Friday, September 28, 2012

ඔහු සහ ඇය

"නංගි එයා මාව දාලා ගියා"
උසාවියේ රැව් දෙන කටහඬ ක්ෂණයකට බිඳිලා ගියා.
"එයාට මගෙ ආදරේට වඩා අරයගෙ ආදරේ දැනෙනවලු."
මගෙ හිතට නොඉවසිලිමත් කේන්තියක් ආවා.
"අයියා ඔයා ඒ වගේ කෙනෙක් වෙනුවෙන්ද මේ මැරෙන්න හදන්නෙ?"
මගේ නොඉවසිලිමත් සිත වචන වුණා.
"මට දරා ගන්න බෑ නංගි."
මට ආපහු කේන්තියක් ආවා. හුස්මක් එක්ක ගාලු කොටු පවුරෙ හයියෙන් ඒ කේන්තිය වැදුනා.
"එයාව වෙන කාටවත් දෙන්න බෑ නංගි"
"කෙහෙම්මල... එයාව බලෙන් ගෙනිච්චයෑ."
"අනේ එයාට බනින්න එපා නංගී."
ඒ ආදරේ මගෙ හිත සීරුවා.
"ආපහු එයාව මට ලැබෙනව නම් මම පුලුවන් හැම දේම කරල එයාව රැක ගන්නවා."
ඔහු කියාගෙන යනවා.
මම..... ඔහුගෙ පෙම්වතී සොරකම් කල පෙම්වතාගෙ පළමු පෙම්බරී

 ලියා එව්වේ - සංජු (http://sanjuishere.blogspot.com/)

11 comments:

  1. :) කියමි කාට දොසා ...

    ReplyDelete
  2. හම්බේ!!!!!

    ඊට වඩා මක්ක කියන්නද.... නිවාඩුවෙ වෙලාවක මේ ගැන කතා කරමු

    ReplyDelete
  3. අයියෝ සල්ලි දැන් මේ නංගියි අයියයි සෙට් වුනා නම් ඉවරයි.

    ReplyDelete
  4. සියක් වචනට බැඳුණු අපූරුව..
    ලස්සනයි.. :)

    ReplyDelete
  5. පට්ට පට පට සංජු අක්කෙ....

    ReplyDelete
  6. සංජූ ටීචර්ට සීයට ලියන්න පුලුවන්, තමන්ගේ බ්ලොග් එකට ලියන්න තමයි බැරි නේද?
    කොහොම උනත් ලස්සන වචන සීයක කතාවක්

    ReplyDelete
  7. ස්තූතියි හැමෝටම. කමෙන්ට් වලට.

    මගෙ බ්ලොග් එක නම් ... අනේ මන්දා!

    100 ට හිරවෙලා ලියන එක ලේසි වගේ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...