මම පොඩි කලේ අපේ අම්මා මට අපේ එහා ගෙදර උන්ගේ ළමයි පෙන්නලා කිව්වා අන්න ඒ වගේ හැදෙන්න කියලා. මොකද එතකොට උන් විද්‍යාඥයෝ දොස්තරලා ආකිටෙක්ට්ස්ලා. ඒත් මට උන් වගේ වෙන්න කිසිම උවමනාවත් තිබ්බේ නෑ. අම්මා කියපු එක ඔහේ අහගෙන හිටපු මම මමම වුනා උන් උන්ම වුනා.
අද වෙනකොට අවුරුදු කීපයක්ම ගිහිල්ලා.
උන්ගේ බඳින වයසත් පහුවෙලා. එකෙක් ගේ ගෑණි දාලා ගිහින්, තව එකෙන් බඳීන්නේ නෑලු, අනිත් කෙනාට හොයන එක්කෙන්ක්වත් හරි නෑලු.
දැන් අපේ අම්මා වැරදිලාවත් මට කියන්නේ නෑ උන් වගේ වෙන්න කියලා. අම්මා කියන්නෙ අඩුම ගානේ එහා ගෙදර මනුස්සයෙක්ගේ මූණ බලලා වචනය කතා නොකරන ඔය මහා උගත්තු පොල් පිත්තකින් කපාගන්න පුළුවන් කියලා.
ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.cඔම්/)
හෙහ්..හෙහ්...නියමය්, වචන දාහකින් කියන්න ඕනෙ කතාවක්.....
ReplyDeleteමකනම් සහතිකම ඇත්ත පූෂා..! මරු වචන 100ක්..!
ReplyDeleteනියමයි පූෂ්...
ReplyDelete100න් කියන්න පුලුවන් උපරිමෙන්ම කියල තියෙනවා
නියම කතාව
ReplyDeleteෆට්ට ෆට්ට පූසා.... ඔය වගේ උන් ගැන කතාකරන්න 100ක් වියදම් කරන එකත් පාඩුයි බං....
ReplyDeleteසිරා මචන්
ReplyDeleteලොකු කතාවක් වචන 100 කින්
ReplyDeleteනියමයි පූසෝ, බලාගෙන ගියාම සහතික ඇත්ත කතාවක්.
ReplyDeleteඅල්ලපු ගෙදර ඉන්නෙ හොර බළල්ලු වෙන්ටැති :P මරු
ReplyDeleteසිරාම තමයි! ඔය කතාව පොඩිකාලෙ අහපු නැති එකෙක් ඉන්න බෑ... ඒ වගේම ඔය විධියටම වර්තමානෙදි නොහිතුණ දෙමව්පියෙක් ඉන්නත් බෑ...
ReplyDeleteහැමෝට ස්තූතියි! :)
ReplyDeleteමම මම ම මිස අන් අයකු වී පලක් නෑත . . .
ReplyDeleteජීවිතේ උනාම හැම දේකම balance එකක් තියන්න ඕනෙ
ReplyDeleteනියමයි
ReplyDelete