Friday, July 22, 2011

කෝලය

කියන්න තියෙන දේවල් ලියාගත්ත කොලේ පෙරල ගත්තා.
හරි හරි. ඔක්කොම දැන් කට පාඩම්.
ෆෝන් එක අතට අරගෙන නම්බර ඔබන්න පටන් ගත්තා.
ටීක්... ලබ් ඩබ් ටීක්... ලබ් ඩබ්
අම්මෝ නම්බර 10ක්ම තියෙනවානෙ.
දැන් නම් ඇඟට පනත් නෑ වගේ.
හරි කොළ පාට එකත් එබුවා.
ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ්
අයියෝ මේක වැඩ කරන්නෙ නැද්ද. ආ හරි
බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ් බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ්...
දාඩියත් දාලා. මාර රස්නෙ දවසක්.
දැන් මොකක්ද කියන්නෙ.
බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ්.......
ටීක්.................
අයියෝ. සාර්ථක 15 වෙනි වතාවටත් ගත් කෝලය අසාර්ථක විය.

ප.ලි - දැන් ඉතින් තව කෝලමක් නටන්න වෙයි වගේ.

ලියා එව්වේ - අසුරයා (http://dinukathilanga.wordpress.com/)

2 comments:

  1. මේකේ ටෙම්ප්ලේට් එක සුදු කරන්න බැරිද??

    ReplyDelete
  2. අනේ සුදූ, ඒකනං කෝමටවත් කොරන්න බැහැ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...