Friday, July 15, 2011

ඇටෙන්ඩන්ට් ඇන්ටි!

කාන්ති ඇන්ටි පන්සලේ පිංකමට නාපු එකට කුලඟන සමිතියෙ ගෑණු සෙට් එකට පුදුම අමාරුවක්...

පොසොන් පෝය වෙනුවෙන් කුළඟන සමිතියෙන් සංවිධානය වෙන පිංකම ගමේ ඇන්ටිල සෙට් එක මුළු ගමෙන්ම එක දමාගන්න අවස්ථාවක්.

සහභාගි වුණ අය සහභාගි නොවුණ අයව කපල දාන්නෙත් වැඩේ යන අතරෙදි තමයි.

කාන්ති ඇන්ටි පහුගිය සතියෙම ලෙඩෙක් ගාව හිටියෙ. එයාගෙ රස්සාව ‍පෞද්ගලික උපස්ථායිකා. ලොකු ගානක් ගන්න බැරි වුණාට එයා ඒක සෑහෙන්න සතුටින් කරන රස්සාවක්.

ඒ ගැන දන්න නාලිනී ඇන්ටි විතරක් කාන්ති ඇන්ටිගෙ පැත්තට කතා කලා.

ඔහොම කතා කරන්න එපා බං. උඹල මොනවද දන්නෙ. කාන්ති ඉන්නෙ අර පාළම ළඟ ගෙදර ලෙඩා ගාව.

ඒකි කරන්නෙ අපි හැමෝම කරනවටත් වඩා පිං ලැබෙන වැඩක්.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

3 comments:

  1. ඇත්ත කතාව..
    අපේ ගමේ පංසලට තාත්තා මුදලිං හා ශ්‍රමයෙන් කල සේවය කියලා නිම කරන්න බැහැ.. පංසල හැදුවේ ඇත්තටම තාත්තා කිවොත් හරි.. නමුත් පංසල රං කරන්නෙ කුලගන සමිතියේ එවුන් ටික.. දායක සභාවේ, සභාපතිව උන්න අපේ තාත්තා, එක පාරින්ම සභාපති දූරයෙන් අයින් කරලා දාන්න කතා කලෙත් ඔය කුලගන සමිතියෙ ගැනු ටිකමයි..අයින් කරලා දහම්පාසලේ සර් කෙනෙක් සභාපති දූරයට දාගත්තා.. ඒ සර්ම ඇවිල්ලා අනෙ අයියේ ආයේ සභාපති කම බාරගන්න කිවත් අපේ තාත්තා බාරගත්තෙ නැහැ..

    දැන් පංසල ගරා වැටිලා..නමුත් තාත්තයි අපි සතුටිං ඉන්නවා.. :D

    ReplyDelete
  2. ඔය සෙට් එක පන්සල් එන්නේ ගමේ ගොඩේ නිව්ස් ටික දැනගන්නනේ.....

    ReplyDelete
  3. අර්තවත් කතාවක්....
    සමාජයට හොඳ පනිවිඩයක් ....

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...