Monday, September 10, 2012
පෑන් කේක්
බණ්ඩාරණායක ගුවන්තොටුපලේ සිට ගුවනට නැගුනු ඉතියෝපියන් එයාර්ලයින් ගුවන් සේවය බෙනින් බලා පියෑඹුවේය. ගුවනේ පැය පහකට වඩා පියාසර කිරීමත් ගුවන් සේවයේ අඩු මඟී සේවයත් ඔහුට පැය දහතුනක ගමන එපා කර තිබුණි. ඒ අතර දැඩි කුසගින්නෙන්ද පෙළුණු ඔහු එයද ඉවසා ගෙන සිටියේය.
ඉන් ටික වේලාවකට පසු නොදැනුවත්වම ඔහුට නින්ද ගොස් තිබුණි. පැය කීපයකට පසු ගුවන් සේවිකාවක විසින් ඔහු ඇහැරවීය.
එක් ගුවන් සේවිකාවක් කුඩා පිඟන් වල පෑන් කේක් බෙදමින් එමින් සිටියාය. මොහුටද පිඟානක් ලැබුණි. මොහුද හරි බරි ගැහෙමින් පෑන් කේකය කටේ ඔබා ගන්නට සිතා අතින් එය ගන්නට සැරසුණි. එහා අසුනේ සිටි තැනැත්තා පෑන් කේකය දිග හැර එක් වරක් ගසා තම මූණ පිසදා ගත්තේය.
ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)
Subscribe to:
Post Comments (Atom)
පෑන් කේක් එකෙන් මූන පිහලා ඊට පස්සේ රෝල් කරලා කටේ ඔබා ගත්තා ලූ @
ReplyDeleteමොකක්ද මේ හරුපේ :/
ReplyDeleteman nam tube light
ReplyDeleteShe's talking about a rolled yellow tissue! :P
ReplyDeleteහොට් ටවල් සුදු එක නිදිමරගාතේ කහ පාටට පෙනිලද?ශ්‍රීලංකාව හැම අතින්ම ජයගත්ත රටක් නිසා, අහේනි රටවල එඋන් රැකියා සදහා පෝලිමේ එනවනේ. මේකත් ඉතියෝපියාවෙන් ඇවිල්ල ටුවරිස්ට් වීසා ඉවරවෙලා හොරෙන් වැඩ කරද්දී අල්ලලා යවපු එකෙක්.
ReplyDeleteමං හිතන්නෑ ප්ලේන් එකක ගිහින් නැති පිරිසෙන් වැඩි දෙනෙකුට මේක තේරුම් යයි කියලා
ReplyDeleteඅඩේ සිරාවටම වචන 100යිනේ....
ReplyDeleteඇඩෙනවා..
පට්ට සීන් ඒක ....
ReplyDelete