දුම්රිය සෙමින් සෙමින් ස්ටේෂමට සේන්දු විය. දුම්රිය තුළට වැදුනු මා දෙනෙත් සෙවූයේ ආසනයකි. ඉදිරිපසම හිස්ව තිබුණු අසුනක මා අසුන් ගත්තෙමි.
ඉදිරි පස අසුනේ මට මුහුණලා සිටියේ තම දෑස් බිමට නැඹුරු කර ගත් පැවිද්දෙකි. තැන් තැන් වල අණ්ඩ දමා තිබුණු සිවුරත්, විවර්ණ වුණු කුඩයත්, පාවහන් පවා නොපැලඳ සිටි උන්වහන්සේගේ මුහුණින් විහිදුනේ පුදුමාකාර කාන්තියකි. මුළු ශරීරයෙන්ම අමුතුම දිස්නයක් විහිදුණි. දකිනාවුනගේ නෙත් සිත් ආකර්ශණය කර ගත් ඒ රුව තුල පැවතුනේ පුදුමාකාර ප්‍රසන්න පෙනුමකි. ශාන්තියකි !
උන් වහන්සේ කැලණිය දුම්රිය ස්ථානයෙන් බැස යන තුරුම මා උන් වහන්සේ දිහා ඇසි පිය නොහෙළා බලා සිටියා යැයි වැටහුණේ එවිටය. කිසිදු දිනෙක එතරම් ශාන්තියක් මා සිතට දැනී නොමැත.
ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)
ITHIN APATA MONAWADA KARANNA KIYANNE.
ReplyDeleteඑහෙම කෙනෙක් දැකගන්න ආසාවක් ඇතිවුනා....ඒකටත් පිං තියෙන්න ඕනෙ මයෙ හිතේ...කාන්තාරෙ අපට කොයින්ද එවන් පිනක්...
ReplyDeleteහ්ම්ම්
ReplyDeleteඅපි මෙහෙම හිතමු! ඔයා ඔය පැවිද්දාට කතා කලා. ඔහු ඔයා දිහා රවල බැලුව එයාට එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න කියල. අපි හිතමු එහෙම වුණා කියල. එතකොට ඔයාට පහල වුණ ශාන්තිය කේන්තියක් වෙනවා.
ReplyDeleteඑහෙනම් ශාන්තිය තියෙන්නෙ ඇත්තටම කොහෙද?
ශාන්තිය කියන්නෙත් ඒ මොහොතේ ඇති වුණු යම් හැඟීමක් විතරයි.ඒක ඒ මොහොතේ විතරයි එතනින් ඒක ඉවරයි. ඒ පුංචි වටිනා සිදුවීම වැරදි විදිහකට හිතන්න මට කිසිඳු ඕන කමක් නෑ.
Deleteශාන්තිය ,කේන්තිය, දුක ,සතුට, තන්හාව , ආශාව, වේදනාව, විරහව,ඊර්ෂායාව,ක්‍රෝදය සහ ව්යිරය මේ හැම සිතුවිල්ලක්ම හට ගන්නේ සිතෙන්ම තමයි. :)
අනේ උබටත් කොතන හරි වැරැද්දක් විතරයි පෙනෙන්නෙ. හොදක් පෙනෙන්නෙ නැ
Deleteතරු - ඔය උත්තරේ දෙවෙනි ඡේදෙන් කතාව කියවෙනවා. ශාන්තිය තියෙන්නෙ අපේ හිතේමයි. පැව්ද්දා ඒක මතුකරගන්න උත්ප්‍රේරකයක් විතරයි.
Deleteඇනෝ - මොකෝ මේ තද වෙලා..? වැරදිවලට වැරදි කියන්නත් හොඳට හොඳයි කියන්නත් දෙකම කිසි කේස් එකක් නෑ.
පිං ඇත්තෝ.. :)
ReplyDeleteඑහෙම හාමුදුරුවෝ අදකාලේ ඉන්නවද කියන එකත් පිලිගන්න අමාරුයි.මොකද අද ඉන්න තරමක් ඉන්නේ ගිහියන්ටත් වඩා කම් සැප විදින්න හුරුවෙච්ච අයනේ.
ReplyDelete