Friday, September 21, 2012

වනලැහැබ අසබඩ විල්තෙර


සඳවතිය සිල්ගත් රැයක  වන ලැහැබක් අසබඩ විල් තීරයක තනිවුනෙමි.

චන්ද්‍රකාන්තියෙන් ආලෝකමත් වන ලැහැබ නෙක දසුන් මවයි. වන මෘගයින් නිදනා හෝරාවේ මුවන් සාවුන් විල් තීරයේ වැතිර සඳ එළිය ස්නානය කලෝය.

ස්වර්ණ හංසයින් විල්දිය මත පිහිනා සතුටු වෙති. රුදුරු යැයි සම්මත වන මෘගයින්ද නිසල හොරාවේ වැඳිරියන් හා රමණයේ යෙදෙන සර්පයෙකුද විල්තෙරෙහි සතුටු වන සිව්පාවුන්ට සමච්චල් කරද්දී සාවුන් මුවන් අසරණව බලා සිටියෝය. ඒ දර්ශණය සිව්පාවන්ට විකාරයක් වුවා සේම අප්‍රිය ජනක විය.

රැය ගෙවා දමමින් සඳවතිය වියැකෙද්දි, අවිහිංසක සිව්පාවුන් වන ලැහැබේ සැඟවී ගත්තේය. වන මෘගයින් විල් තෙරට බට කල වැඳිරියන් පලා යත්ම, මාන බලමින් සිටි උකුස්සෙකු සර්පසා ඉලක්කර කර ඊයේ වේගයෙන් විල්තෙරට පහත් විය.




ලියා එව්වේ - නිෂානි

5 comments:

  1. සඳවතිය සමාදන් වූ සීලය
    සඳකත් මිනෙන්ම සිඳුනාද...
    වැඳිරියන් හා රමනයේ යෙදෙන
    සර්පයන්...
    විල්තෙර පමණක් නොව..
    ශිෂ්ඨ යැයි සම්මත ලෝකයේද
    සිදුවෙයි..එය අරුමයක්ද??
    අඳුර ගලන විට
    අහිංසකයින් සැඟවෙද්දි
    උකුස්සන් ගොදුරු සොයා යති...
    එය ලෝක ධර්මතාවයක්..
    එදෙස මැදහත්ව බලන්න..

    ReplyDelete
  2. සඳවතී සිල් ගත්තට සත්තු සිල් අරං නෑ නේ...

    ReplyDelete
  3. වැදිරියෙක් එක්ක සර්පයෙක් ?

    ReplyDelete
  4. Joint gahuwama ohom wenawa.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...