Sunday, July 10, 2011

ආදරයක් ඇතිවීම....

ආදරයක් ඇතිවීම කියන කාරනය අපිට සරලව පැහැදිලි කරන්න පුළුවන්ද?
කොහොමටවත් බෑ.
ගොඩක් අය හිතන් ඉන්නේ ආදරයක් ඇතිවෙන්න බලපාන්නේ ලස්සන කියලයි. ආදරය කියන්නේ කෙනෙක්ගේ ලස්සනමත පමණක්ම රඳා පවතින දෙයක් නෙමෙයි. ලස්සන කියන්නේ කෙනෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්න බලපාන සාධකයක්. ආදරයක් ඇතිවෙන්න ලස්සන ඇරුනාම තව කොච්චර සාධක තියෙනවද?
ඒ සාධක සියල්ලම අඩු වැඩි වශයෙන් එකතුවෙලා ආදරයක් ඇතිවෙන්න ඕන අවම අවශ්‍යතාව සම්පූර්ණ වුනාම කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙනවා. අවම අවශ්‍යතාව පුද්ගලයා මත රදා පවතිනවා.
ආදරයක් ඇතිවිම කෙසේ වෙතත් ආදරය පවත්වා ගන්න නම් අවශ්‍ය වෙන්නේ දෙන්නට දෙන්නා අතර තියන විශ්වාසයයි. කට්ටිය පණදාගෙන කියෙව්වා නේද? මේක ආදරයක් ඇතිවීම කියන කාරණය පිළිබඳ මගේ අදහසයි. ඔබේ අදහස වෙනස් ඇති.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

12 comments:

  1. වෙන කෙනෙක් සතුව තියෙන අපි කැමති සාධක හරහා තමයි ආදරේ ඇති වෙන්නෙ නේද? ඒක ලස්සන, හිතන විධිය වගේ එක එක එව්වා වෙන්න පුළුවන්!

    ReplyDelete
  2. මටනම් හිතෙන්නේ ලස්සන කියන්නේ ආදරේදි එච්චරම බලපාන සාධකයක් නෙවෙයි. ලස්සන අය විතරක් නෙවෙයිනෙ ආදරේ කරන්නේ. ආදරේ කියන්නේ බලෙන් ඇති කර ගන්න දෙයක් නෙවෙයි. ඒක ඉබේම ඇති වෙනවා. සමහර විට දැක්ක ගමන්ම.. සමහර විට ටික කාලයක් ආශ්‍රය කරද්දී... සමහර විට දකින්නෙම නැතුව....

    ReplyDelete
  3. මන්තරකාරී: දැක්ක ගමන් ඇතිවෙන එකට මම නම් කියන්නේ "ආසාව" කියලා :D

    ReplyDelete
  4. පූසා: දැක්ක ගමන් ඇතිවෙන එකට මම නම් කියන්නේ "ආත්මීය බැදීම" කියලා... දැක්ක ගමන් මිනිස්සු අදුරා ගන්නවා එයා තමයි තමන්ට හරියන, තමන් කැමති, තමන් ආදරය කරන කෙනා කියලා...

    ReplyDelete
  5. මන්තරකාරි: හොඳ වෙලාවට මට ඔයා වගේ හිතෙන්නේ නැත්තේ :D
    නැත්තම් මම මේ වෙනකොට කීදෙනෙක්ට ආදරේ කරාද කියල මටම මතක නැතිවෙන්න තිබ්බා :D

    ReplyDelete
  6. පූසා: ආශාවයි ආදරයයි කියන්නේ දෙකක්. දැක්ක ගමන් ඇතිවෙන ආදරයටයි මං "ආත්මීය බැදීම" කියන්නේ. නැතුව ඔයාට හිතෙන කෑදරේට නෙවෙයි... :P

    ReplyDelete
  7. ඔය තියෙන්නෙ ගෑණු සහ පිරිමි දකින ආදරේ වෙනස නියමෙට... කාන්තාවන්ට නම් සමහර විට පිරිමියෙක් දැක්කම නිකං ෆ්ලෑෂ් බැක් එකක් වගේ පෙර ආත්ම ගාණක එව්ව ටිං ටොං ගාල ඔළුවෙ මැවෙනව වෙන්න පුළුවන්. ඒත් පිරිමින්ට වෙන්නෙනම් ඒක නෙවෙයි ;-) :D

    ReplyDelete
  8. hare : සිරා කතාව :D

    ReplyDelete
  9. මම මෙතන කමෙන්ට් දහයක් විතර ලියල මැකුව

    ආදරය ඇතිවෙන්නෙ කොහොමද... ඒක හරියට විශ්වයේ දිග කොච්චරද වගේ ප්‍රශ්නයක්!

    ReplyDelete
  10. ලස්සන කියන වචනෙට වඩා මම හිතන්නේ සුන්දරත්වය කියන වචනය ගැලපෙනවා. අපිට ලස්සන් නැති උනත් සුන්දර වෙන්න ඕන, අඩුම තරමේ අදහස් වත්. සමහර විට ඔය මොකුත් නැති උනත් සමහරුන්ට ප්‍රශනයක් නෑ. හරියට සල්ලි වගේ... ඒක ආදරයද මන්ද.................

    ReplyDelete
  11. බස්සගෙ පෝස්ටුවෙ තිබ්බ කමෙන්ටුව දිගේ ආවේ.
    දැක්ක ගමන් ඇති වෙන්නේ ආදරය නෙමෙයි.“ආකර්ශණය“ කියලයි මම හිතන්නේ.ඒක ආදරය කියල හිතල ඒ දිගේ යන අය යන්නේ බොහොම වැරදි පාරක. මොකද ආකර්ශණය කියනෙක එකට ජීවත් වීමෙදි එක දිගට තියා ගන්න අමාරු වෙනවා.මොකද අපි ආකර්ශණය වෙන්නේ නිතර දකින්න නොලැබෙන වෙනස් විදිහෙ ගුණාංගයකට හෝ පෙනුමකට.ඒත් ඒක එතට ජීවත් වෙන කොට තව දුරටත් දකින්න නැති දෙයක් වෙන්නෙ නැහැ බොහොම පොදු දෙයක් එදිනෙදා අත්විදින දෙයක් වෙනවා.ආකර්ශණය පලා යනවා.ආදරය නැති වෙනවා.

    ඒත් හඳුනාගෙන කලක් යනකොට ඇති වෙන ආදරය කල් අල්ලල හිටිනවා. මම ආදරය කරපු අය ගැන නම් පලමු දැකිමෙන් දැනුන කිසිම සුවිශේෂි බවක් නැහැ. නමුත් හදුනා ගෙන කල් යද්දි. එයාලගෙ ගතිගුණ වලට මා කෙරෙහි දක්වන හැඟීමට අන්අය කෙරෙහි දක්වන ප්‍රතිචාර වලට එයාලගෙ හැසිරීමට නොදැනීම ආදරය කරන්න වුනා. මගේ කරුමෙක මහත. එයාල ගැන ආදරයක් ඇති වෙද්දිම බාහිර සාධක නිසා දුරස් වෙන්න වුනා. නමුත් ඒ ආදරය අදටත් හිතේ ගැඹුරුම තැනක තැන්පත් වෙලා විටින් විට හිත මතුපිටට එනවා.ඒක ආදරය නෙමෙයි ද?

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...