Friday, September 7, 2012

බ්ලීචිං ක්‍රීම්

සති අන්ත පුවත් පතක මංගල යෝජනා තීරය කියවීම විනෝදයකි, විවිධ තරාතිරමේ මනාලියන් හා මනාලයින් පිළිබඳ යෝජනා කියවමින් අවිවාහක අප විහිලුවට ලක්කරීම මිතුරියන්ගේ සුපුරුදු විනෝදාංගයකි.

“මට හොයන්න වයස 60ක විතර සල්ලිකාරයෙක්” විහිලුවට මෙන් කියමින් මාද ඔවුගේ විනෝදයට එක් වුනෙමි.

“බඳිනකල් ශේප්එකේ ඉන්න , මිනිහට සතුටටම හාට් ඇටෑක් හැදෙයි ඔයාව දැක්ක ගමන්” ඔවුන්ද සරදම් කලෝය.

“ ඒකනේ වෙන්න ඔනි... ඉක්මනට අන්තිම කැමැත්ත මගේ වාසියට ලියව ගන්නවා”
අප සියල්ලෝම සිනාසුනෙමු.

“මේකේ තියෙන්නේම සුදු දියණියන්ට මංගල යෝජනා. .. ආසාවට තලෙලු අයට මඟුල් යොජනාවක් නෑ”

“සුදු ලස්සනම පුතුට හැබෑම ලස්සන සුදු දියණියක්!! හම ගහන්න තමා වෙන්නේ කෙල්ලන්ව”

කියමින් අනෙක් පිට පෙරලීමි.

දැන්වීමක්
XXXX බ්ලීචිං ක්‍රීම්


ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

6 comments:

  1. අපොයි ඔවුවා නම්..... !

    ReplyDelete
  2. අපේ රටේ කොල්ලොන්ට දැන් තියන සුදු කෙල්ලෝ හොයන පිස්සුව හින්දා කළු කෙල්ලෝ සේරම තනිකඩවම මැරිලා යාවී. පරම්පරා ගානක් එහෙම ගියම කළු හම ඇත්තෝ වඳ වෙලා මුළු ලංකාවෙම සුදු හම ඇත්තෝ ඉතිරි වෙයි නේ..

    ReplyDelete
    Replies
    1. කොච්චර දෙයක්ද අප්පා

      Delete
    2. හමේ රෝගීන් ටිකක් තමයි ඉතුරු වෙන්නේ.

      Delete
  3. Sudhu kello godak lassanai.. Ekai wenasa..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...