 comments:

  1. ඉතින් බස් එකක් හම්බ වෙලාද තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, දැන් ඒ බස් එකේ ගොඩක් දුර ගිහින් තියෙන්නෙ. ස්තූතියි Comment එකට,පුලුවන්නම් මන්දාරමටත් ගොඩ වැදිල යන්න. mandharama.blogspot.com

      Delete
  2. ඕක ගෑනුන්ට විතරක් නෙමෙයි පිරිමින්ටත් පොදුයි. හැබැයි ජීවිත කාලෙම එක බස් එකයි කියලා හිතෙන එක නම් අවුලක්. මොකද අපිට කවදාවත් අපිට ගැලපෙන කෙනා හරියටම හම්බවෙන්නේ නෑ. මගේ නම් තියරිය බස් එක හරියන්නේ නැත්නම් වෙන බස් එකක යන එක තමා. හැබැයි බොරුව රැවටිල්ල ඔය කොයි ගමනකවත් තියෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. 100%ක් එකඟයි. ගැලපෙන්නෙ නැත්නම් බස් එක වෙනස් කරන එක තමයි හොඳම දේ. බැරිම උනොත් ඉතින් බස් එකේ හැටියට අපි වෙනස් වෙලා හරි ගමන යන්න වෙනව නේද?
      ස්තූතියි Comment එකට,පුලුවන්නම් මන්දාරමටත් ගොඩ වැදිල යන්න. mandharama.blogspot.com

      Delete
  3. Bus ekak neththam mama nam train eke hari paare ena lorry kattaka hari ellila enawa.

    Mata watinne adare...

    Adare = gamana

    ReplyDelete
    Replies
    1. 100%ක් එකඟයි.ස්තූතියි Comment එකට,පුලුවන්නම් මන්දාරමටත් ගොඩ වැදිල යන්න.http://mandharama.blogspot.com/

      Delete
  4. ඉතින් ඒ බස් එක හරි බස් එක නෙවෙයි නම්?

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්න දෙයක් නෑ. එහෙනම් දෙවෙනි උපකල්පනේ වෙනස් කරගන්න.බලාපොරොත්තුවෙන් ඉන්න, ඔයගෙ බස් එක කීයට හරි ඒවි. ඒ බස් එක නම් කීයටවත්ම miss කරගන්න එපා.

      ස්තූතියි Comment එකට,පුලුවන්නම් මන්දාරමටත් ගොඩ වැදිල යන්න.http://mandharama.blogspot.com/

      Delete
  5. උදේ හවස එකම බස් එකේ යන ගමන් පරක්කු වෙන දවස් වලට වෙන වෙන එව්වයෙත් යන්න සිදිධ වෙන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙන දවස් වලටද නැත්නම් change එකකටද?

      ස්තූතියි Comment එකට,පුලුවන්නම් මන්දාරමටත් ගොඩ වැදිල යන්න.http://mandharama.blogspot.com/

      Delete
  6. මන් නම් තාම බස් වල ගිහින් නැහැ :)

    ReplyDelete
  7. ඔව් ඒක මිස් උනොත් " හෙට උදේ එකේ තමා " ..


    ගමේ නම් වරදින්නේ බස් එකය .
    නගරේ බස් වැරදීද නැග හැකිය
    පොකැට්ටුවේ කාසි තිබ්බොත් ආපසු ඒ හැකිය
    ගමේ නම් හෙට වන තුරු ලැග යුතුය..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...