Wednesday, July 13, 2011

හමුවීම සහ වෙනවීම

මචං බලපන් අපි කට්ටිය කොච්චර කලෙකින්ද අද මේ මුණගැහුනේ. ඉස්කෝලේ යන කාලේ වගේ නෙමෙයි බං දැන්. එක එක උන් එක එක දේවල්වල. උඹලා ඉගෙන ගන්නවා අපි ජොබ් කරනවා. කාටවත් නිවාඩු නෑ. මම දන්නවා මචං මගේ උපන්දිනේ දවසේ මොන වැඩේ තිබ්බත් මම කතා කළොත් උඹලා එන එක එනවා කියලා.

උඹලට කියන්න උඹලව මුණගැහුනු අන්තිම දවසේ ඉඳන් අද වෙනකම් කෙල්ලෝ දෙන්නක් මාත් එක්ක යාළුවෙලා ඉඳලා මට බූට් එක තිබ්බා මචං. මට නම් දැන් කෙල්ලෝ එපා වෙලා ඉන්නේ බං. උන්ට වියදම් කරනවට වඩා හොඳයි උඹලත් එක්ක සෙට් වෙන එක.

උගේ කතාව අහන ගමන් බෝතලේ අඩියේ තිබ්බ අන්තිම පොඩ්ඩත් අපි කට්ටිය වීදුරු වලට දාගත්තා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

2 comments:

  1. අපි තාම ඉස්කෝලෙ යනව.. හැබැයි දවස් දෙකකට කලින් මටත් එකෙක් ‍ඔහොම කිව්ව.. : )

    ReplyDelete
  2. උඹ ඊයෙ අපිටත් නොකියා සෙට් වෙලානේද පුවෝ :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...