අදුරු මගෙ සිත් අහසම
එලිය කලා ඔබ නොසිතුව විලසට
දහසක් සුන්දර හීන ගොඩක් මැද
අපෙ ලොව තනන්න පැතුම් පතමි මම
නොදකින මුත් ඔය රුව මා නිතරම
සිතින් ඔබේ ලග තමයි සෑමවිට
ඉදහිටලා හෝ හමුවන විට අප
දවස ගෙවෙනවා පුදුමයි නොදැනිම
මා කියනා ලද බොලද වදන් ගැන
ඔබ හිනැහීලා විහිලු කරන විට
දුකින් මනෙතු තෙමෙනා විට හනිකට
මා සනසන හැටි කොතරම් සොදුරුද
ආවත් බාධක කොතරම් අපහට
දරා ගනිමු අපි ආදරෙ හින්දම
ආලය වෙනුවෙන් හැම දුක් විදිනට
පුලුවන් බව පෙන්වමු අපි ලෝකෙට
කලකට පසු ඔබ මා හමුවට එන
දිනය ලගයි අතැගිලි ගනිනෙමි මම
ඔබේ අතින් අල්ලාගෙන එදිනට
දලදා වදින්න යමු අපි දෙන්නම
ලියා එව්වේ - චතූ
සමිඳුට මල් අරන් යන්න
ReplyDeleteමමත් එනව මල් නෙලන්න
නුවර වැවට අපි එන වග
සුලඟ අතේ කිය යවන්න
අඳුරු අහස අර බලන්න
බලා ඉන්නෙ වැහි ගේන්න
මතක ඇතුව මල් වැටිච්ච
නිල් කුඩේම අරන් එන්න
ජීවිතයේ සුන්දර පැතුම් තුරුඵු කර ගෙන සෑදූ කවිය ලස්සනයි. :)
ReplyDeleteනියමයි නියමයි.
ReplyDelete