මං හවසට කොළඹ අහස දිහා බලාගෙන ඉන්නවා. එත් මොකද්දෝ අඩුවක්. වෙලාවකට හිතෙනවා මේ වලාකුලුත් හරියට කොළඹ වගේම අමුතුයි කියල. ගමේ වලාකුළු වලට හැප්පෙන්න දොඩමලු වෙන්න ඕන තරම් කඳු තිබ්බ. එකට මෙහෙ වලාකුළු, මේ වලාකුළු වලට අරමුණක් නෑ. ඔහේ පාවෙනවා විතරයි. ඒවිතරක් නෙමේ ඉරත් එහෙමයි. කොළඹ ඉර දන්නේ නෑ කවදාවත් ගමේදී වගේ වගේ ලස්සනට බැහැල යන්න. ගමේදී ඉර බැහැල යද්දී මුළු අහසම ලස්සන පාටක් ගන්නවා. රත්තරන් පාට ගැහුන ඉර එලිය වෙල්යායට වැටෙනවා. ගමේදී වගේ අහසේ තරු මාත් එක එක්ක කතා කරන්නේ නෑ. මතක් කරන්නෙත් හිතට වද දෙන සිතුවිලි. ගමේදී හඬ එලියට ඔයාට වැටිලා රිදී පාට රටා මවනවා. කොළඹදී හද එළියත් අකිකරුයි.
ලියා එව්වේ - නුවන්තා දිල්හානි
මේ අදහස හරිම අපූරුයි........
ReplyDeleteගමෙන් ආපු අපිට කොළඹ අහසත් එක්ක මුහු වෙන්නම බෑ.
ReplyDeleteඒකාකාරිත්වයට අපි කිසිම කෙනෙක් කැමති නෑ.. කොළඹදි හිතෙයි ගමට ගියානම් කියල
ReplyDeleteගමේදි හිතෙයි කොලඹ හිටියනම් හොදයි කියල.. මේකයි ඇත්ත :)
සහෝධරාගෙ කතාව තමයි හරි. ඔය අප්සෙට් ගතිය කාලයක් ඉද්දි හුරු වෙනවනේ... ඊට පස්සෙ කොහෙත් එකයි. දෙකම හොඳයි දෙකම අප්සෙට්!
ReplyDeleteවචන දෙකයි ..... ගොඩක් ලස්සනයි
ReplyDeleteමගේ පලවෙනි වචන සීයට කමෙන්ට් කරපු ඔයාල හැමෝටම ගොඩක් ස්තුතිය්.
ReplyDeleteනුවන්තා දිල්හානි