Sunday, July 31, 2011

ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක...

උඹට ඔනේමනම්
මාව අමතක කරපන්
අමතකම කරපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
මගේ දිහා බලන්නැතුව හිටපන්
බලන් නැතුවම හිටපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
මාත් එක්ක කථානොකර හිටපන්
කතා නොකරම හිටපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
මාත් එක්ක හිනානොවී හිටපන්
හිනා නොවීම හිටපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
ඇති තරම් මාව අඩවපන්
ඒත් කමක් නැහැ මං තරහ නැහැ
ඇති තරම් මාව රිදවපන්
මට ජීවිතේ එපා කරවපන්
එපාම කරවපන්
ඒත් මට
උඹ දිහා බලන් නැතුව ඉන්න කියන්නනම් එපා
මට ඒක කොහොමවත් කරන්න බැහැ
ඊට වඩා හොදයි මගේ ඇස් දෙක උගුල්ලලා දැම්මනම්......
ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......

ලියා එව්වේ - දසුන් මධුසංක (http://karumakkarayekugekadulu.blogspot.com/)

6 comments:

  1. කනට ගැහුවා වගේ කිව්වා නේද... :) :)

    ReplyDelete
  2. ඇත්තටම සැර පරුශ විදිහට කිවුවත්.
    කියන්න ඕනි ඒ ටිකම තමයි.

    ReplyDelete
  3. වයසට ගැලපෙන්නෙ නැති තැනක් වගේ,
    ඒත් කවිය කියෙව්ව,
    බෝම අගෙයි!
    ඒකට තහංචි නැහැ නොවැ!

    ReplyDelete
  4. ලස්සනයි මොනවා උනත් ඇත්තම කියලා තියෙනවා

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...