Wednesday, July 20, 2011

මම උන් වගේ වුනානම්.......

මම පොඩි කලේ අපේ අම්මා මට අපේ එහා ගෙදර උන්ගේ ළමයි පෙන්නලා කිව්වා අන්න ඒ වගේ හැදෙන්න කියලා. මොකද එතකොට උන් විද්‍යාඥයෝ දොස්තරලා ආකිටෙක්ට්ස්ලා. ඒත් මට උන් වගේ වෙන්න කිසිම උවමනාවත් තිබ්බේ නෑ. අම්මා කියපු එක ඔහේ අහගෙන හිටපු මම මමම වුනා උන් උන්ම වුනා.

අද වෙනකොට අවුරුදු කීපයක්ම ගිහිල්ලා.

උන්ගේ බඳින වයසත් පහුවෙලා. එකෙක් ගේ ගෑණි දාලා ගිහින්, තව එකෙන් බඳීන්නේ නෑලු, අනිත් කෙනාට හොයන එක්කෙන්ක්වත් හරි නෑලු.

දැන් අපේ අම්මා වැරදිලාවත් මට කියන්නේ නෑ උන් වගේ වෙන්න කියලා. අම්මා කියන්නෙ අඩුම ගානේ එහා ගෙදර මනුස්සයෙක්ගේ මූණ බලලා වචනය කතා නොකරන ඔය මහා උගත්තු පොල් පිත්තකින් කපාගන්න පුළුවන් කියලා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.cඔම්/)

14 comments:

  1. හෙහ්..හෙහ්...නියමය්, වචන දාහකින් කියන්න ඕනෙ කතාවක්.....

    ReplyDelete
  2. මකනම් සහතිකම ඇත්ත පූෂා..! මරු වචන 100ක්..!

    ReplyDelete
  3. නියමයි පූෂ්...
    100න් කියන්න පුලුවන් උපරිමෙන්ම කියල තියෙනවා

    ReplyDelete
  4. ෆට්ට ෆට්ට පූසා.... ඔය වගේ උන් ගැන කතාකරන්න 100ක් වියදම් කරන එකත් පාඩුයි බං....

    ReplyDelete
  5. ලොකු කතාවක් වචන 100 කින්

    ReplyDelete
  6. නියමයි පූසෝ, බලාගෙන ගියාම සහතික ඇත්ත කතාවක්.

    ReplyDelete
  7. අල්ලපු ගෙදර ඉන්නෙ හොර බළල්ලු වෙන්ටැති :P මරු

    ReplyDelete
  8. සිරාම තමයි! ඔය කතාව පොඩිකාලෙ අහපු නැති එකෙක් ඉන්න බෑ... ඒ වගේම ඔය විධියටම වර්තමානෙදි නොහිතුණ දෙමව්පියෙක් ඉන්නත් බෑ...

    ReplyDelete
  9. හැමෝට ස්තූතියි! :)

    ReplyDelete
  10. මම මම ම මිස අන් අයකු වී පලක් නෑත . . .

    ReplyDelete
  11. ජීවිතේ උනාම හැම දේකම balance එකක් තියන්න ඕනෙ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...