Tuesday, July 26, 2011

පොත් ලිස්ට් එක

"ශමාල්, ඉස්කෝලෙන් පුතාගේ පොත් ලිස්ට් එක එවලා......!"

"නෙත්මි, අපි හවසට ගිහින් ගමු, මොනවද ගන්න ඔනේ....?"

"අවුරුදු දෙකක්ම පුතා iPad එක පාවිච්චි කරානේ, අළුත් සොෆ්ට්වේයාර් දැන් ඒකෙ වැඩ කරන්නෙ නෑ. ලිස්ට් එකෙත් තියෙනවා ලේටස්ට්ම එක ගන්න කියලා....."

"වෙන මොනවද...?"

"ඊලඟ අවුරුද්දේ ඔක්කොම පාඩම් පොත් ටික...., ඒවා එන්නේ බ්ලූ-රේ ඩිස්ක් වල, විද්‍යාව, සමාජ අධ්‍යනය, ගණිතය වගේ ඒව ටිකත් ගන්න වෙනවා......!"

"අනික ශමාල්, පුතාට දැන් තියෙන ඩේටා ප්ලෑන් එක අළුත් පන්තියට මදි වෙයි, අප්ග්‍රේඩ් කරන්න වෙනවා. එක්සෑම් ඔක්කොම තියෙන්නෙ ඔන්ලයින්නේ....!"

"හ්ම්ම් නෙත්මි දන්නවද, මම අහලා තියෙනවා අපේ සීයලට පොඩි කාලේ තිබිලා තියෙන්නෙ ගල් ලෑල්ලද මොකක්ද කියලා එකක්ලු, ඒක ඔපෙරේට් කරලා තියෙන්නෙ බැට්රිවත් නැතුවලු....."

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

16 comments:

  1. ඔන්න බලන්න ලංකාවෙ අතීතයෙ උන්න උදවිය කොයි තරම් දියුණුද? සුද්දන්ටත් කලින් තමයි උන් පෑඩ් හැදුවේ.... :D

    ReplyDelete
  2. අපි සුද්දන්ට කලින් හොයා ගත්තු දේවල් ගොඩාක් ඇති.ගල් ලෑල්ලත් එයින් එකක් නෙ ලොල් :ඩී
    ඔයාලගේ බ්ලොග් එක පැත්තෙ මම හැමදාම එනවා.මේ පැත්තෙත් ඇවිත් යන්න
    http://epola.blogspot.com/

    ReplyDelete
  3. හැක් හැක් හැක්....

    හරේ කියන්න වගේ ලංකාව පට්ට දියුණුයි නොවෑ ඉස්සර.... :D

    ReplyDelete
  4. සිරා කතාව දුමී අයියේ

    ReplyDelete
  5. ආයේ ඉතිං රාවාණා රජ්ජුරුවොත් උඩිං ගිය එකේ ඕවා මොනවද...
    මරු කතාව දුමී අයියේ :D

    ReplyDelete
  6. නියමයි......ඕක වෙන්න තව වැඩි කාලයක් යන එකක් නෑ...

    ReplyDelete
  7. ඕකනෙ කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ටැබ් වලට පුරුදු වෙලා Cloud යන්න කියල. වියදමත් අඩුයි. Data plan එකට විතරයි වැඩි වෙන්නෙ වියදම. :D

    ReplyDelete
  8. පට්ටයි... හැබැයි ඉතින් ලංකාවේ තියන බලශක්ති අර්බුධයද මොකක්ද එක නිසා මොනවා ගත්තත් වැඩක් වෙයිද මන්ද ???

    ReplyDelete
  9. තාක්ශනයමේ වගේ හොද දේවල් වලට යොදාගන්නවනම් කොච්චර හොද වෙයිද? නියමම ලිපියක් දුමී අයියා

    ReplyDelete
  10. සිංහල බ්ලොග් කියෝන, ගල්පෑඩ් පාවිච්චි කොරපු අතලොස්සෙන් එකෙක් වෙන්නැති මාත්. ගල්පෑඩ් කිව්වේ ගල්ලෑලි, වෙන මොකවත් හෙම නෙමේ....

    ReplyDelete
  11. අපි ඉස්සර ඉඳලම sPad පාව්ච්චි කලානේ..
    sPad version 1 - වැලි ලැල්ල
    sPad version 1.1 - ගල් ලෑල්ල ....

    ReplyDelete
  12. කෙටි විද්‍යා ප්‍රබන්ධයක් වගේ.
    අපූරුයි.

    ReplyDelete
  13. සිරාම සිරා දුමී අයිය... අනිව ලගදිම මේ තත්වෙ ඇතිවෙයි.. ටැබ් ලගදිම ස්කෝලවලට එයි

    ReplyDelete
  14. උදේ නැගිටිනකොට ඔලුව ඇඳ විට්ටමේ වැදුනද ?

    ReplyDelete
  15. ස්තූතියි ඔක්කොම අදහස් වලට. මේක දැනටමත් යථාර්තයක් වෙලා. ඊලඟ වාරේ ඉඳලා ඩුබායි වල සහර පාසල්වල 8 පන්තියෙන් ඉහල සිසුන්ට "iPad" එක අනිවාර්ය කරලා. සියළුම කොපි පොත් වෙනුවට පාවිච්චි කරන්න ඕනෙ "iPad" එක.

    සමහර දෙමව්පියන් අදහස් දක්වලා තිබුනා,

    1) ළමයි නිතරම් පොත්, පෑන්, පැන්සල් වගේ දේවල් නැති කරගන්නවා. එතකොට "iPad" නැති කරගන්න එකක් නැත්ද ?
    2) ළමයින් මේවගේ භාණ්ඩ පරිස්සම් කරගන්න නොදන්නා කමෙන් බිම වැටීම් වගේ දේවල් උනොත් අවුරුද්දකට "iPad" කීයකට වියඳම් කරන්න වෙයිද ?

    මට නම් මතක් උනේ, ලංකාවෙදි පැන්සලක් පෑනක්, පොතක් ගන්න සල්ලි නැති කමඉන් ඉස්කෝලෙ නොගිහින් ඉන්න දුප්පත් දරුවන්ට "iPad" අනිවාර්ය කලොත් මොකද වෙන්නෙ කියලා.

    ReplyDelete
  16. හ්ම්ම්ම්ම්.......

    ඒකත් ඇත්ත අයියා මාසෙට එක ගානෙවත් අරන් දෙන්න වෙයි ඔය තියන දාංගලේට.......

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...